සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වාසු හැර අපි 223ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා…“ – රනිල් පාර්ලිමේන්තුවේ කී කතාව

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අවුරුදු 40 අඩු පිරිස් පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ප්‍රතික්ෂේප කරන බවත්,  වයස අවුරුදු 30ට අඩු පිරිස් අප දෙස ඇසක් ඇර බලන්නේ නැති බවත්  අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මේ ඇත්තේ පක්ෂ ලෙස බෙදී ඇණකොටාගෙන  බේරාගත යුතු අර්බුදයක් නොවන බැවින් ඉල්ලා සිටින  කරුණු නොසඟවා ඉදිරිපත් කරන්නැයි කීවේය.

මෙතැනින් රට බිඳවැටුනොත් යළි ගොඩගත හැකි නොවන බැව අවබෝධ කරගන්නා ලෙස කියා සිටියේය.

මේ අවස්ථාවෙ දී වාසුදේව නානායක්කාර ඇමතිවරයා තමන්ව ජනතාවට එපා වී නැතැයි කී විට එජාප නායක රනිල් වික්‍රමසිංහ කීවේ “වාසුදේව ඇමති තුමා හැර අනෙක්  223 “ ජනතාවට එපා වී ඇති බවය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගිය සතියට කලින් සතියේ එදා තිබුණු විදේශ විනියම සංචිතය තොරතුරු  ගැන අපි විමසුවා. එය එදාම භර දෙන්නම් කිව්වාම මම කීවා සඳුදා කියන්න, එදාම දෙන්න එපා කියලා. “

“ඒත් පාර්ලිමේන්තුවට අදත් ඉදිරිපත් නොකළ කරුණු   ටික ඉන්දියාවට ගිහින් කියලා තියනවා.  අයි.එම්.එෆ් එකට කියලා තියනවා.  ඇයි අපට කියන්නෙ නැත්තේ.  මූල්‍ය පාලනය තියෙන්නෙ  මේ සභාවට.

මේක වරප්‍රසාද කඩ කිරීමක්. සිකුරාදා මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවට ගියාම අපට ඒ දත්ත තියෙන්න ඕන.

“මේක පක්ෂ අතර තියන ප්‍රශ්නයක් නෙමෙයි. රට මුහුණ දෙන උග්‍රම ආර්ථික ප්‍රශ්නය ඇති අවස්ථාවෙ අපි ඉන්නෙ.  අපි කොහොමද මෙතැනින් එන්නෙ. ජනතාවට මොකක්ද කියන්නෙ. ජනතාවට ඒ පැත්තත් එපා වෙලා. මේ පැත්තත් එපා වෙලා. අපි ඔක්කොටම බනිනවා.

අමාත්‍ය  වාසුදේව නානායක්කාර – අපට නම්  බනින්නෙ නෑ..

හරි… වාසුදේව ඇමතිතුමාට හැර අනික් ඔක්කොටම  223ටම  බනිනවා.

ඒ නිසා මේක මතක තියාගන්න.

අවුරුදු 40ට අඩු අය අප ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 30ට අඩු අය අපි දිහා බලන්නෙවත් නෑ. අපි දැකලා තියනවා ඔන්ලයින්වල තියෙන්නෙ මොකක්ද කියලා. එහෙම උග්‍ර අවස්ථාවක් තියෙන්නෙ.

පාර්ලිමේන්තුව ගැන විශ්වාසය නැතිවුනොත් රටේ තියන ක්‍රමය කැඩෙනවා. ඒකයි මම කියන්නේ… අපි  අවුරුදු 20කට යන්න පුලුවන් මූලික ප්‍රතිපත්තියකට එකඟවෙමු. ඒ ප්‍රතිපත්තිය ඇතුලෙ අපි මැතිවරණ තරග කරමු. පුලුවන් වෙලාවට අපි එක තැනකට එමු. අපේ තරුණ පරපුරට අනාගතයක් තියෙන්න ඕන. ඒකයි  මේ තරුණයො රට යන්න හදන්නේ.

අගමැති තුමත් කිව්වා චිත්‍ර ඇඳපු අය රට යනවා කියලා. මේ තත්වය දැනගෙන වැඩකරමු.

මම කරුණු ටික ඉල්ලුවෙ ඒකයි. මෙතන තියනවා විශාල ප්‍රශ්නක්. ඒ ගැන සාකච්ඡා කළ යුතුයි.  කරුණු ඔක්කොම දැනගැනීම වැදගත්.

අපි මෙතනින් වැටුනොත් ලේසියකින් ගොඩ ගන්න බෑ, ඒක මතක තියාගන්න. ජනතාව ඉන්නෙ එක මතයක. අපි ඒ මතයට ඇවිත් ඊට පිළිතුරු දෙන්න ඕන. මා කියන්නෙ එයයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය අතහැර දැමූ උතුරේ දූපත්වල ව්‍යාපෘති ඉන්දියාවට දුන්නේ නෑ

Next Post

ආරක්ෂාව අවශ්‍යයයි… සජබ අන්තර්ජාතික සහය ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.