fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියත් මගෙන් ආපු ආණ්ඩුව නිසා රටේ දරුවන්ගේ අනාගතය  කියත් වී ඇති අයුරු ලේකම් හෙළිකරයි

සති 2ක් ago
in පුවත්
432 4
0
Share on FacebookShare on Twitter
  • විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී අහිමි වූ ඉගෙනුම් කාලය පිළිබඳවද විශේෂ අවධානය යොමුකරන ලෙස නිර්දේශ…
  • දුෂ්කරතා මධ්‍යයේ වුවද අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට කටයුතු කිරීම පිළිබඳ කමිටුවේ ඇගයීමට
  • 2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස ද 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ද ගණන් බලා ඇති බව  ද  අනාවරණය වෙයි

සමස්තයක් ලෙස ගත් විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවීමට සිදුව ඇති බවත් කොවිඩ් තත්ත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම අපහසුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා පසුගියදා (15) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

පැවති කොවිඩ් තත්ත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබද විමසා බැලීම සදහා  මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝපා කමිටුව හමුවට අධ්‍යාපන බලධාරීන් කැඳවූ අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්වරයා මේබව පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීහු මෙම විශේෂ රැස්වීමට කැඳවා තිබිණි.

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා පවතින සීමිත කාලසීමාව තුළ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, පවතින ඉන්ධන හිගය, දරුවන්ගේ පවුලේ ආර්ථික අපහසුතා, දෙමාපියන්ට රැකියා අහිමිවීම ආදිය බරපතල ගැටලුවක් වෙමින් පවතින බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව සිදුකිරීම සිසු දරු දැරියන් සදහා සාර්ථක ක්‍රමයක් නොවන බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

ඇතිවී ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන් වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී ලේකම්වරයා පැවසීය.

සීමිත කාලයක පාසැල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. එසේ නොවන විට දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි පීඩනයකට ලක්වන බව කමිටුව පෙන්වා දුන්නේය.

2020 වසරේදී සිසු දරුවන්ගේ ඉගෙනුම් අහිමිවීම 54% ක් ලෙස සහ 2021 අගෝස්තු වන විට 88% ක් ලෙස ගණන් බලා ඇති බව  ද මෙහිදී අනාවරණය විය. මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. ඒ සදහා ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් මේ සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව මෙහිදී නිර්දේශ කළේය.

එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන  බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කිරීම පිළිබද විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු සියලු නිලධාරීන් කමිටුවේ ප්‍රශංසාවට ලක්විය. එසේම කොවිඩ් තත්ත්වය තුළ මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කළ සියලු ගුරුවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන්ටද කමිටුව සිය ප්‍රශංසාව පුද කළේය.

පැවති කොවිඩ් තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. පවතින ඉන්ධන හා ගෑස් හිගය වැනි දුෂ්කරතා හමුවේ තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණ යනාදිය සඳහා පමණක්  විශ්ව විද්‍යාලවලට කැදවීම සිදු කරන බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වෙන බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතිය නැවත සළකා බලා පවතින අර්බුදය හමුවේ ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරන ලෙස මෙහිදී කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර,  ලසන්ත අලගියවන්න, මොහොමඩ් මුසම්මිල්, තිස්ස අත්තනායක, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශිවඥානම් ශ්‍රීතරන්, ප්‍රසන්න රණවීර,  (ආචාර්ය) හරිනි අමරසූරිය, වීරසුමන වීරසිංහ සහ (වෛද්‍ය) උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ

Join @lankasara on Telegram Channel
Previous Post

ප්‍රශ්න විසඳෙනතුරු මාස 06ක්  ගුරුවරුන්ට ලඟම පාසල…  අධ්‍යාපන අමාත්‍යාංශය කියයි…

Next Post

ඉන්ධන අර්බුදයට විසඳුම් දෙන්න යැයි අපේක්ෂා රෝහල ඉල්ලයි!

Related Posts

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

ජූලි 1, 2022

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

ජූලි 1, 2022

වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

ජූලි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…
  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…
  • ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

ජනප්‍රිය පුවත්

  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

    250 shares
    Share 100 Tweet 63
  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

    216 shares
    Share 86 Tweet 54
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    209 shares
    Share 84 Tweet 52
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

    205 shares
    Share 82 Tweet 51
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

    208 shares
    Share 83 Tweet 52
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

    203 shares
    Share 81 Tweet 51

Highlights

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

මාසෙකට 7500ක පඩියක් අරන් ජීවත් වෙන්න නොමැරී මැරෙන මිනිස්සු….

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නොසන්සුන් – දුම්රිය ස්ථානාධිපතිවරු නිවේදනය කරති!

කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

by editor
ජූලි 1, 2022
0

මනම්පිටිය නිමල් ජයරත්න - වැලිකන්ද කන්දකාඩු...

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

by editor
ජූලි 1, 2022
0

තමන්වහන්සේලා අවස්ථා කීපයකදී  ඉදිරිපත් කළ යෝජනා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist