අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙළෙඳ ඇමති බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ගත්තෙ ජා ඇල කූල් රූම් හිමි ඥාති වරිගය සනසන්න…

ඔහු මේ හදන්නෙ රටක් විනාශ කරන්න... බිත්තර නිශ්පාදකයෝ චෝදනා කරති!

by editor
ජනවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කෘෂිකර්ම ඇමතිවරයා, පශු සම්පත් ඇමතිවරයා එරෙහි වෙද්දී රටින් බිත්තර ගෙන්වීම සඳහා වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු විසින් තනිව මැදිහත් වී ලබා ගත් කැබිනට් අනුමැතිය ඇත්තේ ඔහුගේ කූල් රූම් සහිත ජා ඇල ඥාතීන් සන්තර්පනය කිරීම පමණක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක යලිත් අවධාරණය කරයි.

ඇමතිවරයා සිය ඥාති සංග්‍රහය කරනුයේ වයඹ පළාත අතුළු මේ රටේ සමස්ථ කුකුළු ගොවිපල කර්මාන්තයම බිල්ලට තබා කුරුළු උණ අනතුරත් රටට විවෘත කරමින් බව සභාපතිවරයා පවසයි.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ මැදිහත් වීමෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙමින් වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවීමත් සමග සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය මෙම ප්‍රකාශය සිදු කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මෙසේ ද පැවසුවේය.

අපි කිව්වා මේ ජනවාරි අන්තිම වෙනකොට රුපියල් 45 දක්වා බිත්තරය පහළ යනවා කියලා. මේ විශාල මිල වැඩිවීම් මවා පෑමක්.  අපිටත් තේරෙන්නෙ නෑ ඇයි මේතරම් මිල ඉහළ යන්නෙ කියලා.  තවමත් මේ රටේ සියයට 25ක් 30ක් රුපියල් 55ට අඩුවෙන් බිත්තර විකුණනවා. හෙට සිට සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම රුපියල් 53 ගානෙ බිත්තර ලබා දෙන්න අපි වැඩපිලිවෙළක් හදලා තිබුනෙ. ඒ අයට රුපියල් 55 ගානෙ ජනතාවට විකුණන්න.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ විදිහෙ වැඩපිළිවෙළක් කෘෂිකර්ම ඇමතිවරයාගේත් උපදෙස් මත සිදුවෙමින් තිබුණා. ඒ අතරෙයි මේ කැබිනට් අනුමැතිය ලැබෙන්නෙ.

දෙයියන්ගෙ පිහිටෙන් මේ රටේ කුරුළු උණ නෑ. නමුත් ඉන්දියාවෙ හැම තැනම කුරුළු උණ. අපට ලේයර් කිකිළි පැටියෙක් ගෙන්න ගන්න පුලුවන් බ්‍රසීලයෙන් ප්‍රංශයෙන් විතරයි. එහෙම තියාගෙන මේ අය බිත්තර ගෙන්වන රට ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයයි. මේ ගේන්නෙ ඉන්දියාවෙන් නම් රට බරපතල අනතුරකට යළි විවෘත වෙනවා. ඒ අනතුරට රට විවෘත උනොත් ඒ වගකීම සම්පූර්ණයෙන් වෙළඳ ඇමති ගත යුතුයි.

අනිත් එක මේ බිත්තර ගේන්නෙ උත්සව සමය පහුවෙලා . වැටිලා තිබුණු ග්‍රාමීය ගොවීන්ගෙ කර්මාන්තය යළි ගොඩ නැගෙන කාලෙදි. දැන් බොහෝ ගොවීන්ගෙ පැටවුන්ට මාස එක හමාරයි. දෙකයි. පැටවු 1000ක් හදන්න ලක්ෂ විස්සක් විතර වියදම් කළ මනුස්සයෙක්ගෙ නිශ්පාදනය වෙළෙඳපලට එන කාලෙදි මේ විදිහට බිත්තර ගෙනාවම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. දහයියා ටික, හාල් කුඩු ටික, ඉඳලා වයඹ ගොඩාක් මිනිස්සුන්ගෙ ව්‍යාපාර නැතිවෙලා පාරට වට්ටන තීන්දුව තමයි වෙළෙද ඇමතිට අද කැබිනට් එකෙන් ලැබුණෙ.

මේ රටට මොනවා හෝ කර්මාන්තයක් අවශ්‍ය කාලයක්.  එහෙම තියෙද්දියි මේ මිනිස්සු රටට මේ විනාශය කරන්නෙ.  මෙතනින් පස්සේ රටේ සුළු පරිමාණ නෙමෙයි මධ්‍ය පරිමාණ නිශ්පාදකයෙකුටවත් ඉන්න වෙන්නෙ නෑ. මහා පරිමාණ බිත්තර නිශ්පාදකයො කීප දෙනෙක් ඉතිරි වේවි. ප්‍රතිඵලය එයයි.

යළිත් කියනවා… උත්සව අවස්ථාව පන්නලා ගේන මේ බිත්තර යන්නෙ ජා ඇල ඉන්න ඇමතිගෙ ඥාතීන්ගෙ කූල් රූම්වලට. මේ ඇමතිගෙ වටේ තමයි කූල් රූම් කාරයො ටික ඉන්නෙ.

මේ බිත්තර ගෙන්නලා මෙයාලා වැඩි ප්‍රමාණයක් කූල් රූම්වල දාගෙන අවුරුදු වෙනකම් ඉන්නවා. බිත්තර ගේන්නෙ නෑ. ස්ටොක් කරන් ඉඳලා සීසන් එක එද්දි මෙයාලම ගණන් වැඩි කරනවා. මේ වෙළෙඳ ඇමතිට  රටේ සල්ලි කාබානිසිය කරලා බිත්තර ගෙන්වීමේ අතීත අත්දැකීම් තියනවා. ඔහු  සතොස සභාපති ඉන්න කාලෙදි   සතොස හරහා මේ වැඩේ කරලා රටට විශාල පාඩුවක් කළා.

ඔහුම යළි මේ බිත්තර කෙළිය අලුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නෙ අවුරුදු 10කට පස්සෙ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් – භූමිතෙල් මිල අඩුවෙයි!

Next Post

රාජකාරී වෙලාව තුළ ජංගම දුරකථනයේ ඉන්න රාජ්‍ය සේවකයන්ට අනතුරු ඇඟවීමක් !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.