සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල වැඩි කිරීමේ ආණ්ඩුවේ සැලසුම ගැන සජිත් කියයි!

by editor
මැයි 1, 2025
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

ජනතාවට සමෘද්ධිය ලඟා කිරිමටත් ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (01) සිය කලකිරීම පළ කළේය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කරන්නේ අද තලවාකැලේ නාගරික ක්‍රීඩාංගනයේ දී සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි.

එහිදී විපක්ෂ නායක ප්‍රේමදාස පෙන්වා දුන්නේ විදුලි බිල්පත් අඩු කරන බවට පොරොන්දු වුවද, මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විදුලි බල වැඩි කිරීමට සැලසුම් කරමින් සටින බවය. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මගින් දීර්ඝ අරමුදල් පහසුකම් සඳහා විදුලි බිල්පත් ඉහළ නැංවීමට එකඟ වී ඇති ආකාරය විපක්ෂ නායකවරයා අද හෙළි කළේය.

“රු. 9,000 ක බිල්පත් රුපියල් 6,000 දක්වා අඩු කරන බවත්, රු. 3,000 ක බිල්පත් රුපියල් 2,000 දක්වා අඩු කරන බවත් පවසමින් අනුර කුමාර දිසානායක මහතා විදුලි බිල්පත් 33% කින් අඩු කරන බවට පොරොන්දු වුනා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම බොරු පොරොන්දු දෙන්නේ මන්දැයි අපි අහනවා,” ප්‍රේමදාස පැවසීය.

පොරොන්දු වූ පරිදි වරාය මිලට ඉන්ධන ලබා දීමට අපොහොසත් වීම සහ සහල්, පොල් සහ කිරිපිටි මිල ගණන් අහස උසට ඉහළ යාම සම්බන්ධයෙන් ද ඔහු රජය විවේචනය කළේය. “රජයට ජනතාවට ලුණු දෙන්නවත් බැහැ. මේක ලැජ්ජා සහගතයි,” ඔහු තවදුරටත් පැවසීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

රටේ පිරිහෙන නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය ගැන ද සජිත් ප්‍රේමදාස කතා කළේය. මිනීමරුවන්, පාතාල කල්ලි සහ මැරයන් නීතිය අතට ගනිමින් සිටින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. “ඔවුන් ගෙවල්වල, නිදන කාමරවල, මිදුල්වල, වීදිවල, සේවා ස්ථානවල – සෑම තැනකම මනී මරණවා. අධිකරණ කාමරවල සහ විනිසුරුවන් ඉදිරිපිට පවා මිනිස්සු මරලා දානවා. අපේ රටේ නීතිය හා සාමය මිනීමරුවන් විසින් පාලනය කරන්නේ. කැලෑ නීතියයි ක්‍රියාත්මක වෙන්නේ ,” ඔහු පැවසීය.

මෙම ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා, සෑම ගමකම සහ නගරයකම පළාත් පාලන ආයතන හරහා ආරක්ෂක කමිටු පිහිටුවීමට සැලසුම් කරන බව සජිත් ප්‍රේමදාස සහතික වුනේය. “නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම කමිටු පොලිසිය, ආරක්ෂක හමුදා, රජයේ ආයතන සහ නීතිය ක්‍රියාත්මක කරන අංශ සමඟ එක්ව කටයුතු කරනවා. විපක්ෂය ලෙස මේ තත්ත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ඔබ සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට පොරොන්දු වෙනවා,” ඔහු අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවෙන් පසු පිරිස විසිර යාමට පටන් ගත් විට සමගි ජන බලවේගය මැයි දින රැලිය අනපේක්ෂිත ලෙස අවසන් විය.

පිරිස රඳවා ගැනීමට සංවිධායකයින් දැරූ උත්සාහයන් නොතකා, රැලිය නියමිත වෙලාවට පෙර අත් හැර දැමීමට සංවිධායකයින්ට සිදුවූයේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා රැස්ව සිටි පිරිස අමතමින්, නායකයාට හදිසි කටයුතු කිරීමට ඇති බවත්, එම නිසා ඔහු පිටව යාමට සිදු වූ බවත් පැහැදිලි කළේය.

රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා ඇතුළු අනෙකුත් ප්‍රමුඛ කථිකයන් තවමත් එහි සිටින බවත්, ඔවුන් තවදුරටත් රැස්ව සිටින බවත් ඔහු රැස්ව සිටි පිරිසට සහතික විය. උත්සවය තවමත් අවසන් වී නැති බව අවධාරණය කරමින් ඔහු රැස්ව සිටින ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, මෙම සහතික කිරීම් නොතකා, බහුතරයක් ජනතාව පිටව යාම නිසා රැලිය අවසන් කිරීමට සිදුවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමගි ජන බලවේග මැයි දින රැළිය අතර මග නවතා දමයි!

Next Post

වෘත්තීය සමිති සහ අප අතර කිසිම ගැටුමක් නෑ… පරණ ඇඳුම් ඉවත දමන්න… වාඛ්‍යවල එල්ලී ලූනු බිකක් ඉල්ලා සටන් කරන කාලය අවසන් කරන්න… ජනපති වෘත්තීය සමිතිවලින් ඉල්ලයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.