සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි වර්ජනයේ අඳුරු අහුමුලු ගැන ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති කියයි…

by editor
ජූනි 9, 2022
in පුවත්
ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත

ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

විදුලි ඉංජිනේරු සංගමය ප්‍රධානකොට ආරම්භ කර මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇති විදුලි වර්ජනය තුළ  රට නොදකින අඳුරු අහුමුළු ගණනාවක් ඇති බව   ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත පවසයි.

මේ අවස්ථාවේ දී තමන්  මෙම වැඩ වර්ජනයට එක් නොවීමට ප්‍රධානම හේතුවත් එය බව ඔහු පෙන්වා දෙයි.  වැඩවර්ජනයට එකතු නොවුනේ කුමක් නිසාද යන්න පැහැදිලි කරමින් සභාපතිවරයා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්  කරන්නේ මෙසේය.

“මේ අවස්ථාවේ මේ වැඩවර්ජන කණ්ඩායමේ ප්‍රධාන ඉල්ලීම ලංවිම සභාපතිවරයා ඉවත් වීම කියන කාරණාව. ඇයි මෙහෙම වෙන්නෙ. ලංවිම අකාර්යක්ෂම මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක්. මේ ආයතනය කාර්යක්ෂම කරගන්න අපි යෝජනා ඉදිරිපත් කළා. දූෂිත දේශපාලකයා සහ අවස්ථාවාදී වෘත්තිකයා එකතු වෙලා ඇති කළ භායනක තත්ත්වයක අවසන් ප්‍රතිඵලය තමයි මේ අකාර්යක්ෂම යැපුම් මට්ටම.

නමුත් මේ සභාපතිවරයා මැදිහත්වුනා මේ ආයතනයේ දූෂිත තත්ත්ව ගැ විමර්ශනය කරන්න. ඒ සමගම සමහර අවස්ථාවාදීන්ගේ ක්‍රියාකාලපයන් හෙළි දරවු වුනා. ඒ නිසා තමයි සභාපතිවරයා ඉවත් කිරීම අංක එක විදිහට එන්නේ. අපි ඊට එකඟ වෙන්නෙ නෑ වෘත්තිය සමිතියක් විදිහට.

ජනාධිපති ඇතුලු ආණ්ඩුව වහාම මැදිහත්වෙලා  තත්ත්වය නිවැරදිව වටහාගෙන   නැවත වරක් ආපස්සට ගන්න තීන්දු විදිහට නැතිව  මහජනයාට  සහනදායී විදුලි ඒකකයක් ලාබා දීම වෙනුවෙන් පැහැදිලි තීරණයක් ගන්න කියලත් මේ සම්බන්ධව විගණනයක් කළ හැකි යාන්ත්‍රණයක් හදන්න කයලත්  අපි ඉල්ලා සිටිනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංවිම විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රමුඛ ඉල්ලීම වී ඇත්තේ විදුලි පනත සංශෝධනය වී බලශක්ති ඒකාධිකාරියක් විජාතික සමාගමට ලබා දීමට එරෙහි වීමය . මේ සම්බන්ධව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත කීවේ මෙවැන්නකි.

“පනත සම්බන්ධයෙන් ගත්තම මේ ඉංජිනේරු සංගමයේ ඇතැම් අයගේ  ක්‍රියාකලාපය ගැනත් කතා කළ යුතුයි. “

“2010 වර්ෂයේ දී  එල්.එන්.ජී   ඉන්ධනය පද්ධතියට එකතු කරගන්න උත්සාහ කළා.  එතකොට ගල්අඟුරු බලාගාර ඕන කිව්වා. ගල් අඟුරු බලාගාර ගහන්න ගත්තට පස්සේ පසුගිය අවුරුදු හය ඇතුළත ඉදිකළේ නෑ. ටෙන්ඩර් ඩොකියුමන්ට් එක හදන්න අවුරුදු දෙකක් ගත්තා.  ඒ වගේ වෙන වෙන විකල්ප යෝජනා කරමින්  අවසාන වශයෙන් ඩීසල්වලට තමයි යොමු වුනේ. “

“2014 නොරොච්චෝලෙ අවසාන බලාගාරයෙන් පස්සෙ කිසිම බලාගාරයක් ඉදිවුනේ නෑ. ඒ වෙනුවට වුනේ අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීම. “

“වත්මන් රජය ආවට පස්සේ සියයට 70ක් පුනර්ජනනී බලශක්ති ඉලක්කයක්  2030 වනවිට යනවා කියලා. නමුත් අවුරුදු තුනකට ආසන්න කාලයක්  ගිහින්.  අද වනවිට එකම පුනරජනනී බලශක්ති ඒකකයක්වත් පද්ධතියට එකතු කළේ නෑ. මේ වගේ අපි  හොඳම යෝජනාවයි කරන්නේ, මිනිස්සුන්ට සහන දෙන්නයි කරන්නෙ  කිව්වට සටන් පාඨයක් ලෙස ගෙනාවට පසුගිය අවුරුදු 12 තුළ ගිහින් තිබෙන්නෙ පොසිල ඉන්ධනවලට.“

“ඊයෙ පාර්ලිමේන්තුවෙදිත් සඳහන් වුනා ඒකකයක් නිශ්පාදන වියදම.  ගල්අඟුරුවලින් ඒකකයක් නිශ්පාදනය කරන්න රුපියල් 42ක් යනකොට ඩීසල් ඇතුළු පොසිල ඉන්ධනවලින් ඒකකයක් නිශ්පාදනය කරන්න රුපියල් 137 දක්වා අගයන්වලට ගියා.“

“මේක තවදුරටත් කරන්න පුලුවන් ද. මේක පනත 2013 පනත සංශෝධනය වෙද්දි පනතේ පළමු වගන්තිය සහ දෙවන වගන්තිය එකට එකතු වුනා. පුනර්ජනනී බලශක්තිය පද්ධතියට එකතු කරන්න බැරි තත්ත්වයක් මේ පනත නිසා ඇතිවුනා.“

“මේ ගැන අපි දිගින් දිගටම කතා කලා පනතේ ඇයි මේ වචනය වෙනස් කරගන්න බැරි ඇයි කියලා. ජනාධිපතිවරයා ගැන අපට තියන අප්‍රසාදය තියෙන්නෙ ජනවාරිවලදි කිව්වා සති දෙකක් ඇතුළත මේ ගැන පියවර ගන්නවා කියලා. අද වෙනකම් බැලුවෙ නෑ.“

“මේ අවස්ථාවේදි ආපස්සට ගන්න තීන්දු නෙමෙයි . රට ගැන හිතලා පුනර්ජනනී බලශක්තිය   ඉලක්කයක් නම් ඒ ගැන කල්පනා කරලා  වහාම ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ පනත සංශෝධනය කරලා පුනර්ජනනී බලශක්තියෙන් අඩුමිලට විදුලි ඒකකයක් ලබා ගැනීමේ ඉඩ ලබා ගත යුතුයි.“

ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පද්ධති බල ගැන්වීම පැයකින් කරන්න පුලුවන් වැඩක්… තවම කරලා නෑ – ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

Next Post

ඉන්දියාවේ සිට එන යූරියා මෙට්‍රික් ටොන් 65000 ලබන මස මුල් සති දෙක තුළ ලංකාවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.