ලලිත් චාමින්ද –
ජනාධිපතිවරණයේ දි පරදින ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් විසින් යම් සිදුවීම් ඇතිකිරීම සඳහා කුමන්ත්‍රණකාරී සුදානමක් තියෙනවානම් එය වැලැක්විම සදහා ජාතික ජනබලවේගය කටයුතු කරන්නා සේම ව්‍යවස්ථානුකුලව පැවරි ඇති බලතල අනුව පොලිසිය, හමුදාව, විශේෂකාර්යබලකාය, ඇතුළු සියලු ආරක්ෂක අංශ තම වගකීම ඉටු කරනු ඇති බවට තමන් තුළ දැඩි විශ්වාසයක් ඇති බැව් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදිව ආණ්ඩුවක් මාරුකිරිමේ අවස්ථාව උදාවි ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීම සඳහා පොලිසිය, හමුදාව, විශේෂකාර්යබලකාය ඇතුළු සියලු දෙනා බැඳී සිටින බවත් හෙතෙම කියයි.
ගාල්ල කරාපිටිය, වදුරඹ, අම්බලන්තොට යන ප්‍ර දේශවල ඊයේ (12) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් අනුරකුමාර දිසානායක මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

දුෂිත ප්‍රභු පාලක කණ්ඩායම අතින් පාලන බලය පොදුජනතාව අතට මාරුකරගැනිම සඳහා අනගි අවස්ථාවක් ලැබි තියෙනවා. ජනතාව එය කිසිසේතම් මග හරින්නේ නැහැ. අත්හරින්නේ නැති අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මේක අපි මග හරින්නෙත් නැහැ.අත්හරින්නෙත් නැහැ.
දැන් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් හොඳටම කලබල වෙලා ඉන්නේ. රිදිලා ඉන්නේ. සැලකිය යුතු ප්‍රමාණයක් වියරු වැටිලා ඉන්නේ. ඒ අයගෙන් ගිලිහි යන බලය ආරක්ෂාකරගැනිම සඳහා මොනවා මොනවා කළයුතුද කියා ඒ අය මේ දිනවල කල්පනා කරනවා. ඒ අය මොනවා කළත් දැන් ජාතික ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය තියෙන්නේ අපේ අතේ නෙවෙයි… මේ රටේ පොදුජනයාගේ අතේ. මේ ජයග්‍රහණය ආපසු හරවන්න බැහැ.
අපි කලබල ඇති කරනවලු
අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් කියනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පසු මහා කලබලයක් කරන්න හදනවලු. මෙක දිනන හා ආණ්ඩු හදන ඡන්දයක්.අපිට ඕන සාමකාමි ඡන්දයක්. පරදින අයට තමයි කලබල හා ගැටුම් ඕන. සමාජ අස්ථාවරත්වයක් ඕන. දිනන අපිට ඕන. සාමකාමිත්වය. ඒ නිසා ඒ වෙනුවෙන් මැතිවරණය දක්වා, මැතිවරණ දිනය හා මැතිවරණයෙන් පසුවත් උපරිම ලෙස මැදිහත්වන ව්‍යාපාරයක් තමයි ජාතික ජනබලවේගය. මේක නැවත නැවත කියන විට මෙක පිටුපස යම් කුමන්ත්‍රණයක් තියෙනවාද කියන සැකය අපිට තියෙනවා. අපේ කිසිදු සාමාජිකයෙක් ගල්කැටයක්වත් මේ දිනවල අතින් ගන්න එපා.
මේ රටේ ජනතාවගේ කැමැත්ත හරහා ආණ්ඩුවක් මාරකරගැනිමේ අවස්ථාව තියෙනවා. එක සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව .අපේ රටේ පොලිසිය, අපේ රටේ හමුදාව විශේෂකාර්යබලකාය, සියලු දෙනා බැඳී සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂකරගන්න. ඒ නිසා පරදින පාර්ශවයන් විසින් යම් කුමන්ත්‍රණයක් ඇති කිරීම සඳහා සුදානමක් තියෙනවානම් ව්‍යාපාරයක් හැටියට එය වැලැක්විමට ජාතික ජනබලවේගය කටයුතු කරණවා වගේම, ව්‍යවස්ථානුකුලව පැවරි තියෙන කාර්යය අනුව පොලිසිය හමුදාව, විශේෂකාර්යබලකාය ඇතුළු සියලු දේනා ඒ වගකිම ඉටුකරවිකියා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා.
රට වැටෙනවලු
ජාතික ජනබලවේගයේ බලයට පත්වු විට ආණ්ඩුව වැටේනවාලු. ආර්ථිකය වැටෙන්න තියෙන්නේ කොහෙටද?. ලෝකයේ ණය ගෙවන්නේ නැති රටක්. ලෝකයෙන් ණයක් දෙන්නේ නැති රටක්. රෝහල්වල බෙහෙත් නැති රටක්.තරුණ තරුණියන්ට රැකියා නැහැ, තුන් වේල කන්න නැති රටක්. රට වැටිලා ඉවරයි. වැටුණු රට ගොඩගන්නයි. අපි බලයට එන්නේ.ඩොලර් බිලියන 12.5ක් තියෙනවා ස්වෛරිත්ව බැදුම්කර ණය. මෙවා රනිල්ගේ වසර හතරහමාරේ ගත්තු ණය.
අපි හදන්නේ ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම හා ජනතාවගේ වැඩිම කැමැත්ත තියෙන ආණ්ඩුවක්. මෙක මාස හයෙන් වැටෙන ආණ්ඩුවක් නෙවෙයි. රටට අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකරගන්න. රටේ තිරණාත්මක හා ඓතිහාසික දිනය වෙනවා 21 වැනිදා උදාවෙනවා
යාලුව යාලුවා කියමින් කරන අභියෝගය
රනිල් වික්‍රමසිංහ මොනවාදෝ කියමින් මට අභියෝග කරණවා.මගේ යාලුවා කියලා කියනවා. මගේ මිත්‍රයා කියනවා. උත්තර දෙන්නලු, මෙක හිටවන කවි මඩුවක්ද?. එයා එකවේදිකාවක ඉදන් කවි කියනවා. මමත් වේදිකාවක ඉදන් කවි කියන්නද?. විධිමත් ආර්ථිකය පිළිබද සාකච්ඡාවක් අවශ්‍ය නම් මොනවාද කරන්නේ කියලා අහනවානම් ප්‍රසිද්ධ රුපවාහනි නාලිකාවක් සුදානම් කරන්න. අපි විවාදයකට සුදානම්. එක තැන වාඩිවෙලා විවාද කරමු. වෙදිකාවල කොහොමද විවාද තියෙන්නේ. එයා කියනවා ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල අරන් එන්න ඕනලු. ජනාධිපතිවරණයට ජාත්‍යන්තර් මුල්‍ය අරමුදලේ අය ඡන්දය ඉල්ලන්නේ නැහැ.
මේ වතාවේ ඡන්දය කවදාද කියා ගැන ගැන ඉන්නේ මේ රටේ ජනතාව මේ ඡන්දය දිගු කාලයක් මේ රටේ ජනතාවගේ බලාපොරෝත්තු වු ඡන්දය. දිගුකාලයකට පස්සේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා ජනතාවගේ ආණ්ඩුවක් හදාගන්න. අපේ රටේ දේශපාලනය කේන්ද්‍ර වෙලා තිබුණේ දුෂිත ප්‍රභුන් අතලොස්සක් අතේ. පොදුජනයා අතේ නෙවෙයි. දේශපාලනය තිබුණේ පවුල් කිහිපයක් අතේ. රටේ සම්පත් සාරයම ඒ පවුල් කිහිපය අතර කෙන්ද්‍රකරගත්තා. ඒ පවුල් කිහිපය රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍ර කෝටි ගණන් සොරකම් කරගත්තා.
ජාතිවාදි ආගම්වාදි දේශපාලනය
පසුගිය කාලයේ මේ රටේ දේශපාලන වේදිකාව සමන්විත වුනේ ජාතිය ආගම රට බේරාගැනීම යන කරුණුයි. මහින්ද ආවේ නැත්නම් ජාතිය, ආගම, රට, අනතුරේ. මුස්ලිම් ජනයා අපේ රට මේ විදියට ආක්‍රමණය කරණවා. දෙමල ජනයාගෙන් මෙහෙම ව්‍යසනයක් අපිට තියෙනවා. ඒ නිසා මේ රට අනතුරට වැටීම වැලැක්විම සඳහා මහින්ද, ඝෝඨාභය ගෙන්න ඕන. ඒ අයගේ මුළු දේශපාලන ව්‍යාපාරය ජාතිවාදි බවින් ගැබ්වෙලා තිබුනා.
දෙමළ, මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදි සටන්පාඨ ගැබ්වෙලා තිබුනා. කොත්තු කාපු විට වදවෙනවා කියා මතයක් හැදුවා. පසුගිය කාලයේ මේ අය තේරුම්ගත්තා ජාතිවාදය අපේ රටට පාරක් හදන්නේ නැති බව. ජාතිවාදය අපේ රටට හදන්නේ රට විනාශයට හා වලට යන පාර එක ජනතාව තේරුම්ගත්තා ජාතිවාදයට එරෙහිව මේ රටේ පොදුජනයා. ජාතික සමගියේ කොඩිය අතට පටන්ගත්තා. ජාතික සමගිය වෙනුවෙන් පෙනි සිටින ජනතාවක් ඉන්නවා. දේශපාලන වේදිකාවේ ජාතිවාදය, ආගම්වාදය, ආනාගතය පිළිබද හදන බිය, සටන්පාඨ ගෙන්න පටන් අරගෙන තියෙනවා.
භික්ෂූන්ගේ ප්‍රලාප
අපි කවදාවත් භික්ෂුන්වහන්සේ කියපු ප්‍රකාශයකට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශයක් කිරිමට බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් මේක තියෙන භයානකකම, අවලස්සන කම නිසා, අපිට මේ කථාව කිරිමට සිදුවෙනවා.
පසුගිය දිනක භික්ෂුන් වහන්සේ නමක් කියනවා. ජාතික ජනබලවේගය බලයට පත්වු විට බෞද්ධ ආගමට තියෙන තැන නැතිවේවිලු. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහෙම තියෙනවලු. අපි මොස්තරයට බෞද්ධ ආගම හදාරණ අය හෝ වතාවත්වල යෙදෙන අය නොවෙයි. අපේ රටේ බෞද්ධ දර්ශනය පිළිබද ගැඹුරු අවබෝධයක් වගේම, අපේ රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගීම සදහා බෞද්ධ ආගමින් ලැබු මෙහෙය පිළිබද විශාල ඇගයිමක් තියෙන ව්‍යාපාරයක්. එක අපේ රටේ භික්ෂුන් වහන්සේලා විශ්වාස කරනවා. ජාතික ජනබලවේගය මේ රටේ ආරක්ෂකයා. බෞද්ධ ආගම පිළිබද ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලය කිසිසෙත්ම අහෝසි නොකරණ බවට අපි කියලා තියෙනවා. මේ කථාව ජනතාව කුපිත කිරිම සදහා දේශනාකරණු ලැබු මුසාවක්.
අපේ භික්ෂුන්වහන්සේලාගේ වගකිම තමයි උන්වහන්සේලාගේ ගෞරවය හා බුදහම කෙරෙහි පොදුජනයාගේ තියෙන භක්තිය ආරක්ෂාකරදීම. අපි බලයට පත්වු විට ජාතික කොඩියත් වෙනස් කරන බව කියනවා.
අපිට වැඩ නැහැ. ජාතික කොඩිය වෙනස්කරන්නේ නැහැ.
වංචා හා දුෂණය පිළිබද දේශපාලනය නම් වෙනස් කරණවා. එකට තමයි බය. තවත් කථාවක් කියනවා අපි බලයට පත්වු විට පන්සලක භික්ෂුන්වහන්සේ නමකට දාන වෙලක්වත් ලැබෙන්නේ නැතිලු. දානය දෙන්නේ ආණ්ඩුව ගැසට් ගහලා නෙවෙයි. ඒ බෞද්ධ ජනතාව තුළ තිබෙන ශ්‍රද්ධාව නිසා. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා අනාගත පරම්පරාවට බලාගැනිමට කටයුතු කරණ ව්‍යාපාරයක්.
අනුරකුමාර දිසානායක මහතා සදහන් කළේය.
මෙම ජන රැළි අමතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරුන් වන රත්න ගමගේ, නලින් හේවගේ, අතුල වෙළෙන්දාව, ද කථා කළ අතර මෙම ප්‍රචාරක රැළි සදහා විශාල පිරිසක් එක්ව සිටියහ.







