විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන සියලුම දෙනාටම ගුවන්තොටපල තුළ රැපිඩ් සහ පීසිආර් පරික්ෂණයන් ආරම්භ කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ විශේෂඥ නිර්දේශයන් ලැබුණු වහාම එම කටයුතු ආරම්භ කරන බව ද ඔහු කීය. පීසීආර් පරික්ෂණයන් පිටතින් කර ගැනීමට යාමේදී නවාතැන් පහසුකම් සපුරා ගැනීමට විශාල මුදලක් වැය වන බැවින් එය ආගමනිකයන්ට සහනයක් වනු ඇතැයි ද ඔහු පැවසීය.
විදේශයන් හී සිට පැමිණෙන සියලුම දෙනා එකහා සමානව මෙම පරික්ෂණයන් ගුවන්තොටුපල තුළ සිදුකිරිමට නම් ඒ සදහා අවශ්‍ය පහසුකම් තිබිය යුතු බැවින් ඒවා නිසි ලෙස කළමණාකරණය කර ගැනිම මේ වන විටත් සිදුකරමින් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.