බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් සහිත නෙළුම්වැව උණු දිය ළිංවල පුදුම හිතෙන වෙනසක්…

 කට හඬක් ඇහෙන විට බුබුළු දමමින් වතුර උතුරනවා.... ගම්මු කියති...

by editor
මාර්තු 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල්   ජයරත්න –

  • විනාඩියකින් තේ එකක් හදාගන්න පුලුවන්… විනාඩි දෙකකින් බිත්තරයක් තම්බා ගන්න පුලුවන්…

  • ඖෂධීය ගුණයක් ඇතැයි ආයුර්වේද වෛද්‍යවරු කියනවා… බෙහෙත් හදා ගන්න වතුර අරන් යනවා…

පොලොන්නරුව වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටි ශ්‍රී ලංකාවේ උණුදිය උල්පත් අතර  වැඩිම උෂ්ණත්වයක් පවතින  නෙලුම්වැවේ උණු වතුර ළිං තුල වෙනස්කම් රැසක් සිදු වෙමින් පවතින බව නෙළුම්වැව ගම්වාසීහු පෙන්වා දෙති.

මේ දිනවල එම   උණු වතුර ළිං වලින් දහවල් මෙන්ම සවස් කාලයේදී  දැඩි දුමාරයක් පවතින අතර, උනු වතුර ළිං වලින් එන ජලය අධික උණුසුම් ගතියක් ඇතිවන බවත්,  එම ආසන්නයේ කවුරුන් හෝ කතා කරන විට බුබුළු වැඩිවශයෙන් උඩට මතුවී  උණුවතුර පිටාර ගැලීමෙන් වැව මැද   ඇති ජපන් ජබර ඇතුළු ජලජ පැලෑටි  විනාඩි ක් කිහිපයකින් මැලවී යන බවත්       නෙළුම්වැව ඩී 08 බෙදුම් ඇළ ගොවි සමිතියේ  උප සභාපති ඩබ්ලිව්. එම්. ධර්මපාල කීවේය.

බෙදුම් ඇළ ගොවි සමිතියේ  උප සභාපති ඩබ්ලිව්. එම්. ධර්මපාල

නෙළුම්වැව මැද උණු වතුර ළිං හතක් පිහිටා තිබෙන අතර ඉන් එක ළිඳකින් උඩට මතුවන උණුවතුරෙන්   විනාඩියක් ඇතුළත තේ කෝප්පයක් හදා ගැනීමේ හැකියාව පවතින බවත්, විනාඩි දෙකක කාලයක් තුළ බිත්තරයක් තම්බා ගැනීමට හැකියාව පවතින බවත්, ඇතැම් සංචාරකයින් මෙම ස්ථානයට පැමිණ එම උණු වතුර ළිං වලින් තේ බීමට පුරුදුව සිටින බවත්   ධර්මපාල කීවේය.

වර්ෂ 2005 වසරේ දී හඳුනාගත් නෙළුම්වැව   මැද පිහිටා ඇති උණුවතුර ළිං ශ්‍රී ලංකාවේ පවතින උණු වතුර ළිං දහයෙන් වැඩිම උෂ්ණත්වයක් පවතින උණුවතුර ළිං ය. ඒ අනුව මෙහි සෙල්සියස් අංශක 74 කට වඩා උෂ්ණත්වයක් පවතින බවට පර්යේෂකයන් විසින් තහවුරු කර ඇති බව  නෙළුම්වැව ගම්වාසීහු සඳහන් කරති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

 

උල්පතේ වතුරෙන් හදා ගත් තේ වීදුරුවක් සමග..

කලක් වැලිකන්ද ප්‍රාදේශීය සභා මඟින් පාලනය කරන ලද මෙම උණුවතුර ළිං ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ද පාලනය වූ අතර මෙවැනි විට උණුවතුර ළිං හතක් වැව මැද  පිහිටා තිබුණද  ඒවා නැරඹීමට යෑම සඳහා ඇත්තේ එකම බෝට්ටුවක් පමණක් බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ශරීරයේ ඇතිවන කුෂ්ඨ දද ඇතුළු සමේ රෝග සමනය කරගැනීමට මෙම උණු වතුර ළිංවල ජලය පළාතේ ජනතාව භාවිතා කරති.  දිවයිනේ බොහෝ   ප්‍රදේශවල ආයුර්වේද වෛද්‍යවරුන් පැමිණ මෙම උණු වතර ළිඳේ ජලය විවිධ ප්‍රතිකාර සඳහා කලක් රැගෙන ගිය බවද ගම්වාසීහු කියති.

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ සෙවණපිටිය නගරයේ සිට කිලෝමීටර් 5 ක් දකුණු දෙසට ගිය පසු වැව මැද මෙම ළිං පිහිටා තිබේ.

කිසිදු ප්‍රයෝජනයක් ලබා නොගන්නා මෙම උණු වතුර වතුර ළිං වල තත්වය පිළිබද අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර  නොයෙල් ජයසිරිගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම උණුවතුර ළිං සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලදිවයිනේ දී  මිය ගිය ජාතික පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සැක සහිතයි! -මව කියයි…

Next Post

වැල්ලේ වළ දමා තිබූ මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන  බෝට්ටුවක් මතු වේ!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.