බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය සමිති සහ අප අතර කිසිම ගැටුමක් නෑ… පරණ ඇඳුම් ඉවත දමන්න… වාඛ්‍යවල එල්ලී ලූනු බිකක් ඉල්ලා සටන් කරන කාලය අවසන් කරන්න… ජනපති වෘත්තීය සමිතිවලින් ඉල්ලයි!

by editor
මැයි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • එළියේ තියෙන්නේ සුන්බුන් ගොඩක් පමණයි… අභියෝගය ඇත්තේ අප තුළමයි… අලුත් තත්ත්වයන්ට අනුරූපී වීමට අසමත් වූ තැන් ගැන අවබෝධ කරගනිමු… ජනපති කියයි!

රට තුළ ඇති එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත් ඉන් එපිට ඇත්තේ සුන්බුන් ගොඩක එකතුවක් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු අවධාරණය කළේ ආණ්ඩුවට අභියෝගය ඇත්තේ ජාතික ජන බලවේගය තුළම මිස ඉන් පිටත නොවන බවය. එම අභියෝගය මතින් පියමං කිරීම සඳහා තමන් තුළම තිබෙන ප්‍රතිවිරෝධතා, නොගැළපීම් සහ අලුත් තත්ත්වයන්ට අනුව අනුරූපි වීමට අසමත් වීම් පිළිබඳ තත්ත්වයන් අවබෝධ කරගැනීමේ වගකීම දැන් ජාතික ජන බලවේගයට ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති මැයි දින රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි දීර්ඝ කාලයක් මැයි දිනය සමරා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අපේ අපේක්ෂාව බවට පත් වුණේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීමයි. අද අප පළමු වතාවට බලය අත්පත් කර ගෙන මේ රට ගොඩනැඟීම සඳහා ජනතාව පෙළ ගස්වන මහා රැලිය පවත්වනවා.

අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජනබලවේගය පමණයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව අපි සියලුදෙනා තේරුම් ගත යුතුයි. අන් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවෙයි. ඒවා සුන්බුන් ගොඩක්. එහෙත් තැනින් තැන හඬවල් ඇසෙනවා. දීර්ඝ කාලයක් ඔවුන් විසින් බලය හොබවනු ලැබුවා. එතැනින් නොනැවති තම පරම්පරාව වෙනුවෙන් බල සිතියම එළා තිබුණා. ඔවුන්ගේ පරම්පරා අතේ බලය රඳවා ගනිමින් පොදු ජනයා පීඩාවට අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යාමට හැකි වනු ඇතැ’යි ඔවුන් සිතුවා. එහෙත් පසුගිය සැප්තැම්බර් 21 වන දා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගනු ලැබුවා. පරම්පරා ගණනාවක් ඉදිරියට එළා තිබූ බල සිතියම මුළුමනින්ම හකුළා පොදු ජනතාව අතට බලය මාරු කිරීමට මේ ජනතාව සමත් වුණා. එම බලය අහිමි වීමේ සහ අපේක්ෂාභංගත්වයේ අඳෝනාව අද අපට අහන්න ලැබෙනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඒ වගේම තමන් බලය හොබ වන විට මහජනතාවගේ ධනය නාස්ති කරමින් අතිවරප්‍රසාද සහිත ජීවිතයක් ගත කළා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගත කළා. පොදු ජනයාට ඉහළින් මහා බල පරාක්‍රමයක් යොදා ගෙන බලය හෙබ වූවා. එහෙත් අද පොදු නීතියට යටත් වී තිබෙන අතර වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නිතිය සමානව ක්‍රියාත්මක වී තිබෙනවා. එබැවින් ඔවුන්ට දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා වේදනාවේ අඳෝනාව ඇති වී තිබෙනවා.

තවත් පැත්තකින් වංචා සහ දූෂණ සිදු කළ ප්‍රමාණය ඔවුන් අපට වඩා හොඳින් දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා අපි කවුද කියලා. ඔවුන් ඔවුන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්නා තරමට අපිව හඳුනනවා. ඒ නිසා භීතියේ අඳෝනාව තිබෙනවා. ඒ නිසා අද දේශපාලනයේ අනෙක් පස තිබෙන්නේ අපේක්ෂාභංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමී වීමේ අඳෝනාව සහ භීතියේ තැති ගැන්මයි. ඒ නිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. දෘෂ්ටිවාදයක් සහ සංවිධාන ශක්තියක් නැහැ. කරන්නේ කුමක්ද කියා නොදැන එහෙ මෙහෙ විසිරුණු කොටස්වල එකතුවක් පමණයි තිබෙන්නේ.

ඒ නිසා තවදුරටත් අපෙන් එළියේ අපට අභියෝගයක් නැහැ. අපෙන් එළියේ තිබෙන්නේ සුන්බුන් ගොඩක එකතුවක් මිස අභියෝගයක් නොවෙයි. එසේ නම් අභියෝගය තිබෙන්නේ අපට අප තුළමයි. එම අභියෝගය මතින් පියමං කිරීම සඳහා අපි අප තුළම තිබෙන ප්‍රතිවිරෝධතා, නොගැළපීම් සහ අලුත් තත්ත්වයන්ට අනුව අනුරූපි වීමට අසමත් වීම් පිළිබඳ තත්ත්වයන් අවබෝධ කර ගත යුතුයි.

වසර හැට පහක් පුරා එකම අරමුණකට කැප වීමේ උරුමය අපට තිබෙනවා. එවන් ව්‍යාපාරයක් තමයි අද මෙතැනට එක් රැස් වී තිබෙන්නේ. අතිශය පරාජයන් සහ අභියෝගයන් මැද සමීපතමයන් අතහැර යාම පමණක් නොව එරෙහි වෙමින් ව්‍යාපාර ගොඩනැඟීම් මැද පවා අත්නොහැර සිටි අරමුණක් අපට තිබෙනවා. ඒ නිසා අපි අරමුණක් වෙනුවෙන් උරුමය කර තබා ගෙන යන කණ්ඩායමක්. ඇතැම් විට අපි පුරුද්දේ බලයට වැඩ කළා. ඈත ඉලක්ක, සමීප අභියෝග, අප ඉදිරියේ ඉතා ව්‍යාකූල තතත්වයන් හමුවේ අපි වැඩ කළා. ඇතැම් විට පුරුද්දේ බලය විසින් අපිව වැඩ කිරීමට පොළඹ වනු ලැබුවා. දැන් ඒ සියල්ල පසු කර පසුගිය සැප්තැම්බර් 21 වන දා අපේ අතට බලය ලබා ගැනිමට අපි සමත් වුණා. දැන් තවදුරටත් අපට තිබෙන්නේ පුරුද්දේ බලය නොවෙයි, විශ්වාසයේ බලයයි.

මේ රට ගොඩනැඟිය හැකියි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි සහ පොදු ජනතාව එකම අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථානුකූලව පැවරෙන බලය ඉක්මවා යන, පාර්ලිමේන්තුවෙන් අපට ලැබී තිබෙන බලය ඉක්මවා යන, විශ්වාසයේ බලය අප සතුව තිබෙනවා.

වසර 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීමේ ඉලක්කය අතික්‍රමණය කළා නම් මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමත් සහතික වශයෙන්ම ඉටු කරනවා කියන විශ්වාසයේ බලය සමඟ තමයි අප මීට අවතීර්ණ වී තිබෙන්නේ. ඒ නිසා අපි විශාල විශ්වාසයකින් යුතුව මේ කාර්යයට උර දී තිබෙනවා.

අප හමුවේ තිබෙන යථාර්ථයේ ස්වභාවය අපි අවබෝධ කර ගත යුතුයි. අප හමුවේ තිබෙන්නේ ඉතා කටුක යථාර්ථයක්. පතුලටම කඩා වැටුණු ආර්ථිකය, ඒ වගේම අනෙකා පිළිබඳ සහකම්පනය බිඳ වැටුණු සමාජය, නීතිය එක එක අයට අවශ්‍ය ආකාරයෙන් මෙහෙයවමින් තිබූ සමාජයක්, බිඳ වැටුණු ආයතන පද්ධති, සමාජ වගකීම් පිළිබඳව සෑම පුරවැසියා තුළම අපේක්ෂාභංගත්වයක් ඇති වූ සමාජයක් අපේ රටේ පැවතුණා. අප ඉදිරියේ තිබෙන කටුක යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. එහෙත් සමාජ යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අපි පොර බදනවා. එය අත නොහරින පොරබැදීමක් වෙනවා. එහෙත් අපි දන්නවා එය විධිමත්ව වියන්නට අවශ්‍ය වියමනක්. සමාජ යුක්තිය නිර්මාණය කිරීම සහ සමාජ සාධාරණත්වය නිර්මාණය කිරීම රාත්‍රියකින්, දෙකකින් කළ හැකි දෙයක් නොවෙයි. එහෙත් මේ සමාජ සාධාරණත්වය සහ සමාජ යුක්තිය වෙනුවෙන් අප ඉතාමත් විධිමත් වියමනයක් වියනවා.

වසර 76ක් විනාශයේ පතුලමට ඇද දමා මාස හයෙන් ප්‍රතිඵල අපේක්ෂා නොකළ යුතුයි. අතිශය කටුක යථාර්ථය අප තේරුම්ගෙන තිබෙනවා. වඩා සුබවාදී අනාගතයක් නිර්මාණය කිරීම ඉතා සැලසුම්සහගත වියමනක්. අප එම වියමන ඉතාමත් ශක්තිමත්ව නැවත නැවත සමාලෝචනය කරමින් සාර්ථකව වියන බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. කටුක යථාර්ථය අලුත් මාවතක් දක්වා පරිවර්තනය කිරීමේදී කෙටි මාර්ග නැහැ. මෙය ඉතා විධිමත් සැලසුම් සහගත ව්‍යායාමයක්. ජාතික ජනබලවේගයේ අපි ජනතාවගේ අපේක්ෂා සහ ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයේ බර හොඳින් අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් විධිමත්ව සැලසුම් සහගතව මෙම විනාශකාරී සමාජය ඉතා තියුණු සාමජ ආකල්පවලින් සහ ආර්ථිකයකින් හෙබි සමාජයක් බවට පරිවර්තනය කිරිම සඳහා වූ ගමන ආරම්භ කර තිබෙනවා.

අපට තිබුණේ අත්තිවාරමක් නැති රටක්. කුඹ ගහ කැඩුණු නෞකාවක් වගේ පාවි පාවි තිබු රටක්. ඉලක්කයක් සහ අරමුණක් නැති රටක් සහ සමාජයක්. අප මෙය විධිමත්ව වෙනස් කිරීමට නම් පළමුව ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා ගෙවුණු කාලය ඇතුළත මෙම ශක්තිමත් අත්තිවාරම නිර්මාණය කිරීම සඳහා උපරිම ප්‍රයත්න දරමින් තිබෙනවා.

මෙම අත්තිවාරමේ ප්‍රධාන කුලුනු අතර පළමුවැන්න අදූෂිත දේශපාලනයයි. වසර 76කට පසු අද ලංකාවේ අදූෂිත දේශපාලනයක් බිහි වී තිබෙනවා. මහජනතාවගේ රුපියලක් සොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති දේශපාලනයක් බිහි වී තිබෙනවා. ඒ වගේම මෙම ශක්තිමත් අත්තිවාරම වෙනුවෙන් අපට ජාතික සමගිය අවශ්‍යයි. පසුගිය මහ මැතිවරණයේදී අපටත් වඩා ඉදිරියට පැමිණ ජනතාව එම පියවර තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා අපටත් වඩා ඉදිරි පියවරක් තැබුවා. අපි උතුර සහ නැගෙනහිර සමඟ දේශපාලන කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. අපේ සන්නිවේදනය ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවයි.

එහෙත් එම ජනතාව උතුරේ පාරම්පරික දේශපාලන ව්‍යාපාර සහ නායකයන් ප්‍රතික්ෂේප කර අප කෙරෙහි විශ්වාසය තැබීමෙන් පෙන්නුම් කරන්නේ ජාතික සමගියේ අවශ්‍යතාවයි. අපි එම ජනතාවට කිසිසේත් ආපසු හැරීමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ සංස්කෘතිකයේ, භාෂාවේ සහ පාරම්පරික ඉඩම්වල අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ට මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිවාසිකම අපි තහවුරු කරනවා. එය රට ගොඩනැගීමේ දෙවැනි කුලුනයි.

ඒ වගේම අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටප වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවය පුරා උඩු දුවා තිබෙන නොසැලකිලිමත්භාවය සහ අකාර්යක්ෂමතාව ඉවත් කිරීම සඳහා ජාතික ජනබලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.

නීතියේ විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක විමේ දේශපාලන පරිවර්තනයක් ලංකාවේ පළමු වතාවට සිදුව තිබෙනවා. එහෙත් පැරණි රට කියා හිතාගෙන එක එක අය විවිධ කතන්දර කියන්න පටන් ගෙන තිබෙනවා.

මේක අලුත් රටක්. නීතියට හැම කෙනාම යටයි. නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි. කවුරු හරි හිතා ගෙන හිටියා නම් නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පහළ පන්තියේ මිනිසුන්ට පමණක් ක්‍රියාත්මක වන ආයතන කියා, ඒ පැරණි යුගයයි. අපි නව යුගයක් නිර්මාණය කර තිබෙනවා. නීතිය හැම කෙනාටම සමාන රටක් අපි නිර්මාණය කර තිබෙනවා.

එපමණක් නෙවෙයි ඒ නව පරිවර්තනය නීති මගින් ආයතන ශක්තිමත් කිරීමෙන් පමණක් නොව, ප්‍රායෝගිකවත් අපි ඔප්පු කරනවා. අපරාධ දූෂණ සිදු කළ කාලය කවදා වුවද දඬුවම් ලැබෙනවා යන සංඥාව ලබා දෙන ආණ්ඩුවක් ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනඟා තිබෙනවා. නීතිය ඉදිරියේ සියලුදෙනා බිය විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. එය තමයි සමාජයක් ගොඩනැඟීමට තිබෙන මාවත. අප එම මාවත ගොඩනඟා තිබෙනවා.

ඒ වගේම අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ කළු රටක් ලෙස පරිවර්තනය වී තිබුණා. අපි ඉතාමත් ශක්තිමත් ලෙස ක්‍රමානුකූලව පියවරෙන් පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට භාජනය වෙනවා. ජාත්‍යන්තරය ඉදිරියේ සෘජුව අපේ ස්වෛරීභාවය සහ රට ප්‍රමුඛ කර කටයුතු කළ හැකි ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ඒ නිසා තමයි ජපන් රජය, චීන රජය නතර කළ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවේ. අපි ඉතාමත් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතා අත්තිවාරමක් දමා තිබෙනවා.

මේ ශක්තිමත් අත්තිවාරම මත අප ඉතාමත් ශක්තිමත් ගොඩනැඟිල්ලක් ඉදිකරනවා.එහි සමානාත්මතාව, යුක්තිය පිළිබඳ පණිවිඩය, සමාජ සහකම්පනය, සමාජයේ බැඳීම, එකිනෙකාට ගෞරව කිරීම, අත්පත් කර ගන්නා ආර්ථික සමෘද්ධිය, පිරිසිදු රටක්, පරිසර පද්ධතිය රැක ගත යුතු ලෙස සලකන සමාජයක්, ගෙදර ඇති කරන සුරතලාට පවා ආදරය ළෙංගතුකම ලබා දෙන සමාජයක් තිබෙනවා. එවන් සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි.

දේශපාලන අධිකාරය ලෙස අපට විශාල කාර්‍යභාරයක් තිබෙනවා. අපි අපේ කාර්‍යභාරය හඳුනා ගෙන තිබෙනවා. අපේ සීමා මායිම් හඳුනා ගෙන තිබෙනවා. හැකියාවන් හා දුබලතාවයන් හඳුනා ගෙන තිබෙනවා. අපට නොහැකි දේ හැකි අයගෙන් අපි උකහා ගන්නවා. ඒ අනුව වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් අපි කැප වෙනවා. මේ අත්තිවාරම මත ගොඩනැඟිල්ල හදන්න නම් ඉතාමත් හොඳ දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයයි. එම දේශපාලන පරිවර්තනයට අපි නායකත්වය දෙනවා. අපි එය ඉටු කරනවා.

ඒ වගේම අපේ කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරනවා, ඔබ ආයෝජනය කරන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම ගැටලු අපට කියන්න. සියල්ල අපි ලබා දෙන්නම්. කොළඹ නගරයේ අපි සැලසුම් සකස් කර තිබෙනවා. වාණිජ වශයෙන් වටිනාකම් තිබෙන හිස් බිම්, මුඩු බිම් කිසිවක් අපේ පළමු කාලය තුළ ඉතිරි වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවනවා.

ඒ වගේම අපේ රටේ වගා බිම් නැවත අස්වැද්දීමට ගොවිජන ව්‍යාපාරවලට, විශාල කාර්‍යභාරයක් තිබෙනවා. මෙරට වගා බිම් නැවත අස්වද්දන්න පටන් ගන්න. පුරන් කුඹුරු, පුරන් ඉඩම් එක අඟලක් අපේ රටේ ඉතිරි නොවන ආකාරයට නව ගොවිජන පරිවර්තනයක් අපේ රටේ නිර්මාණය කිරීමට අප අපේක්ෂා කරනවා. අපි පොහොර සහනාධාරය වැඩි කරනවා. ගුණාත්මක බීජ ලබා දීමට කටයුතු කරනවා. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යෙදීමට කටයුතු කරනවා. ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරනවා. මේ රට අස්වද්දන්න පටන් ගන්න. මේ රට ගොඩනැඟීමට ගොවි ජනතාව වන ඔබගේ සහාය අවශ්‍යයි. ඒ වගේම ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ මාළු අස්වැන්න නෙළන ජනතාවට රජයක් ලෙස අපේ පාර්ශ්වයෙන් උපරිම සහාය ලබා දෙන්නම්. ඔබ අපේ රට ගොඩනැඟීම සඳහා සහාය ලබා දෙන්න.

විශේෂයෙන්ම අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ආකල්ප අත් හැරිය යුතුයි. ලූනු බිකක් ඉල්ලා සටන් කරන කාලය අවසන් කරන්න. ලූනු බිකටත් පොර බදන කාලය අවසන් කරන්න. සියල්ල අත් හරින දේශපාලන අධිකාරයක් පැමිණ තිබෙනවා. පනත්වලින්, ගැසට්වලින්, රෙගුලාසිවලින් ලබා දී තිබෙන බොහෝ දේ අප අත් හරිනවා. අප ඔබ සමඟ වැඩ කර තිබෙනවා. ඔබේ අපේක්ෂාවන් අපි දන්නවා. එසේ නොදන්නවා නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ නෑ. ඔබගේ හීන් කෙඳිරියක්වත් නැතුව මූලික වැටුප, ආපදා දීමනා වැඩි කළා. ආපදා ණය වැඩි කළා. ඔබගේ කිසිදු ඉල්ලීමකින් තොරව වැටුප් වර්ධක ඉහළ දැමුවා. ඔබට ලබා දෙන අති කාල දීමනාව වැඩි කළා. එහෙත් පුංචි වාක්‍යයක එල්ලී සටන් කරන්න සූදානම් වෙන්න එපා. එය යුක්තිසහගත නැහැ.

අද පැමිණ තිබෙන්නේ රට ගොඩනැඟීම සඳහා මැදිහත් වන රට ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක්. එහිදී අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙනවා. අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. මේ රට ගොඩනැඟීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. අද ඉන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා හැකියාව, ධාරිතාව ඇති කණ්ඩායම් ලබා ගත යුතුයි කියන විශ්වාසය තිබෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම තමන්ගේ උසස්වීම, තමන්ගේ අනාගතය දේශපාලනය මත නොව තමන්ගේ හැකියාව හා දක්ෂතාව මත ලබා දිය යුතු බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්.

අද රට පාලනය කරන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හෘද ස්පන්දනය හඳුනන, ඔවුන් සමඟ එක්ව වැඩ කළ, ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් සටන් කළ, හඬ නැඟූ දේශපාලන ව්‍යාපාරයක්. අප අතර තිබිය යුතු ප්‍රතිවිරෝධතාව කුමක්ද? කිසිදු ගැටුමක් තිබෙන්නට හැකියාවක් නැහැ. මේ රට ගොඩනැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට සඳහා අප සමඟ එක් වන ලෙස අපි සියලු වෘත්තීය සමිති ව්‍යාපාරයට ආරාධනා කරනවා. අපේ තරුණ ව්‍යාපාරයට විශාල කාර්යභාරයක් තිබෙනවා. තරුණයන්ගේ අනාගතය පිළිබඳව ඔවුන් හමුවේ පැවතියේ ඉතාමත් අහිතකර චිත්‍රයක්. බිඳ වැටුණ සිහිනයක්. එහෙත් නැවතත් සිහින දකින තාරුණ්‍යයක් අපි නිර්මාණය කරනවා.

ඔබට පැවරී ඇති වැඩ කොටස ඉටු කිරීමට සූදානම් වන්න. ජනතාව,කලාකරුවන්, සාහිත්‍යධරයන්, ධීවරයන්, ගොවි ජනතාව, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, දේශපාලනඥයන් ලෙස අපි සියලුදෙනා එක්ව ප්‍රයත්නයක් දරමු. පොරබදමු. අපේ පරම්පරාවට වඩා අපේ අනාගත පරම්පරාවට හොඳ රටක් අපි ගොඩනඟමු. අද ඇකයේ නැළවෙන දරුවාට හොඳ රටක් නිර්මාණය කරමු. සුළැඟිල්ලේ එල්ලී ළඳරු පාසැල් යන දරුවාට හොඳ රටක් නිර්මාණය කරමු. අපි මේ රට, මේ බලය අත්පත් කර ගෙන තිබෙන්නේ ඒ වෙනුවෙනුයි.

ඒ නිසා මම ඉතා වගකීමෙන් සහ විශ්වාසයෙන් කියනවා එළියේ ඉන්නේ වැල්-බයිලාකාරයෝ. දේශපාලනය තිබෙන්නේ අපි ගාවයි. අභියෝගය තිබෙන්නේ අපි ගාවයි. එළියේ අභියෝග නැහැ.

ගම්වල ලක්ෂ ගණනාවක් ජනතාව අද මෙතැනට එක් වී සිටිනවා. යාළුවා ගිහින් ගම අල්ලලාද දන්නේ නෑ, කට්ටිය ගෝල්ෆේස් ආවම ගම අල්ලනවලු. වැල්-බයිලානේ. ඒ දේශපාලනයද? දේශපාලන ව්‍යාපාර අවසන්. දේශපාලන දෘෂ්ටිවාද අවසන්. ආතක් පාතක් නෑ. මහා වියවුලකට පත් වී තිබෙනවා. එක් වෙලාවක දකුණු අතින් ලියන එක නෙවෙයි මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. මේ වේදිකාවේ කියන එක නෙවෙයි අනිත් වේදිකාවේ කියන්නේ. විශාල අවුල් ජාලයකට පත් වී තිබෙනවා.

ඒ නිසා එළියේ අභියෝගය අවසන්. දැන් අපි කරන්න අවශ්‍ය කුමක්ද? තව තවත් ශක්තිමත්ව, ජනතාව තව තවත් ඉදිරියට ගෙන යමින් මේ රාජ්‍යය ඉතාමත් හොඳ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ගමන යමු. එය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට, මේ රටට හොඳ අනාගතයක් අත්පත් කර දීමට, අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අලුත් පියවරක් අලුත් ගැම්මකින් අපි ඒ ගමන ආරම්භ කරමු.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද මේ ගාලුමුවදොර පිටියට එක් රැස් වී පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ අභියෝගය භාර ගැනීමට සූදානම් කියන පණිවිඩයයි. මේ රට ගොඩනඟන්න සූදානම් කියන පණිවිඩයයි. ඒ සඳහා විශ්වාසවන්තම ව්‍යාපාරය ජාතික ජනබලවේගය කියන පණිවිඩයයි. රටේ අනාගතය සුබදායි කියන පණිවිඩයයි. ඒ රටටත් ලෝකෙටත් අර වැල්-බයිලා කණ්ඩායමටත් ලබා දෙන පණිවිඩයයි.

අලුත් පිම්මක් අපි ගත යුතුයි. ඒ අලුත් පිම්ම මැයි 06 වෙනි දා ගත හැකියි. ජනාධිපතිවරයා, කැබිනෙට් මණ්ඩලය, පාර්ලිමේන්තුව හා ප්‍රාදේශීය සභාව එක තැනකින් තිබීමට අවශ්‍යයයි. එක පෙළ ගැස්මක තිබිය යුතුයි. මේ රට ගොඩනැගීමට නම් දේශපාලන අධිකාරිය එක තැනකට පැමිණිය යුතුයි. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ජාතික ජනබලවේගය සතුයි. එසේ නම් ප්‍රාදේශීය සභා සහ නගර සභාත් ජාතික ජනබලවේගය සතු විය යුතුයි. ඒ හා බැඳුණු ජනතාව එකට සිටිය යුතුයි. මේ සියලු ධාරාවන් එකට පෙළ ගැස්විය යුතුයි. ආණ්ඩුව වගේම ප්‍රාදේශීය සභාවත් සොරකම් නොකරන එකක් විය යුතුයි. එවිට මහා ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශීය සභාවත් වැඩ කරනවා. ඒ සඳහා හොඳ ජනවරමක් ලබා දෙන්න.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිල වැඩි කිරීමේ ආණ්ඩුවේ සැලසුම ගැන සජිත් කියයි!

Next Post

මහින්දගේ විජයරාම නිල නිවසේ අලුත්වැඩියාට යෙදවූ කෝටි 120කින් කෝටි 56ක් ගහගෙන… විගණනය කියන කතාවක්!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.