සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවාහ වී මාස දෙකයි… කොරියාවේදී මිය ගිය තරුණ ජිනාත්ගේ ජීවිතයේ  නොදත් ඛේදවාචකය!

by editor
ඔක්තෝබර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවින්   උත්සවයකදී තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයෙකු වන මුනාව්වර් මොහොමඩ් ජිනාත් තරුණයාගේ මෘත දේහය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් දෙන ලෙස ඔහුගේ දෙමව්පියෝ රජයෙන් ඉල්ලති.

මහනුවර, උඩතලවින්න ප්‍රදේශයේ මඩිගේ ගම්මානයේ පදිංචි කරුවකු වන මරණයට පත්වූ 27 හැවිරිදි මොහොමඩ් ජිනාත් රැකියාවක් සඳහා කොරියාවට ගියේ මීට මාස දෙකකට පමණ ඉහත බව ඔහුගේ දෙමව්පියෝ පැවසූහ.

මෙයට පෙරද වසර දෙකක් පමණ කාලයක් කොරියාවේ සේවය කොට ඇති ඔහු දැනට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වීමෙන් අනතුරුව නැවතත් එම රැකියාව සඳහා පිටත්වූ වී තිබේ.

ජිනාත්ගේ  පියා  64 හැවිරිදි ජී.අයි.එම්.මුනාෆර්ය.  ඔහු ඉන්නේ රෝගි තත්ත්වයෙනි. ඔහුගේ මව එච්.යූ. ෂමීලා ය. ඇය කාලයක සිට පිළිකා රෝගයකින් පෙළෙනේනීය. ජිනාත්ගේ පියා මුනාෆර් කීවේ මෙවැන්නකි.

“අපේ පවුල ඉතා දුප්පත් පවුලක්. තිබුණ ආර්ථික ගැටලු නිසයි පුතා විදේශ රැකියාවකට ගියේ. අපිට සැලකුවේ පුතා තමයි. දැන් ඉතින් අපිට තිබුන හයිය ඉවරයි. අපි අසරණ වුණා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජිනත්ගෙ අම්මා   ෂමීලාත් කාලෙක සිට පිළිකා රෝගයෙන් පෙළෙනවා. මමත් රෝගියෙක්. දැන් අපිට කාගේ පිහිටක්ද.

මගේ පුතාගේ මෘත දේහය ඉක්මනින් ලංකාවට ගෙනත් දීලා අසරණ අපිට පිහිටක් වෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ. මියගිය ජිනාත්ගෙ මවුපියෝ මෙන්ම ඔහුගේ බිරිඳ සහ බිරිඳගෙ මව්පියෝද 31 දින මහනුවර පිහිටි විදේශ අමාත්‍යාංශ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත පැමිණ මේ ඉල්ලීම කළහ.

මුනව්වර් මුහම්මඩ් ජිනාත් (27)  වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට   මෙයට මාස දෙකකට පමණ  ඉහතදී මෙරටට පැමිණ ඇත. ඒ සිය විවාහය සඳහාය. ඔහු  විවාහ වී යළි විදේශ ගතව තිබිණි. මාස දෙකක කෙටි විවාහ ජීවිතයෙන් පසු නැවත රැකියාවට ගිය ජිනාත් යළි කිසිදා එන්නේ නැත.

මියගිය ජිනාත් ගේ ඥාති සහෝදරයෙකු වන එම්.අර්සත් කී කතාව අප කම්පනයට පත් කළේය.

“මියගිය ජිනාත් විවාහ වෙලා මාස දෙකයි.එයා විවාහ උත්සවයෙන් පසු කොරියාවට ගිහින් මාස එකහමාරයි. දැන් අපි දන්නෙ එයා මැරිලා කියලා.  .

එයාගේ අම්මයි තාත්තායි ලෙඩින්.   අක්කා විවාහ වෙලා..මල්ලී නෙනෙකුත් ඉන්නවා. බිරිද මඩකළපුවේ ඉන්නේ.  ඔවුන් සියලු දෙනාගෙම ජීවිත අපේක්ෂා ඉවරයි…“ ඔහු කියන්නේය.

ජිනාත්ගෙ බිරිඳගේ පියා වන 65 හැවිරිදි මොහොමඩ් උමාර් තවත් ඛේදවාචකයක් කියන්නේය.

“ජීනාත් මීට මාස තුනකට පමණ පෙර මාගේ දියණිය වුන 24 හැවිරිදි එෆ්. සප්නා සමඟ විවාහ වුණා. විවාහයෙන් පසු ඔහු නැවතත් රට ගියා. මගේ දුව වාලච්චේනේ පිහිටි මගේ නිවසේ තමයි නතර කරලා ගියේ. මගේ දුව දැන් දෙමස් ගැබිනියක්. ඇයට දැන් කාගේ පිහිටක්ද කියලා හිතාගන්න බෑ. අපි කාටවත් ස්ථිර ආදායම් නැහැ.“ ඒ තාත්තා ගැබිණි දියණිය සමග අසරණය.

ජීවිතයේ ස්වරූපය පුදුමාකාරය. 27 හැවිරිදි තරණයාගේ නික්ම යෑම ජීවිත ගණනක ඛේදවාචකය සලකුණු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තුර්කය පාකිස්ථානයේ හදපු සයිබර් හමුදාව

Next Post

යළිත් මහින්ද අගමැති නොකළොත් අයවැය පරද්දනවා… පොහොට්ටුවන්ගෙන්  තවත් තර්ජනයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.