අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහාම ඡන්දයක් තියන්න… මේ දුර්දාන්ත පාලනයට නිමාවක් අවශ්‍යයයි… කාදිනල් හිමියෝ කියති!

by editor
ජූනි 8, 2023
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

සල්ලි තිබෙන බවට පම්පෝරි ගසන්නේ නම් මුලින්ම ඡන්දයක් තබන ලෙසත්, පසුපස දොරෙන් පැමිණ, අයුතු බලතල  භාවිතා කරමින් මිනිසුන්ගෙ නිදහස සීමා කරන්නට නීති ගෙන එමින්, ඒකාධිපතිත්වයක් වෙත   රට ගෙන යෑමට අප ඉඩ නොදෙන බවට මේ පාලකයින් මතක තබා ගත යුතු බවත් කාදිනල් තුමෝ කීහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ   අද (08)  කටාන, කොච්චිකඩේ, මුරුතෑන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතමිනි.

එහිදි කාදිනල් හිමිපානෝ මෙසේ ද පැවසූහ.

”දුර්දාන්ත කිසිම කල්පනාවක් නැති, රටට ආදරයක් නැති, රටට වඩා තමන්ගේ බඩට ආදරය කරන නායකයින් පිරිසක් එක්ක මේ රට ගෙනියන්න හම්බෙන්නෙ නෑ අපිට. ඒ නිසා අපි සූදානම් වෙමු. අපි ඉල්ලනවා රජයෙන් අපිට ලැබිය යුතු අයිතිවාසිකමක් තමයි ඡන්දය පැවැත්වීම එය අවුරුදු 18ට වැඩි හැම දරුවෙකුටම රටේ අනාගතය තීරණය කරන්න අවශ්‍ය අයිතියක්, ඒ අයිතිය අපි ඉල්ලා සිටිනවා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඒ අය ඉස්සෙල්ලා කිව්ව සල්ලි නෑ කියලා, දැන් පම්පෝරි ගහනවා සල්ලි තියෙනවා කියලා. සල්ලි තියෙනව නම්, කරුණාකරලා ඡන්දය තියලා ජනතාවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න.

පස්ස පැත්ත දොරෙන් ඇවිල්ලා, අයුතු බලතල පාවිච්චි කරමින් මිනිස්සුන්ගෙ නිදහස සීමා කරන්නට නීති ගෙන එමින්, ඒකාධිපතිත්වයක් වෙත අපේ රට ගෙන යෑමට අපිට ඉඩ දෙන්න බෑ, අපි ඉඩ දෙන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්න ඕනෙ ඔය ඉන්න නායකයෝ. ”

”යුක්තිය අයුක්තිය බවට හරවලා, පාලනය එකාධිපතිත්වයට හරවලා, නීතිය අවනීතිය ට හරවල සමාජය මෙහෙයවන්න අද රටේ ඉන්න නායකයෝ ඔක්කොම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ අයව එළවා දැමීමේ අවස්ථාවට අපි සූදානම් විය යුතුය. ඒ වගේ අය මේ රට පාලනයට සුදුස්සෝ නෙවෙයි. ඒ අයව එලවා දැමිය යුතුයි.”

”සන්තෝසමක් දුන්නොත් ඒකට ඡන්දය ප්‍රකාශ කරන කාලය දැන් අවසන් කරන්න ඇවිල්ල තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් වගයක් එවලා තියෙනවා රටට. ඒ මුදල්වලින් කොච්චර ප්‍රමාණයක ද ගොවිතැන දියුණු කිරීම සඳහා යොමු වුණේ ?. ඒවා වලින් කොච්චර ප්‍රමාණයක් ද ධීවර ක්ෂේත්‍රය ගොඩනැගීමට යොමු වුණේ ?. ඒවායින් කොච්චර ප්‍රමාණයක් ද අධ්‍යාපනයට යොමු වුණේ ?. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය වැඩි කරනවට වඩා මේ අය කරන්නේ විදේශීය රටවල්වලින් බඩු කියන එක විවෘත කරලා අපිට අවශ්‍ය දේ අනවශ්‍ය දේ ගෙනල්ලා ආර්ථික ස්වාධීනත්වය විනාශ කරලා පිට රටවල් වලින් යැපෙන ක්‍රමවේදයකට අපේ ආණ්ඩුව අපිව මෙහෙයවමින් පවතිනවා.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ විවෘත ආර්ථිකය නඩත්තු කිරීම සඳහා බලගතු රටවල් විසින් හදන ලද යාන්ත්‍රණයක්. ඒගොල්ලො බලන්නේ කොහොම හරි ටික දෙනෙකුගේ අතේ රටේම ධනය හිරකරලා බොහෝ දෙනෙකුව දිළින්දන් වශයෙන් පවත්වා ගැනීමේ ආර්ථික ක්‍රමවේදයකට යන්නයි. අද සිද්ධ වෙන්න ඒක අපේ රටේ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍යවරු හිඟය උග්‍ර වෙයි… කාසල් රෝහල දැඩි අවදානමක!

Next Post

අරුන්දික තම ආයෝජකයෙක් යැයි කියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනා රටින් පිටුවහල් කරයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.