වැල්ලම්පිටිය, වේරගොඩ කනිටු විදුහලේ ජල කරාමයක් සවි කර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් පාසලේ 1 වසරේ අධ්‍යාපනය ලබන 06 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත් වී තවත් සිසුන් 06 දෙනෙක් තුවාල ලබා තිබේ..
තුවාල ලද දරුවන්ගෙන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
දරුවන් 05 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ද තවත් බරපතල තත්ත්වයේ පසුවන දරුවා බොරැල්ල ළමා රෝහලේ ද ප්‍රතිකාර ලබයි.
පාසලේ විවේක කාලයේ දී දිවා ආහාරය ගෙන වතුර පානය කිරීමට පැමිණි මෙම දරුපැටවුන්ගේ ඇඟට කරාමය සවිකර තිබූ අනාරක්ෂිත තාප්පය කඩා වැටී ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







