සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල පනතේ ලොකුම අඩුපාඩුව චම්පික රණවකගෙන් විග්‍රහයක්!

by Lankasara News
ජූනි 9, 2022
in පුවත්
Patali Champika Ranawaka | චම්පික රණවක
Share on FacebookShare on Twitter
  • සුළු සහ මධ්‍ය පරිමාණ දේශීය ආයෝජකයන්ට විදුලියේ ආයෝජනයට ඉඩ ඇහිරෙනවා!
  • මෙගවොට් 25ට වැඩි මහා පරිමාණ ව්‍යාපෘති රජයේ පාලනයෙන් ගිලිහෙනවා!
  • අදානිට ගිගාවොට් 6ක් දුන්නොත් තව අවුරුදු තිහකටවත් වෙන අයට ඉඩක් නෑ !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු විදුලි බල පනතේ පවතින ලොකුම අඩුපාඩුව වන්නේ පුනර්ජනනීය විදුලි බල ආයෝජන සඳහා මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට එහි අයෝජනය කිරීමට ඇති අවස්ථා අහිමි කරවීම ලෙස තමා දකින බවත් මෙයින් මහා පරිමාණ ආයෝජකයන්ට පමණක් මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථා හිමි කර දී ඇති බවත් හිටපු විදුලි බල හා බලශක්ති අමත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා දැනට නව පනතෙන් සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සදහා ඉල්ලුම්කරුගේ සුදුසුකම් සාමාන්‍යකරණය කර ඇති බවත් මෙගවොට් 25කට වැඩි බලශක්ති ව්‍යාපෘතිවල රජයේ හිමිකාරීත්වයක් සහිත ව සිදු කළ යුතු බවට තිබූ නීතියද ඉවත් කර ඇති බවත් පෙන්වා දුන් චම්පික රණවක මන්ත්‍රීවරයා එය රටේ බලශකති සුරක්ෂිතතාව පිළිබඳව අමහිතකර බලපෑමක් එල්ල කළ හැකි කරුණක් බව පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා

2002 වර්ෂයේදී විදුලිබල මණ්ඩලයේ කොටස් වලට වෙන් කරලා ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියාමනය කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම පිහිටෙව්වා. නමුත් මහජන උපයෝගීතා කොමිසම බලාත්මක කිරීමට විදුලිබල පනතෙන් හෝ තෙල් සංස්ථා පනතෙන් හෝ ජල සම්පාදන පනතෙන් ඉඩකඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසා තමයි 2009 දී විදුලිබල පනත සංශෝධනය වුණේ මූලික වශයෙන්ම. ඒකෙන් මහජන උපයෝගීතා කොමිසම බලාත්මක කළා ඒ පනත විදුලිබල මණ්ඩලය නියාමනය කිරීම සඳහා. ඒ වගේම මේ තරගකාරී පදනමෙන් විදුලිය මිලදී ගැනීම කියන කාරණයත් එකතු වුණා ඒකට. කෙසේ නමුත් ඊට වසර දෙකකට පෙර සුනිත්‍ය බලශක්ති අධිකාරිය දෙදාස් හතේ පිහිටෙව්වට පස්සේ එක්දාස් නමසිය අනූ හයේ ඉඳන් කැබිනට් තීරණයක් ලබාදීලා තිබිච්ච මේ පුනර්ජනනීය බලශක්තීන් සඳහා ලබාදීලා තිබිච්ච අර එස්. පී. පී. ඒ. කියන ඒ සම්මත බලශක්ති මිලදී ගැනීමේ ක්‍රියාදාමය සුනිත්‍ය බලශක්ති අධිකාරියට පැනවිලා යම් ආකාරයක ක්‍රියාදාමයක් හරහා බලපත ලාභීන්ට විදුලි බලය නිපදවීමේ අවස්ථාව ලබා දුන්නා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් මේ 2007 පනතේ සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතෙත්, ඒ වගේම 2009 විදුලි පනතෙත්, ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම පිළිබඳ පනතෙත් යම් යම් පුංචි පුංචි පරස්පරතා ඇතිවෙච්ච නිසා මේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අඩපණ වීම නිසා තමයි 2013 දී මේ පිළිබඳව වෙනත් පනතක් ගේන්න සිද්ධ වුණේ. ඒ 2014 නව පනත මගින් තරඟකාරී පදනම අඳුන්වලා දුන්නා.

නමුත් අර්ථ නිරූපණ නීතියේ අපි දන්නවා කරුණු තුනක් තියෙනවා. වචනාර්ථ නීතිය තියෙනවා. ස්වර්ණමය නීතිය තියෙනවා. අනර්ථකාරී නීතිය තියෙනවා. මේකෙන් මේ වචන අර්ථය විතරක් සලකලා දීපු මේ නිගමනය නිසා ඒ කියන්නේ තරඟකාරී පදනමෙන් පමණක් සුනිත්‍ය බලය ලබා ගන්න ඕනයි කියලා දීපු ඒ නිගමනය නිසා අද වෙනකන් 2015 ඉඳන් විශාල බලශක්ති ව්‍යිපෘති ප්‍රමාණයක් හිර වෙලා තිබෙනවා. මේක ඉතාම අනර්ථකාරී තත්ත්වයක්.

අද ජාතික ව්‍යසනයක් බවට විදුලිබල පද්ධතිය පත්වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා අධිකරණ ඇමතිතුමාගෙන් මේකට මැදිහත් වෙලා යම් ආකාරයක නීති විවරණයක් ලබා දෙන්න කියලා.

නව පනතෙන් මොකද කරලා තියෙන්නේ? පනතෙන් පළමුවෙන්ම මේ බළශක්ති ව්‍යාපෘති ඉල්ලුම්කරුගේ තිබිච්ච සුදුසුකම් සාමාන්‍යකරණය කරලා තියෙනවා. දැන් ඕනම කෙනෙකුට බලපත්‍රයකට ඉල්ලන්න පුළුවන්. ඒ වගේම එදා 2009 වසරේ විදුලි පනත සම්මත කරද්දී මෙය පාර්ලිමේන්තුවෙන් යෝජනා වුණා, මෙගා වොට් විසිපහට වඩා වැඩියෙන් තිබෙන බලාගාර සඳහා රජයේ කොටස්කාරීත්වයක් හිමිවිය යුතුයි කියන එක. ඒකත් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව මෙගාවොට් විසිපහට වඩා, ඕනම කෙනෙකුට නිෂ්පාදනය කරන්න පුළුවන් රජයේ හිමිකාරත්වයක නැතිව.

ඒ වගේම 1996 සිට තිබුණු එස්. පී. පී. ඒ නමින් වූ සුනිත්‍ය බලය ජාතික පද්ධතියට මිලදී ගැනීමේ පැවතුණ මෙගාවොට් දහයේ සීමාව ඉවත් කර තියෙනවා මම ඉල්ලා හිටිනවා, ආණ්ඩුවෙන් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අතිවිශාල ප්‍රමාණයක් මේ මෙගාවොට් දහයට වඩා අඩු කුඩා ජල විදුලිය සූර්ය බලය ඒ වගේම සුළං බලාගාරත් බොහෝ දුරට ඉදි වී තිබෙනවා. ඒ නිසා මේ වගන්තිය ඇතුළු කරන්න. නැතිනම් මේ මගින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණයි අවස්ථාව ලැබෙන්නේ ඉදිරියට යන්න. දැනටමත් අපේ විදුලි බල අවශ්‍යතාවේ මෙගාවොට් හාරසීයක විතර හිඟයක් තියෙනවා දැන්.= ඒ නිසා තමයි අද පැය පහක් හයක් විදුලිය කපන්නේ. මං හිතනවා මාස කීපයක් ඇතුළත මේ මෙගා වොට් ප්‍රමාණය මෙම කුඩා ව්‍යාපෘතිවලින් ඉක්මනින් මේ බල පද්ධතියට උකහා ගන්න පුළුවන්.

ඒ වගේම මෙහි තවත් ගැටලුවක් තියෙනවා. ඒක තමයි පවතින පවතින දේවල්වලට පමණක් නෙමෙයි පනත ක්‍රියාත්මක වූවාට පස්සේ අනාගත දේවල් වලටත් කියලා කොටසක් එකතු කරලා තියෙනවා. ඒ මගින් අනාගතයේ නොපෙනෙන මානයකට තියෙන ඒවටත් අවසර ලබාදීමේ ක්‍රියාවලියක් අනුගමනය කර තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක ගැන අපි වහාම ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම මම මෙතනදී මතක් කරනවා ඉන්දියාවේ සමාගමක් වෙච්ච අදානි සමාගම ලංකා රජයට ලිපියක් එව්වා. ඒ ලිපිය මම සභාගත කරනවා. හැන්සාඩ්ගත කිරීම සඳහා සභාගත කරනවා. මොකද ඔවුන් ඉල්ලා තියෙනවා ගිගාවොට් හයක්. මෙගා වොට් හයදාහක් සංවර්ධනය කිරීම සඳහා මේ රටේ. අද මේ රටේ වැඩිම ඉල්ලුම මෙගා වොට් දෙදහස් හත්සීයයි. ඒක මෙගාවොට් හයදාහක් වෙන්නේ සමහරවිට අවුරුදු විස්සක්, තිහක් යන්න පුළුවන්. ඒ අනුව අවුරුදු විස්සක්, තිහක් ඉදිරියට තියෙන අපේ පුනර්ජනනීය බලශක්තිය. ඒක අපේ රටේ දේශීය බලශක්තියක්. ඒක තනි ඉන්දියානු සමාගමකට ලබාදීම සම්පූර්ණයෙන්ම මේ රටේ තරඟකාරීත්වයටත්, බලශක්ති ආරක්ෂිතභාවයටත් විරුද්ධයි. ඒ වගේම මම සභාගත කරනවා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා එවකට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා. වහාම අදානිට මෙගා වොට් පන්සීයක් ලබා දෙන ලෙස. ඒ වගේම ආයතන ගණනාවක් එකතු වෙලා අදානිත් සමඟ අත්සන් කරපු ඒ එක මම මේ අවස්ථාවේදී සභාගත කරනවා. මොකද මේ සියල්ලේ අරමුණ මොකක්ද? මේ සියල්ලේ අරමුණ මේ රටේ මේ පුනර්ජනනීය බලශක්තිය ප් රවර්ධනය නම් අපි අත් දෙකම ඒ උස්සලා ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න සූදානම්. නමුත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියල්ලම මරලා දාලා, රටේ බලශක්ති සුරක්ෂිතතාවය අඩාල කරලා, ඒක විදේශ සමාගමකට පැවරීම සඳහා නම් මේක කරන්නේ, ඒක මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවයට, බරපතල අනතුරක්. ඒක නිසා ඒ කටයුත්ත කරන්න එපා කියන එකත් අපි ප් රකාශ කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ ඉන්දියානු ආණ්ඩුවෙනුත් ඉල්ලීමක් කරනවා, ඔබ මේ අමාරු අවස්ථාවේදී, අසීරු අවස්ථාවේදී, අපිට ඖෂධ ලබා දීමෙන්, ආහාර ලබා දීමෙන්, ඉන්ධන ලබා ගැනීමට උපකාර කිරීමෙන් අපේ ගෞරවය දිනාගෙන ඒකට යටින් මෙවැනි දේශපාලන ක්‍රියාදාමයක්, ව්‍යාපාරික අවශ්‍ය තාවයක් ඉෂ්ට කරගැනීමට ආයතන මෙහෙයවීමක් සිද්ධ වෙනවා නම්, ඔබගේ කීර්තිනාමය මේ රට ඇතුළේ පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් ප්‍රවේසම් වෙන්න කියන ඉල්ලීමත් ප් රකාශ කරමින්, මේ සංශෝධන ගෙනල්ලා, තමන්ගේ සද්භාවය ප්‍රකාශ කරන ලෙස ආණ්ඩුවට මම ඉල්ලීමක් කරනවා. මේ එස්. පී. පී. පී. පී. පී. ඒ. දහයට අඩු ඒවාට ලබා දීමත් අනිත් සියලුම දේවල් වලට තරගකාරීත්වය ලබා දීමත් විශේෂයෙන්ම සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ විදේශීය සමාගම්වලට පන්සීය, හයසිය, දාහ, හයදාහ ඉඩකඩ ලබා නොදෙන ලෙසත් ඒකට එරෙහිව මේ රටේ ජනතාව නැගී සිටීමට කාලය එළැඹිලා තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජොනී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වෙයි…

Next Post

රන්දෙණිගල – රන්ටැඹේ ජලය නිකුත් කිරීම ත්‍රස්ත ක්‍රියාවක් බව විදුලිබල ඇමති කළ නොදැනුවත්  ප්‍රකාශය   රට පටලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.