දිනසේන රතුගමගේ –
වියට්නාමයේදී අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් අතරින් 76 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම නැවේ සිටි මගීන් 303 දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් දිවයිනේ විවිධ පළාත් වල පදිංචිකරුවෝ වෙති.
මේ පිරිස මැලේසියාව දක්වා ගුවනින් ගොස් වෙනත් රටක ගමනාන්තය දක්වා යාමට මෙම නෞකාවට ගොඩ වී ඇති අතර එම නැවට ගොඩවීමට පෙර තැරැව්කරුවන්ට මුදල් ගෙවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
මේ වන විට නැවේ සිටි සියලුම දෙනා වියට්නාමය වෙත රැගෙන ගොස් තිබේ.







