අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 15කින් සහ භූමිතෙල් මිල රුපියල් 10කින් අඩු කරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405කි. පැවති මිල රුපියල් 420කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 355කි. පැවති මිල 365කි.







