ලෝක පා පන්දු ලෝලීන්ගේ මහත් ආදරයට පත් විශිෂඨ ක්‍රීඩකයෙක් වූ පෘතුගාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (28) සහ ඔහුගේ සොයුරා වූ පාපන්දු ක්‍රීඩක ඇන්ඩ්‍රේ ද සිල්වා (25) අද ස්පාඤ්ඤයේ සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබේ.
ස්පාඤ්ඤයේ බටහිර සැමෝරා හි A-52 අධිවේගී මාර්ගයේ දි සිදුවූ මෙම අනතුරින් ජෝටා සහ ඔහුගේ සොයුරා මිය යන්නේ වාහනය මාර්ගයෙන් පිටතට පැන සිදුවන ගැටීමකිනි.
ඩියාගෝ ජෝටා පෘතුගාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි. එමෙන්ම ලොව ප්‍රකට ලිවර් පූල් කණ්ඩායමේ ද ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන්නේයේ. ඔහු පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක් ක්‍රීඩා කළේය.
ඔහු 2020 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 45 ක (ඩොලර් මිලියන 61.5) ගාස්තුවකට ලිවර්පූල් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබිණි. අත්සන් කළේය.
ජෝටා ලිවර්පූල් වෙනුවෙන් තරඟ 182 කට සහභාගී වූ අතර, ගෝල 65 ක් ලබා ගත්තේය. ගෝල 22 ක් ලබා ගැනීමට සහය ලබා දුන්නේය.
මෙම ඛේදවාචකය සිදුවන්නේ ජෝටා ඔහුගේ උපන් පෘතුගාලයේදී ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන රූට් කාර්ඩෝසෝ සමඟ විවාහ වී සති දෙකකට පසුවය.







