රුසියාවේ සහ එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවි,ජීව අත්බෝමිබ හා වෙඩි නොවදින ඇඳුම් සමඟ අපරාධයකට සැරසුනු පුද්ගලයකු ඊයේ (13) වැල්ලවායේදී අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී ඇත.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර, 01 කණුව, වැල්ලවාය ප්රදේශයේ දී මෙම වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්ර නොමැතිව එංගලන්තයේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක්, රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතරොම් යෙදිය හැකි තුවක්කු 01 ක් සමග බෝර 12 පතරොම් 22 ක්, M75 සහ K400 වර්ගයේ ජීව අත්බෝම්බ 02 ක්, විදුලිමය ඩෙටනේටර් 09, තහනම් පිහියක් හා වෙඩි නොවදින ප්ලේට් එකක් සහිත පපු ආවරණ 01 ක් සන්තකයේ තබාගෙන යම් අපරාදයක් සදහා අර අදිමින් සිටි ඔක්කම්පිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලවාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.