බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් අවකෙළි හෙළි කරන එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ නොදත් කතාව

by editor
ඔක්තෝබර් 23, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • එක්දින නායක දිමුත් කරුණාරත්න වෙන්දේසියෙන් විසිවෙලා..

  • ලෝකය පිළිගත්තු ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩක ඩිල්ෂාන් මුණවීරත් කණ්ඩායම් 05 තුළ නැහැ
  • අන්තර් සමාජ තරගවල වේගවත්ම ශතකය වාර්තා කළ සඳුන් වීරක්කොඩිත් එළියෙ..
  •  20 -20 වැඩ්ඩන් එළියෙ ඉද්දි එස්.එස්.සී ක්‍රීඩකයො 03 යාපනේ කණ්ඩායමේ….

ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) තරගාවලිය සඳහා අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී පුහුණුකරුවන් හා ක්‍රිකට් පරිපාලනය අනුගමනය කළ අත්තනෝමතික තීන්දු කිහිපයක් නිසා බරපතල අර්බුදකාරී තත්වයක් මතු වී ඇතැයි වාර්තා වේ.  
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හි දී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4ක් යටතේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රීඩක තෝරා ගැනීම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

එහිදී දේශීය ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය (Supplementary Local) යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබු බව නිවේදනය කෙරිනි.

දිමුත් විසිවෙයි..

දිමුත් කරුණාරත්න

සැබවින්ම දේශීය ඉහළ (Gold Local) යටතේ වෙන්දේසියට ඉදිරිපත් කර සිටියේ ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණි. ක්‍රීඩකයින් 19 ක් වෙන්දේසි වු පසු අවසන් ක්‍රීඩකයා ලෙස සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක දිමුත් කරුණාරත්නය. එහෙත් ඔහුව ලබා ගැනීම ජැෆ්නා ස්ටැලියන්ස් පුහුණුකරු ලෙස එක්වූ කණ්ඩම්බි ප්‍රතික්ෂේප කළේය.
එක් කණ්ඩායමක් මෙම ඉහළ දේශීය ( Gold local ) යටතේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් තෝරා ගත යුතුමය. මේ අනුව හදිස්සියේ වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ ක්‍රීමට ඊට එක්ව සිටි ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා කටයුතු කළේය.
මෙලෙස දිමුත්ව ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇතැයි පැවසෙන්නේ ඔහු දක්ෂතා නොදක්වන්නෙක් බව පවසමිනි. එහෙත් නිමාවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලෙස එක්වූයේ දිමුත් කරුණාරත්නය.
එස්.එස්.සී ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පුහුණුකරු වන්නේ තිලිණ කණ්ඩම්බිය. ඔහු අසාර්ථක පුහුණුකරුවෙක් බව සනාථ කරමින් මෑත කාලයේ පළමු වරට දේශීය ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය දක්වා එස්.එස්.සී කණ්ඩායම පහත වැටුණේය.

 ඈෂ්ලිගේ චොසිස් එක

මෙලෙස දිමුත් කරුණාරත්නව කණ්ඩම්බි විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී වෙන්දේසියට ඉහළ දේශීය යටතේ නිර්දේශ කරන්නේ මිලින්ද සිරිවර්ධන හා බිනුර ෆනෑන්ඩුයි. ඒ පන්දුවාර විස්සයි විස්ස ඉහළ දක්ෂතා දක්වන වේගයෙන් පන්දුවට පහරදිය හැකි ඩිල්ෂාන් මුණවීර, පැතුම් නිශ්ශංක, චාමික කරුණාරත්න, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, සචිත්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස් හා රමිත් රඹුක්වැල්ල සිටියදී ය.
ඔවුන් අතර ඩිල්ෂාන් මුණවීර ලෝකයේ ප්‍රසිද්ධව සිටින්නේ විස්සයි විස්ස ලංකාවේ සිටින විශේෂඥ ක්‍රීඩකයෙක් ලෙසය. ඇෆ්ගනිස්තාන, පාකිස්තාන හා බංග්ලාදේශ දේශීය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා එක්වූ එකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඔහුයි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව කියන මෙම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 ටම ඇතුළත්ව නැත. එය අති විශේෂ සිදුවීමකි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Dilshan-Munaweera
ඩිල්ෂාන් මුණවීර

එස්.එස්.සී ලොකු වීම

මේ අතර තිලිණ කණ්ඩම්බි පන්දුවාර 20 – 20 ක්‍රීඩකයන් නොසලකා සිය එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තෝරා ගැනීමේදී වැඩි ප්‍රමුඛත්වක් ලබාදුන් ආකාරය පිළිබඳ චෝදනා එල්ල වෙමින් ඇත. ඒ එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රීඩකයි තුන් දෙනෙක් වන චරිත් අසලංක, නුවනිදු ෆනෑන්ඩු හා අෂේන් බණ්ඩාර තෝරා ගැනීමත් සමගය.

Sandun-Weerakkody
සඳුන් වීරක්කොඩි


දේශීය එක්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම ශතකයට හිමිකම් කියන්නේ සදුන් වීරක්කොඩිය. සඳුන් පන්දු 49 කදී ශතකය වාර්තා කළේය. එහෙත් කණ්ඩම්බි ඔහුවත් තෝරාගෙන නැත. ඒ එස්.එස්.සී කණ්ඩායම හැරදා බදුරලිය ක්‍රීඩා සමාජය තෝරා ගැනීමට සඳුන් කටයුතු කිරීමට ප්‍රතිචාර ලෙස බව බොහෝ දෙනෙක් පවසති.
මේ තත්වය මත ජාතික වශයෙන් ක්‍රිකට් ඔසවා තැබිය හැකි තරගාවලියක් එල්.පී.එල්. හරහා බලාපොරොත්තු විය හැකි දැයි ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයෝ ප්‍රශ්න කරති…

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂයේ ඉඳන් විස්සට පක්ෂ වූ ඩයනා කවුද?

Next Post

කොස්ගමින් පැන ගිය කොවිඩ් ආසාදිතයා බොරැල්ල සහස්පුරෙන් සොයා ගනී…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.