බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිනුරගේ කොන්දේ අමාරුවට අවුරුදු 07ක් තිස්සේ කකුළට බෙහෙත් කරලා… වනිඳුගේ අබාධය වැඩි වෙලා…

ක්‍රිකට් බොඩ් මැඩිකල් පැනල් එකේ වන්ෂොට් ක්‍රිකට් කන හැටි කෝප් කමිටුවේ දි කියැවෙයි!

by editor
නොවැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බිහිසුණු අගාධයකට ඇද දැමූ ක්‍රීඩකයින් අබාධයට පත්වීම  ක්‍රිකට් ආයතනයේ  වෛද්‍ය කමිටුවේ සිටින එක්තරා ප්‍රධාන වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත සිදුවන බවත් එම තැනැත්තා වන්ෂොට් නමින් හඳුන්වන බවත් ඊයේ කෝප් කමිටුවට කැඳවූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර කළ විමසීමක දී  හෙළිදරව් විය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ විමසුවේය.

“ක්‍රිකට් ආයතනයේ මෙඩිකල් පැනල් එකෙක් ඔබතුමන්ලා කරලා තියෙන දේවල් මම කියන්නම්. අද වෙනකොට වනිඳු හසරංගේ පළමු ස්ථරය තිබුණු එක තුනවන ස්ථරය දක්වා වැඩිවෙලා. බිනර ප්‍රනාන්දුට මේ කියන පැනල් එක වෙදකම් කළා. ඔහුට තියෙනවා කිව්වේ, කකුලේ අමාරුවක්. අවුරුදු 7ක් වෙදනම් කළා කකුලේ අමාරුවට. ඒත් එයාට තිබුණේ කොන්දේ අමාරුවක්. ලංකාවේ ඉන්න අඩි 6යි අඟල් 4ක් උස හොඳම වේග පන්දු යවන ළමයෙක් එයා. අවුරුදු 7ක් ඔහුව විනාශ කළා. “

ඔය පැනල් එක කරුණාකරලා ඉවත් කරන්න. මොකද හේතුව ඔතනින් තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ක්‍රීඩකයින් පස්දෙනෙක් මේ තරග සංචාරයෙන් ආපසු ආවා. මේ කියන 20/20 එකේදීත් අරන් යනවා ඔය කියන පැනල් එක. ඒ පැනල් එක තමයි අද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව විනාශ කරලා තියෙන්නේ.

කරුණාකරලා යම් නියෝගයක් දෙන්න ස්පොර්ට්ස් මෙඩිසින් යුනිට් එකක්. ඒක හරහා ක්‍රියාදාමය කරන්න කියලා. 30ක් නම් ඉන්නේ ඒ 30 ලියාපදිංචි කරලා අඛණ්ඩව පරීක්ෂා කරන්න ඉඩදෙන්න. ඔබතුමන්ලා වෙනම පැනල් එකක් තියාගෙන ඉන්නවා. මම ඒ ඩොක්ටර්ගේ නම කියන්නේ නෑ. ඔවුන් දීපු බෙහෙත්වල ප්‍රතිඵලය තමයි අවසානයේ දී වෙලා තියෙන්නේ.”

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මන්ත්‍රී නිමල් ලාන්සා – ඔබතුමන්ලාට බරපතළ චෝදනාවක් හිටපු ක්‍රීඩා ඇමති එල්ල කරන්නේ. ඔබතුමන්ලා මේ ගැන පැහැදිලි කළා නම් හොඳයි. අවුරුදු 7ක් සුව කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්ව වෙනත් දෙයකට බෙහෙත් කළා නම් ලංකාවට ගහන එකනේ නැති වෙලා තියෙන්නේ.”

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා – “අපිට තියෙනවා මෙඩිකල් පැනල් එකක්. ඒක අත්දැකීම් බහුල අය ඉන්නේ.”

කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර – “දයාසිරි ජයසේකර මහතා යෝජනා කරන්නේ මේ පැනල් එක ගැන.”

මන්ත්‍රී දයාසිරි ජයසේකර – “එක ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයාට ක්‍රීඩාව ගැන තියෙන දැනුම මොකද්ද කියලා කියන්න. ඔයාලා කියන කෙනා තමයි මෙච්චර කාලයක් අපේ ක්‍රීඩකයින්ට එන්නත් ගැහුවේ.”

මන්ත්‍රී එස්. එම්. මරික්කාර් – “කවුද වන් ෂොට් කියන්නේ. ”

මන්ත්‍රී දයාසිරි ජයසේකර – “මට නම කියන්න බෑ…”

මන්ත්‍රී නිමල් ලාන්සා – “ඇයි මෙයාව තවත් තියාගෙන ඉන්නේ ?”

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා – “අත්දැකීම් බහුල අය ඉන්නේ. පළවෙනියා මහාචාර්ය අර්ජුන ද සිල්වා. තව වෛද්‍ය හරිඳු ඉන්නවා. තව ඉන්නවා වෛද්‍ය චන්න සිල්වා.”

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා – “මේ ඩොක්ටර්ස්ලාගේ ක්‍රියාකාරීත්වය සහ ක්‍රීඩකයින්ගෙන් එන තොරතුරු අනුව සෑහීමකට පත්වුණා ද?”

ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා – “ක්‍රීඩකයින්ගෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නෑ…”

මන්ත්‍රී දයාසිරි ජයසේකර – “මේ වන ෂොට් තමයි කවුරු හරි ඉන්ජර්ඩ් වුණාම ක්‍රියා කරන්නේ. ඩෝස් එකක් දීලා ප්ලේ කරන්න යවනවා. දෙන්නේ පේන් කිලර්ස්. එහෙම වුණාම මාසයක් ගහන්න පුළුවන්. ඒත් තුවාලේ වැඩි වෙනවා. මෙතන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉන්නවා. මට කියන්න මේ ඉන්ජරීස් නෙවෙයි ද තියෙන්නේ ?”

තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ – “ඇත්තටම ඉන්ජරීස්වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම හොඳ වෙන කාලයේත් ප්‍රශ්නයක් තියෙනවා.”

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැන්දම්මයි මස්සිනයි T-20 වර්ල්ඩ්කප් බලන්න ගෙනිච්ච බව ශම්මි පිළිගනී… ෂලනි සහ අනුරාධා එක්ක ගිහින් තියෙන්නේ ජයන්ත ධර්මදාස… කෝප් කමිටුවේ දී හෙළිවෙයි!

Next Post

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටි 1 වසරේ දරුවෙක් මරුට.. තවත් 06 දෙනෙකුට තුවාලයි.. එක් දරුවෙකුට බරපතලයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.