පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත භාරවී ඇත.
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව නම් කළේය.
මැයි 09 අපරාධයට සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුව ඇති B22046/22 දරණ නඩුවේ විමර්ශනය කටයුතු අධිකරණය හා සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිගේ නිර්දේශ මත අධිකරණය විසින් නම් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා ලිඛිතව පරීක්ෂණ ප්‍රගතිය දක්වමින් ලිඛිතව දන්වා තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද පුද්ගලයින් 20 දෙනා අතරින් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණක් බවය.
මේ අතර ඔහු විසින් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිට් පෙත්සමක් ගොනු කළ අතර එහිදී අභියාචානාධිකරණය නියෝග කළේ, අද රාත්‍රී 8.00 ට පෙර ඔහුට අධිකරණයට භාර වන ලෙසය.







