බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශනයට එරෙහිව රජයේ විශේෂඥ වෛද්‍යවරු රෝගීන ප්‍රාණ ඇපයට ගෙන නිහඬ විරෝධයක…

by editor
ජූලි 9, 2025
in පුවත්
doctor

Share on FacebookShare on Twitter

රෝහල්වල නොමැති ඖෂධ සහ ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යෑමට මෙතෙක් පැවති ක්‍රමවේදය අවභාවිතා කර එය ජාවාරමක් බවට පත් කරගත් ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවටගත් පසු එයට විරෝධය පළ කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වල නොමැති සැත්කම් උපකරණ සහ ඖෂධ පිටතින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රෝගීන් මරණ මංචක මත දුක් විඳිමින් සිටින බව අනාවරණය වේ.

අඩුම තරමින් ළමා රෝහලේ මරණය සමග පොරබදන දරුවන් වෙනුවෙන් හෝ රෝහල තුළ නොමැති ඖෂධ හෝ ශල්‍ය උපකරණ නිර්දේශ නොකිරීමට තරම් මේ වෛද්‍යවරු අමානුෂික වී සිටිති. මෙතෙක් පැවති ක්‍රමය තුළ රෝහලේ නොමැති ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් පිටතින් මිලදී ගැනීමට නිර්දේශ කිරීම තුළ රොගීන්ගේ ඥාතීන් ඖෂධ වෙළෙඳපලේ ඇති ස්ථානවලින් විවෘතව එම මිලදී ගැනීම සිදුකර තිබිණි. මහේෂි විජේරත්න අත් අඩංගුවට පත් වන්නේ කාලයක් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

EVD යන අයිතමය 2022 වර්ෂයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ මිල රු. 17,500/- ක් පමණක් විය. නමුත් එහි සාමාන්‍ය වර්තමාන වෙළඳ පොළ මිල රු.46,500/- ක් පමණ වේ. අදාළ වෛද්‍යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශ්වයන් මගින් රෝගීන් මෙම අයිතමය ලබා ගැනීමේ දී රු 120,000/- සිට රු.250,000/- පමණ වන වටිනාකම් ඒ සඳහා දැරීමට සිදු වී තිබිණි. ඇය විසින් සිදුකර තිබුණේ විවෘත වෙළෙඳපලින් 46,500ක් මිලකට එම ශල්‍ය උපකරණ මිලදී ගෙන 2,50,000 දක්වා මිලකට එම උපකරණ රෝගීන් වෙත අලෙවි කිරීමය.

ඉතාම පැහැදිලි දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දියත් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අත් අඩංගුවට පත්වන මහේෂි විජේරත්නගේ සිද්ධිය උලුප්පා ගනිමින් මේ වනවිට රෝහල් තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැසිරීම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වී ඇත.

ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥවරියගේ සිදුවීම හේතුවෙන් රෝහල්වල නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තතත්වය උද්ගත ඇතැයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මේ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් රෝහල්වල සැත්කම් දින නියමයක් නොමැතිව කල් දැමීමට වෛද්‍යවරුන්ට සිදුව ඇතැයිද මේ හේතුවෙන් රෝගීන් මහත් අපහසුතාවන්ට පත්ව ඇතැයිද වාර්තාවේ.

ජිවිත අවදානමක් පවතින සැත්කම් වුවද ශල්‍ය උපකරන හා ඖෂධ රෝහල තුළ නොමැති වීමන් වෛද්‍යවරුන් සැත්කම් නොකර කල් දැමීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

මෙසේ කල් දැමීමට සිදුව තිබෙන සැත්කම් අතර ඉතාමත් බරපතල ගණයේ ඒවාද වන බව ලංකාසර වෙත අදහස් දැක්වූ රෝහල් ප්‍රකාශකයින් කීපදෙනෙකුම පැවසුහ.

පිටතින් ඖෂධ හා ශල්‍ය උපකරණ මිලදී ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ නොකිරීම තුළ හදිසි අනතුරුවලට ලක්වී අස්ථි බිදීම් ඇතිවන පුද්ගලයින්ට සැත්කම් කර ගැනීමට නොහැකිව දැඩි වේදනාවන් හා අපහසුවෙන් පසුවීමට සිදුව ඇතැයිද වාර්තාවේ.

අස්ථි බිඳීමක දී එම අස්ථිය වෙනුවට කෘතීම අස්ථි හා ඒවා සවිකිරීමට අවශ්‍ය ඇණ බොහෝමයක් පිටතින් මිලදී ගත යුතුව ඇතැයිද ඒවා වෛද්‍යවරුන් මිලදී ගැනීමට නිර්දේශ නොකිරීම හේතුවන් බිදී ගිය අස්ථිය නැවත සකස් කර ගැනීමට නොහැකිව එම පුද්ගලයාට දින සති මාස ගණන් වේදනාවෙන් එක්තැන්ව පසුවිමට සිදුව ඇතැයිද පැවසේ.

මේ තත්තවය ළමා රෝහල් තුළත් දක්නට ලැබෙන බැවින් දරුවන්ගේ වේදනවා ඉවසා ගත නොමැකිව දෙමාපියන් වෛද්‍යවරුන් වෙත ගොස් සැත්කම් අවශ්‍ය ශල්‍ය උපකරන පිටතින් මිලදී ගැනීමට ලියා දෙන මෙන් ඉල්ලා සිටියද වෛද්‍යවරුන් එය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් දරුවන් හා දෙමාපියන් මහත් වේදනාවටන්ට හා දුකට පත්ව ඇතැයිද වාර්තොව්.

ඇතැම් විශේෂිත රෝග තත්තවයන් ට දරුවන් සුළු පිරිසකට පමණක් දිනපතා ලබා දිය යුතු ඇතැම් ඖෂධ වර්ගයන් පවතින බවත් එම ඖෂධ පවා රෝහල්වල නොමැති වීමෙන් එම දරුවන්ගේ රෝග තත්තවන් පවා නැවත වර්ධනය වීමේ අවාසනාවන්ත තත්වයන් උද්ගත වෙමින් තිබෙන බව වාර්තාවේ.

දරුවාගේ ජීවිතය බේරා ගැනීමට එම ඖෂධය පිටතින් ගෙන්වා ගැනීමට දෙමාපියන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලිම් කළද වෛද්‍යවරුන් එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කරන බවද පැවසේ.

කෙසේ නමුත් රෝහල් තුළ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ සත්භාවයෙන් පිටතින් මිලදී ගෙන රෝගීන් දීමේ ගැටලුවක් නොමැති බව සෞඛ්‍ය ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කලද ඔහු පවසන සත්භාවය යනු කුමක්ද යන්න චක්‍රලේඛයකින් දැනුම් දෙන තෙක් වෛද්‍යවරුන් පිටතින් ඖෂධ හා ශල්‍ය උපකරණ ලිවීම් නතර කර ඇති බැවින් සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය වහ වහා යොමුකර ඉහත සඳහන් කල උභතෝකෝටික ප්‍රශ්නය විසඳීම් ලබා දීමට කටයුතු කළ යුතු බව රෝගීහු පවසති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවත් නිරුවත් කරන දෙහිවල පොලිසියේ පොලිස් කුපාඩිකම්වල කෙළවර කොතැන ද?

Next Post

ඇමතිගේ ගෝල සභාපති ගත් තීන්දුවක් නිසා ජයවර්ධන පුර රෝහලේ සැත්කම් නවතී….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.