සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයේ ඉඳන් විස්සට පක්ෂ වූ ඩයනා කවුද?

by editor
ඔක්තෝබර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය සම්මත වුණු ඊයේ දිනයේදී මෙන්ම පසුගිය දින කිහිපයේදීම බොහෝ දෙනකුගේ ඇස් දැල්වී තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් දෙසය. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් විසි වැනි සංශෝධනය වෙත සහය දක්වන මන්ත්‍රී ලයිස්තුවේ වෙනත් අය සිටිය ද වැඩියෙන්ම කතා බහ ඔහු කෙරෙහි යොමුව තිබූ නිසාය.

එසේ වුවද පෙරේදා සවස් යාමය වනවිට මේ ඇස් විපක්ෂයේ සිටි කාන්තා නියෝජිතයන් දෙදෙනාගෙන් කෙනකු වෙත යොමු විය. ඒ ජාතික සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ඩයනා ගමගේ වෙතය.
ඩයනා කොළඹ දේශපාලනයේ ඇතැමුන් අතර නමක් රැඳුණු චරිතයක් වුව ද ජාතික දේශපාලන භූමිකාව තුළ වැඩි කතා බහකට ලක් වූ චරිතයක් වූයේ නැත. ඇය ගැන වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ දැන්ය.

මේ ඩයනාට ද ලෝක ප්‍රකට ඩයනා කුමරිය විසූ එංගලන්තයට ලේ සම්බන්ධයක් ඇත. ඊට හේතුව ඇයගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වීමය. කෙසේ වුවද පියා මෙරට දකුණට සම්බන්ධ සිංහල පරම්පරාවක සාමාජිකයෙකි. 1965 දෙසැම්බර් මස 18 වැනි දින කෝට්ටේ ප්‍රදේශයේ උපත ලබන ඩයනා නුගේගොඩ සමුද්‍රෙද්වී බාලිකා විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා එංගලන්තයෙන් එල්.එල්.බී උපාධිය සහිතව නීතිවේදිනියක බවට වෘත්තීය පසුබිමක් සදා ගත්තාය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග

එසේ වුවද ඇය මුලින්ම ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ වන්නේ නිළියක ලෙසය. ඇය එංගලන්තයේ සිටියදී එහි ගිය ප්‍රවීන නිළි ශ්‍රියාණි අමරසේන ගේ ආරාධයෙන් ටෙලි නාට්‍ය ලෝකයට පිවිසෙන ඇය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයකම රඟපා ඇත. එසේම මේ කාලයේද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දේශපාලනය කරන ඇය වරක් පළාත් සභා මැතිවරණයටද ඉදිරිපත් වූවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නීතිවේදිනියකු වුවද මෙරට නීති විද්‍යාලයට ඇතුළත්ව වසරක් නීතිය හදාරා පසුව නීතීඥවරියක ලෙස දිවුරුම් දී මෙරට වෘත්තීය නීතීඥවරියක ලෙස කටයුතු කරන්නට ඇය කැමැත්කත් දක්වා නැත. ඒ බව ඇය පසුගියදා පුවත් පතකට සඳහන් කර තිබුණි.

ඩයනා ගමගේ ට දේශපාලන සම්බන්ධය තීව්‍ර වීමට තවත් හේතුවක් විය. ඒ ඇයගේ සැමියා වන කපිතාන් සේනක ද සිල්වාය. හිටපු හමුදා කපිතාන්වරයකු වන සේනක හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ගේ සමීපතයෙකි. 2010 ජනාධිපතිවරණයේදී සේනක, සරත් ෆොන්සේකාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. මේ නිසා සරත් ෆොන්සේකා සමඟම අත්අඩංගුවට පත්වන්නට ඔහුට සිදුවූ අතර මහින්ද රාජපක්ෂ රජය යටතේ ඒ නිසාම විවිධ පීඩාවන්ට සහ අනපෙක්ෂිත නීති අර්බුද අතර කොටුවන්නට ද කපිතාන් සේනක සිල්වාට සිදුවිය.

2015 වසරේදී ඩයනාත් ඇයගේ සැමියාත් දෙනොම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි සේ ක්‍රියා කළහ. එහි ප්‍රතිලාභයක් ලෙස ඩයනා  රන්මිනිතැන්න චිත්‍රපට ගම්මානයේ සභාපතිනිය ලෙසද පත්වීමක් ලද්දාය. දේශපාලනයට සම්බන්ධව කටයුතු කළ ඇය 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට උදව් කළාය. ඔහුට එක්සත් ජාතික පෙරමුණෙන් අගමැති අපේක්ෂකත්වය නොලැබෙන තැන අපේ ජාතික පෙරමුණ නම් ඩයනාලාගේ නමට තිබූ පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට කටයුතු යෙදිණි.

2020 මහ මැතිවරණයේදී සජිත් ඵ්‍රෙමදාස තම සටන දියත් කරනනේ මේ පක්ෂය පදනම් කරගෙනය. පසුව ජාතික සමගි ජන බලවේගය ලෙසට සක්‍රිය වන්නේ මේ පක්ෂය පදනම් කර ගත් පක්ෂ එකතුවයි. ඩයනා ගමගේ එහි නියෝජ්‍ය මහලේකම්වරිය ලෙස කටයුතු කළාය. ජාතික සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුර පත් කිරීමේදී ඩයනා ගමගේටද මන්ත්‍රි ධුරයක් හිමි විය.

එහිදී තර්කයක් ලෙස කාන්තා නියෝජනය ගැන කතා බහට ලක් වුද දේශපාලන ක්ෂේත්‍රය් පවතින කතා බහ වන්නේ පක්ෂය ලබා දීම වෙනුවෙන් ඇයට මන්ත්‍රි ධුරයක් ලබා දීමට සමගි ජන බලවේග කණ්ඩායම කටයුතු කළ බවය.

ආණ්ඩු පක්ෂය විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් එකතු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර ඔවුන්ට විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙන බවටද එම පාර්ශ්ව වෙතින් විවිධ චෝදනා එල්ල විය. මේ වරදාන ලබාගෙන විසි වැනි සංශෝධනවයට පක්ෂ වන මන්ත්‍රිවරුන් කිහිප දනකු පිළිබඳව කතා බහ පැතිරුණද අවසන් මොහොත ව තෙක් ඩයනා ගමගේ ගේ නම කතා බහට ලක් වූයේ නැත.

එසේ වුද මීට දින දෙකකට පෙර සිට ඇයගේ නම කතා බහට ලක් වූ අතර පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඇයගේ මුහු වීමද කෙමෙන් පසුබාන තත්ත්වයක විය. ඒ අනුව ඇය ඊයේ (22) පෙරවරුවේ පැවැති ජාතික සමගි ජන බලවේග මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මඟ හැරියා පමණක් නොව විසි වැනි සංශෝධනය සම්බන්ධ විවාදයද මග හැරියාය.

කෙසේ වුවද ඡන්දය විමසීම ආසන්න වනවිට පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළාය.  ඇයට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණ පැවැත්වෙද්දී ආණ්ඩු පක්ෂයෙන් ලැබෙන්නේ කුමක්දැයි ඡන්ද දායකයෝ නොඉවසිල්ලෙන් බලා සිිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුදහමුදාපති වෙනුවෙන් පෙනීසිටිය හේතුව සජිත් හෙළිකරයි

Next Post

ක්‍රිකට් අවකෙළි හෙළි කරන එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ නොදත් කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.