බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපිරි නිවාස සංකීරණයක ජීවත් වූ කාන්තාවක් සහ දියණියක් ඔවුන්ගේ නිවසින් පන්නා බලහත්කාරයෙන් නිවස අත්පත් කරගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණයෙන් දැඩි අවවාද!

by editor
සැප්තැම්බර් 13, 2024
in පුවත්
Galagoda Aththe Gnanasara
Share on FacebookShare on Twitter

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි විසින් බලත් කාරයෙන් අත්පත් කරගෙන සිටි බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10 ට අධික වටිනාකමින් යුත්, නිවසක් වහාම එහි හිමිකාරිත්වය දරන කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමිටත් ඔහුගේ ගෝල හිමිනමකට සහ නිවසේ මුරකරු ලෙස කටයුතු කළ සිල්වෙස්ටර් නැමැති පුද්ගලයෙකුට නියෝග කළේය.

තමන්ට අයත්ව තිබූ එම නිවස ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුළු කණ්ඩායමක් බලහත්කාරයෙන් පැහැර ගෙන ඇති බව පවසමින් එම කාන්තාව අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබිණි.

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නැමැති මෙම කාන්තාව මෙම පුද්ගලික නඩුව ගොනු කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මගිනි.

එම නඩුකරය සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (12) අධිකරණය හමුවේ පැවසුවේ පෙත්සම්කාරිය මෙම දේපල නීත්‍යානුකූල හිමිකාරිත්වයට තුළ පරිහරණය කර තිබුණු බව පෙනී යන අතර වගඋත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විඳීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවය.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි විය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද වගඋත්තරකරුවන් තිදෙනාට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

උසාවියේ දී හෙළිදරවු වූ කතාව අප හිතනවාට වඩා අලජ්ජි අශිෂ්ට එකකි.

ඉනෝකා චන්දිමා සේනානායක පදිංචිව සිටියේ බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නැමැති නිවාස සංකීරණයේ ය. එහි පිහිටි එම සුඛෝපභෝගී නිවස ඇයගේ පියාගේ සහෝදරියට අයත් එකකි. 2023 වසරේ මැයි 18 වෙනි දින එය ඉනෝකා භාරයට පත් කළ ඇය විදේශගත වි තිබිණි. ඇය විදේශගත වූ දිනයේ සිට නිවස නඩත්තු කරමින් රැක බලා ගනිමින් ඇය සහ ඇයගේ දියණිය එම නිවසේ ජීවත් වූහ.

මෙසේ ජීවත්වන අතර එක් දිනක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසක් නිවස පිහිටි ස්ථානයට පැමිණ ඇත. අනතුරුව ඉනෝකාට සහ ඇයගේ දියණියට එම නිවසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරි තිබේ. ඒ බව ඇය සිය පැමිණිල්ලේ ලිඛිතව දන්වා තිබිණි.

උක්ත සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ශිෂ්‍ය සිවුරු පෙරවියෙක් ඉනෝකාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවසින් ඉවත් වන ලෙසට බලපෑම් කර ඇත. ඒ අනුව ඇය ඒ පිළිබඳව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර නිවස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවස වෙත ඇතුල් නොවන ලෙස ඉනෝකාට තර්ජනය කර තිබේ.

අනතුරුව ඇයට එල්ලවී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් ඇය සිය දියණිය රැකෙ එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශට පැමිණ තාවකාලිකව පදිංචිව සිටිමින් අධිකරණයට මෙම නඩුකරය ගොනු කළාය.

ඇය ඉල්ලූ නීතියේ පිළිසරණ අධිකරණයෙන් ලැබී ඇත. ගලගොඩඅත්තේ ඥානසාර නැමැති සිවුරු පෙරවි පුද්ගලයාට අධිකරණය දැඩි ලෙස අවවාද කරමින් කොල්ල කෑ දෙපල නැවත හිමිකාරිත්වයට පවරා දෙන්න නියෝග කර ඇත.

හිරේ සිට ජනාධිපති විශේෂ සමාවකින් පැමිණි මෙවැනි පුද්ගලයින් දීර්ඝකාලීනව පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු කාලය එළඹ තිබේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ ඡන්දයක් තරමටම උණුසුම්වන ඇල්පිටියේ පුංචි චන්දයේ කතාව!

Next Post

වියරු වැටුනු ප්‍රතිවාදින්ගේ ගැටුම් ඇති කිරීමේ කුමන්ත්‍රණ  ගැන දැන් අපට සැකයි… එවැනි තත්ත්වයක් වළක්වන්න ආරක්ෂක අංශ මැදිහත්වන බව විශ්වාසයි…  අනුර  කියයි… 

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.