දිනසේන රතුගමගේ –
යුද සමයේදී මුහුදු කොටි සාමාජිකයින් විසින් භාවිත කළ බවට සැක කෙරෙන මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝට්ටුවක් යුද හමුදාව විසින් මුලතිව් ප්‍රදේශයේදී 28 දා සොයා ගෙන තිබේ.
මෙම බෝට්ටුව මුලතිව් මුහුදු වෙරලේ වළ දමා තිබියදී පළාතේ ධීවරයෙකු එම බෝට්ටුවේ කොටසක් වැල්ලෙන් උඩට මතු වී තිබෙනු දැක ඒ පිළිබදව යුද හමුදාවට තොරතුරු දැණුම් දී තිබේ.
මුලතිව් අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය අදාල ස්ථානයට පැමිණ බෝට්ටුව ගොඩ ගෙන එහි මතුපිට ඉවත් කිරීමේදී බෝට්ටුව තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය හා මරාගෙන මැරෙන මුහුදු කොටි විසින් භාවිත කළ මෙවලම් හමු වී තිබේ.
මුලතිව් ආරක්ෂක අංශ විශ්වාස කරනු ලබන්නේ මරාගෙන මැරෙන මුහුදු කොටි සාමාජිකයන් මෙම බෝට්ටුව යුද සමයේදී අවශ්‍ය මොහොතක භාවිත කිරීම පිණිස මෙම ස්ථානයේ වළ දමන්නට ඇති බවයි.
මුලතිව් ආරක්ෂක අංශ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි







