බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධතා නිසා විභාගයට ඉදිරිපත් වී නෑ… ඉදිරිපත් වූ ගණන පුරප්පාඩුවලට අඩුයි… සම සෞඛ්‍ය උපාධි ධාරීන් බඳවා ගන්නා විභාගයට ලියූ සියලු දෙනාට රජයේ රැකියා ලැබෙයි…

සති දෙකකින් පුහුණුවට... මාස 06කින් රජයේ ස්ථිර රැකියා...

by editor
අප්‍රේල් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සම සෞඛ්‍ය සේවයට උපාධි ධාරීන් බඳවා ගැනීමේ දී රසායනාගාර කාර්මික විද්‍යාඥයින් සහ භෞත චිකිත්සකයින් සඳහා පැවැත්වූ තරග විභාගයට ඉදිරිපත් වී සිටියේ පුරප්පාඩු ගණනට වඩා අඩු අපේක්ෂකයින් පිරිසක් බවත් ඔවුන් සියලු දෙනාම රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

මේ විභාගය අප්‍රේල් මස 27 වැනිදා පැවැත්වූ අතර සම සෞඛ්‍ය උපාධි ධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් අදාල විභාගයට තනතුර සඳහා අයදුම්කළ අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ නැත.

කෙසේ වෙතත් විභාගයට ඉදිරිපත් වූ සීමිත අපේක්ෂකයින් ප්‍රමාණය රාජ්‍ය සේවයට ප්‍රතිග්‍රහණය කරගැනීම සඳහා සති දෙකක් තුළ හය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණුවට බඳවා ගන්නා බවත් මාස 06කින් පසු ඔවුන් රාජය සේවයට ප්‍රතිග්‍රහණය කරගන්නා බවත් සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.

ඔහු අවධාරණය කළේ අයදුම්පත් සංඛ්‍යාව නිර්දේශිත පුරප්පාඩු ගණනට වඩා වැඩිවනවිට රාජ්‍ය සේවා කොමිසම නියෝග කර ඇත්තේ තරග විභාගයක් පැවැත්වීමට බවත් එම තීන්දුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගත් එකක් නොවන බවත්ය.

ඇමතිවරයා එම තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“සම සෞඛ්‍ය උපාධි ධාරීන් බඳවා ගැනීම සඳහා මට කලින් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි රමේෂ් පතිරණ අමාත්‍යවරයාත් 2024 වසරේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබුණා බඳවා ගැනීම් පටිපාටියට අනුමැතිය ලබා ගන්න.

ඒ මොහොතෙත් කැබිනට් මණ්ඩලය තීරණය කළේ එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසිය යුතුයි කියලා.

ඒ අනුව 2024/07/01 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් එකෙන් විමසුවාම 2024/08/16 දා රාජ්‍ය සේවා කොමිසම කියලා තියෙන්නේ ලිඛිත පරීක්ෂණයක් මගින් අනුස්ථාපන හා සමාජන පාඨමාලාව සදහා උපාධිධාරීන් බඳවා ගත යුතු බවට ඔබට දැනුම් දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කරලා තියනවා කියලා.
මේ තීන්දුව සම්බන්ධයෙන් අපි ආණ්ඩුව ආවට පස්සේ අවස්ථා ගණනාවක ලිඛිතව හා වාචිකව විමසීම් කළා. දැනට ගත්තොත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අවස්ථා 05ක දී විමසීම් කරලා තියනවා. ඒ අවස්ථා 05 දීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී අනුස්ථාපන හා සමාජන පුහුණු පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ දි ලිඛිත විභාගයක් පවත්වන්න කියන එක. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය ක්‍රියාත්මක කරන්න පමණයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නොවෙයි එය තීරණය කළේ.
එතනදි පැහැදිලිව කියලා තියනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අයදුම්පත් ප්‍රමාණයට වඩා පුරප්පාඩු ප්‍රමාණය අඩු නම් මේ ලිඛිත විභාගය පැවැත්විය යුතු නෑ. නමුත් පුරප්පාඩුවලට වඩා අයදුම්පත් ප්‍රමාණය වැඩි නම් ලිඛිත විභාගය පැවැත්විය යුතුයි කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේම වැඩ කළේ ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගයට අනුව.

මීට කලින් විකිරණ ශිල්පීන් බඳවා ගැනීමේ දී සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ දී පුරප්පාඩුවලට වඩා අයදුම්කරුවන් අඩු වීම නිසා ඒ අය බඳවා ගත්තා. එතන සම සෞඛ්‍ය විද්‍යා පීඨවලින් අවුට් වෙච්චි උපාධි ධාරීන්ට අමතරව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් අවුට් වෙච්චි උපාධි ධාරීනුත් මේකට ඇතුළත් වෙලා තියනවා.

දැන් එම්එල්ටී සහ පිසියොතෙරපි කියන ක්ෂේත්‍ර දෙකේ අය බඳවා ගැනීමේ දී අපට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දුන්නේ 154ක් බඳවා ගන්න. 354ක් ඇප්ලිකේෂන් ඇවිත් තිබුණා. භෞත චිකිත්සකයින් 94ක් බඳවා ගන්න අනුමැතිය ඇවිත් තිබුණා. අයදුම්කරුවන් 277ක් ඉදිරිපත් වෙලා තිබුණා.

මේ නිසා තමයි විභාගය පවත්වන්න සිද්ධ වුනේ. විභාගය පැවැත්වුවා. ඒ අනුව උපාධිධාරීන් මේකට ඉදිරිපත් වුනා. ඉදිරිපත් වුන ප්‍රමාණය පුරප්පාඩුවලට වඩා අඩු නිසා මේ සියලු උපාධි ධාරීන්ට රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වෙන්න පුලුවන්.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අප්‍රේල් 27 වැනිදා විභාගය පැවැත්වුවා. සති දෙකක් තුළ ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මැයි මාසයේ අවසන් වීමට පෙර මෙම උපාධි ධාරීන් එම්.එල්.ටී සහ පිසියොතෙරපි කියන ක්ෂේත්‍ර දෙකේ උපාධි ධාරීන් අනුස්ථාපන සහ සමායෝජන මාස හයේ පුහුණුවට බඳවා ගන්නවා.

මාස 06කට පස්සේ ඒ අයට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබලා දෙනවා. දැනට තියන වැටුප් සහ දීමනා වැඩි වීම් අනුව පුහුණු පාඨමාලාවට ඇතුළත් වීමේ දී ඔවුන්ට සාමාන්‍ය රුපියල් 45000ක දීමනාවක් ලැබෙනවා. රාජ්‍ය සේවටය බඳවා ගත්තට පස්සේ ඔවුන්ට රුපියල් 75000ට වඩා ඉහළ වැටුප් සහ දීමනා ලබා දෙන්නත් කටයුතු කරනවා.
මේ පුහුණුව අවසන් වෙලා මේ අය රාජ්‍ය සේවයට බඳවා ගන්න කලින් ඊලඟ කණ්ඩායම සඳහාත් අපට සමහර විට තරග විභාගය පවත්වන්න අවස්ථාව ලැබෙයි.

සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපතිට එයා කියපු දේ මතක නෑ… ඉතින් අල්ලස් කොමිසමට චෝදනා කරලා වැඩක් නෑ… රජය කියයි!

Next Post

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙත!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.