බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝප් එකේ කෝට් එක ඇඳගෙනම කෝප් සභාපති ෂම්මිට විකිණිලා ද? පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්නයක්!

අපිටත් ලජ්ජයි... මේ සභාපති යටතේ නම් ක්‍රිකට් විමර්ශන එපා... ඊට නව සභාපතිවරයෙක් පත් කරන්නැයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති...

by editor
නොවැම්බර් 15, 2023
in පුවත්
Ranjith-Bandara
Share on FacebookShare on Twitter

ඊයේ ක්‍රිකට් පාලක මණ්ඩලය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී අතිශය ජුප්සාජනක හැසිරීමක් ප්‍රකට කළ කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාරගේ ක්‍රියා කලාපය සම්බන්ධව    පරීක්ෂණයක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

කෝප් කමිටුවේ සාක්ෂි විමසමින් සිටිය දී නිශ්ඡිත කාරණාවක් ප්‍රකාශ නොකරන සේ කරන බලපෑමක් ආකාරයෙන් කෙරෙන ඒ ව්‍යංගය සහිත පටය සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වී තිබිණි.  මේ එම වීඩියෝ පටය ය.

මේ සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේය.

ඊයේ (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගීත්වයෙන් පැවති කෝප් කමිටු රැස්වීමේ දී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපතිවරයාගේ බලපෑම් සහිත හැසිරීම අපි දැක්කා.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මම දන්නේ නෑ ඔබතුමා දැක්කද කියලා ගරු සභාපති තුමාගේ හැසිරීම. කෝප් එකේ යම් යම් සාකච්ඡාවන් සහ නිර්දේශ පිළිබඳ කරුණු විමසීම්වල දී අපි දැක්කා රූප රාමුවක්.

ඒ රූපරාමුවේ අපි දකිනවා කෝප් එකේ සභාපතිවරයා   කටට ඇඟිල්ල තියලා යම් කිසි උපදෙසක් දෙනවා උත්තර දෙන්න එපා කියලා. ඒ රූප රාමු විතරයි දැන් එලියට ඇවත් තියෙන්නේ.

හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කළොත්,  ඒ කෝප් කමිටුවේ ඇතුළෙ අපේ සමාජිකයො දක්වපු අදහස් හා කරුණු කාරණා බොහොම බරපතලයි.

ඒ කියන්නේ කෝප් සභාපතිවරයා නියම් හෝ අනියම් විදිහකින් හසුරුවනවා සාක්කි කාරයො ලබා දෙන උත්තර පිළිබඳව.

මේක බරපතල කාරණාවක්.  මේක සම්බන්ධව කථානායක තුමා පරීක්ෂණයක් පවත්වන්න. මේක ආවට ගියාට කරන පරීකෂණයක් නෙමෙයි. රූප රාමු විතරක් නෙමෙයි. හේෂා විතානගේ මැතිතුමා ඒකේ සාමාජිකයෙක්. ඒ වගේම මරික්කාර් මැතතුමත් එකේ සාමාජිකයෙක්. ඒ  අයගේ වරප්‍රසාදත් උල්ලංඝණය වෙලා තියනවා. අපේ වරප්‍රසාදත් උල්ලංඝණය වෙලා තියනවා. කෝප් කමිටු සභාපති ඉන්නේ ක්‍රිකට් බෝඩ් එක සාක්ෂි දෙන ආකාරය හසුරවන්න නෙමෙයි. ඒ පිළිබඳව පරීක්ෂණයක්  කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා.

ඒ අවස්ථාවේ දී නැගී සිටි හේෂා විතානගේ කීවේ රටේ මේ ආකාරයේ ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවක කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය කැඳවන ලෙස තමන් ඉල්ලා සිටියේ මීට මාස ගණනකට පෙර බවය. ඒ සෑම අවස්ථාවකම එම ඉල්ලීම මග හරිමින් සිට එක් වරම ඊයේ ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර හැසිරුණ ආකාරය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

“ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ක්ෂණිකව තීන්දුවක් ගෙනාව 14 වැනිදා ක්‍රිකට් කමිටුව කෝප් එකට ගෙන්වන්න කියලා. එතන සිද්ධ වුනේ ක්‍රියාත්මක වුනේ මිනිස්සුන්ගේ පරමාධිපතත්‍යයට පයින් ගහන වැඩක්. ඒ පැය දෙක තුළ සිදුවුනේ ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්න විසඳලා හොරකම් හෙලි දක්වන එක නෙමෙයි. කාලය නාස්තිකරලා පැය දෙක ඇදන් ගිය එක. අපි ඒ කණ්ඩායමේ ඉන්න කණිෂ්ඨ මන්ත්‍රීවරු.  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු  කාලය කන වැඩේ නියමෙට කළා. මම රෙකෝඩින් එක ඉල්ල ගත්තා ඒ පැය දෙකේ. මෙතනින් එහාට මේ විදිහට කෝප් කමිටුවට ක්‍රිකට් ආයතනය ගොන්නුවොත් අන්තිම තීන්දුව වෙන්නේ ඉන්න මන්ත්‍රීවරු ටික චූදිතයො වෙනවා. ක්‍රිකට් ආයතනය කිසිම වරදක් නොකළ සුදනන් වෙනවා.”

“රිදෙන ප‍්‍රශ්නයක් අහන හැම වෙලාවෙම මෙතන හෑන්ඩ් සිග්ලනල් දෙනවා ඔයා මේකට උත්තර දෙන්න එපා ඔයා වඩි වෙන්න කියලා.  සමස්ථය එතුමා භාරයේ තබා ගත්තේ.

ක්‍රිකට් එකේ හොරකම් ගැන අපට කතා කරන්න තියන එකම තැන කෝප් කමිටුව. ඒකත් ගෙනත් තියන් සභාපතිතුමා විකිණෙනවා නම් අපි කෝප් කමිටුව ඉඳන් වැඩක් නෑ. ගෞරවයෙන් ඉල්ලනවා මේ අය කෝප් කමිටුව ගේන එක නතර කරන්න එපා. ඒ දිනවල මේ සභාපතිවරයා නැතිව මන්ත්‍රීවරු කණ්ඩායමක් දමා විමර්ශනයක් කරන්න අවස්ථාවක් හදලා දෙන්න.” හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී  නලීන් බණ්ඩාර කෝප් සභාපති දැඩි ලෙස තමන්ව හසුරුවමින් මේ විගණන වාර්තාව ගැන පමණක් කතා කිරීමට බල කළ ආකාරය හෙලි  කළේය.

“වෙනද කතා කරද්දි එහෙම කොන්දේසි දාන්නේ නෑ. පුදුම තදින් නියෝගයක් විදිහට දුන්නා විගණන වාර්තාව විතරයි කියලා. අපේ විරෝධය පල කරනවා. තවදුරටත එතුමාට කෝප් කමිටුවේ සභාපති ලෙස  කටයුතු කරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න කියලා ඉල්ලනවා.”

කෝප් කමිටු සභාපතිට එරෙහිව කටයුතු කරන්න යැයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

පොදු ජන පෙරමුණු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත පැවසුවේ විපක්ෂයෙන් කරන යෝජනාවට තමන් එකඟ බවය. සභාපතිවරයාගේ හැසිරීම ප්‍රශ්න සහගත බවත්, 27, 28 හා 29 දිනවල ක්‍රිකට් පාලක මණ්ඩලය යළි කෝප් කමිටුවට පැමිණෙන අවස්ථාවේ දී වැඩබලන සභාපතිවරයෙක් හරහා කමිටුව මෙහෙයවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පැවසුවේ මේ තත්ත්වය නරක පූර්වාදර්ශයක් බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපති කර මෙම විමර්ශනය සිදුකරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා කීවේය.

“මට දැන් සැකයි මෙතනත් ( කෝප් කමිටුව) ක්‍රිකට් එකේ සල්ලිවලට විකිණිලා ද කියලා. “ ඇමතිවරයා කතාව අවසන් කළේ එසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටි 1 වසරේ දරුවෙක් මරුට.. තවත් 06 දෙනෙකුට තුවාලයි.. එක් දරුවෙකුට බරපතලයි!

Next Post

බැම්මක් කඩා වැටී දැරියක් මිය ගිය වේරගොඩ කණිටු විදුහලේ විදුහල්පතිට ප්‍රහාරයක්… ඇසකට හානි වී අක්ෂි රෝහලට ඇතුළත් කරයි!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.