සමන්තිකා වීරවර්ධන
මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළදසැල් කීපයකින් කොවිඩ් රෝගීන් 17 දෙනෙකු හමුවී ඇති බැවින් වෙළදසැල් දෙකක වසා දැමීමට කටයුතු කර ඇතිබවට පළවන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මහරගම හෝ පමුණුව ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයින් සිටින්නේ නම් ඒ පිළිබදව එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැන සිටිය යූතු නමුත් කොවිඩ් ආසාදිතයින් එම ප්‍රදේශ දෙකෙන්ම හදුනා ගෙන නොමැති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සදහන් කරති.
එසේම පමුණුව ප්‍රදේශයේ රෙදිපිලි අලෙවි කරන වෙළදසැල් දෙකක් කොවිඩ් හේතුවෙන් වසා දමා ඇති බවටද පළවන වාර්තාවන් අසත්‍ය යැයිද ඔහු සදහන් කළේය.
අප මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ විමසු කළ ඔහු සදහන් කළේ මෙම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවය.