කීර්ති ප්‍රනාන්දු –
ඊයේ (08) මධ්‍යම රාත්‍රීයේ සිට ඇතැම් වෘත්තීය සමිති විසින් ආරම්භ කිරීමට තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර ඇති නමුත් පද්ධති පාලන මධ්‍යස්ථානයේ උපදෙස් මත 8වන දින රාත්‍රියේ පද්ධතියෙන් ඉවත් කළ සමහර ජනක යන්ත්‍ර නැවත පද්ධතියට සම්බන්ධ කිරීමට මේ දක්වා උපදෙස් ලබා දී නොමැති බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒජීයූ නිශාන්ත පවසයි.
ග්‍රිඩ් උපපොලවල් මගින් බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට පද්ධති පාලන මධ්‍යස්ථානය විසින් අදාළ ග්‍රිඩ් උපපොලවල් වෙත උපදෙස් නිකුත් කර ඇති නමුත් 8වන දින රාත්‍රියේ පද්ධතියෙන් ඉවත් කරන ලද ජලවිදුලි බලාගාර කිසිවක් මේ දක්වා නැවත පණගැන්වීමට උපදෙස් ලබා නොදීම හේතුවෙන් ඇතැම් ජලාශ පිටාර මට්ටමට ලඟාවෙමින් පවතින බවදත් මෙය පැයක් තුළ යථා තත්ත්වයට පත් කරගත හැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.
“ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය විදිහට මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට අප සහභාගී වෙලා නෑ. අපි මේ අවස්ථාවේ දී මේ වැඩ වර්ජනයට එකඟ නෑ. මහවැලි සංකීර්ණයෙත් ලක්ෂපාන සංකීර්ණයෙත් පද්ධති එකතු කරගන්න අවශ්‍ය උපදෙස් පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් ලැබිල නැති නිසා තවමත් ප්‍රදේශ ගණනාවක විදුලිය අත්හිටවලා තියනවා. මේ වනවිට යම් ප්‍රමාණයක් පද්ධතිගත කිරීම් ආරම්භ වෙලා තිබුණත් ලක්ෂපාණ සංකීර්ණයේ ධාරිතාව උපරිම තත්වයකට ඇති වෙලා නෑ,“
“මෙවැනි තත්තවයක දී පද්ධතියේ දෝෂ නැති නිසා පැයකට අඩු කාලයක් තුළ යළි පද්ධතිය යථාවත් කළ හැකියි. .“







