ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වැදගත් ප්‍රගතියක් මතුව ඇති අවස්ථාවක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි, ඊජිප්තුවේ දෙදින රාජ්‍ය සංචාරයක යෙදිණි. ජූනි 24 – 25 දෙදින තුළ අග්‍රාමාත්‍යවරයා සංචාරයේ නියැලුණේ එරට ජනාධිපති අබ්දෙල් ෆටා එල් සිසිීගේ ආරාධනාවක් මතය.
මෙම සංචාරය අග්‍රාමාතය මෝදිගේ සමාරම්භක ඊජිප්තු සංචාරය පමණක් නොව 1997 වසරෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රථම නිල ද්විපාර්ශවික සංචාරය ලෙස ද සටහන් වේ. මෙම සංාචරයේ දෙරටේ සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය අවබෝධය සඳහා නව පූර්වාදර්ශයක් බව ‘ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
මෑතකදී, ඊජිප්තු ජනාධිපති එල් සිසිී ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියාවට ගිය අතර ඉන්දියාවේ සිට පැමිණියාට පසු ජනාධිපතිවරයා විසින් පුද්ගලිකව එක්රැස් කරන ලද ඉහළ මට්ටමේ ඇමතිවරුන්ගේ සුවිශේෂි රැස්වීමකින් පසුව අග්‍රාමාත්‍යවරයාට ඊජිප්තුවට ආරාධනර කර තිබේ. මෙහිදී ඩයස්පෝරාවේ කැපී පෙනෙන පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ද අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇත.
ජූනි 25 වනදා, අග්‍රාමාත්‍ය මෝදි ඩව්ඩි බෝරා ප්‍රජාවේ අනුග්‍රහයෙන් 11 වැනි සියවසේ විශිෂ්ඨ ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද අල් හකීම් පල්ලියට ගියේය. එලෙසම පළමු ලෝක යුධ සංග්‍රාමයේදී ඊජිප්තුව වෙනුවෙන් අභීතව සටන් කළ ඉන්දීය සොල්දාදුවන්ට, නබිල් එල් වක්කාඩ් වීදියේ ශුද්ධ වූ හීලියෝ පොලිස් යුද සොහොන් බිමේදී උපහාර පුද කළේය.







