පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ ඊයේ (19) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පැදවූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී තවත් මෝටර් රථයක ගැටී ඇති අතර මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. රඛිත රාජපක්ෂ මහතාද තුවාල ලබා ඇති බව සඳහන් වන අතර ඔහු රිය පැදවීමේදී මත් පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීමට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට තිබේ. වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි







