විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් දිවුලපිටි මංසන්ධියේ සිට කොළඹ දක්වා සූදානම් කර තිබූ පාගමන වැලැක්වූ පොලිසිය එම විරෝධතා පා ගමන සංවිධානය කළ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජිව ධම්මික, ස්වාමීන් වහන්සේනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පාගමන නොයන ලෙස පොලිසිය විසින් කළ අවවාදයෙන් පසු පා ගමනට එක් වූ පිරිස සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූයේය.
සභාපතිවරයා ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ඒ සමගය. අත් අඩංගුවට ගත් පිරිස් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කුරුණෑගල නොම්බර 05 බස් මාර්ගයේ අවහිරවීමක් අද උදේ සිට ඇති වී තිබිණි.