සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්ත සමරසිංහලා සමාගම් පස්සේ ගොස් කරගත්තු දේ ඇමති ජොනී කියයි!

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දූෂණ විරෝධී හඬ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මධ්‍යම අධිවේගය ගැන කියන්නේ ‘පට්ටපල් බොරු’ යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සමාගම් පසුපස ගොස් සමාගම් නියෝජිතයෝ දෙන ඒවා අරගෙන මාධ්‍යට ඇවිත් සීයට හයේ තිබුණ එක සීයට තුනට වැටුණු බවය.

ඉතිරි සියයට තුනක් අඩු නොකරගන්නා ලෙසත් පැරදිච්ච නායකයා, වැටිච්ච නායකයා ගමට ගොස් ගොඩ දාන්න හදන බවත් හෙතෙම කියාසිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කලේ ජාතික පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය වල දූෂණ විරෝධී හඬ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයා චෝදනාව වගයක් කරලා තියෙනවා දිවයිනේ හා මව්බිම පුවත්පත් වල. මෙම පුවත්පත් වල කෝටි ගණනාවක විශාල දූෂණයක් වෙලා තියෙනවා කියලා. මෙහි කිසිදු දූෂණයක් සිදු වී නොමැති අතර එසේ ඔවුන් චෝදනාවක් කිරීමටවත් හැකියාවක් නොමැති අතර මෙය තවම ප්‍රසම්පාදන මට්ටමේ පවතින්නේ. එම නිසා කිසිදු දූෂණයක් සිදු වී නොමැති අතර පට්ටපල් බොරුවක් හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊලගට ඔහු කියනවා එම්.සී.සී. කියලා සමාගමක් ගැන. එම සමාගම ගැන ඔහු කියද්දී මං අද ඇවිල්ල අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඇහුවා ඒකට මොන සමාගම්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔය කියන එම්.සි.සි. කියන සමාගම ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා නැහැ. කටුනායක අධිවේගී මාර්ගය එහෙම නැත්නම් පිටත වටරම් මාර්ගය හදපු සමාගම කිසිසේත් මෙම ටෙන්ඩරය සදහා ඉදිරිපත් වෙලා නැහැ. ටෙන්ඩරය සදහා සමාගම් 4ක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සමාගම් වලින් අනිත් සමාගම් 2ක පිළිබදව ඔවුන් කතා කරන්නේ නැහැ. එම්.සී.සී. සමාගම මේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලාවත් නැහැ. වසන්ත හිටපු මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමතියි ඔබතුමාගේ නායක අනුර දිසානායක මන්ත්‍රීතුමා වාඩි වෙලා හිටපු ආණ්ඩුව දුන්න වටරවුම් පාරේ මංතීරු හයක් බිලියන 66කට එදා කොන්ත්‍රාත් දීලා තිබුනා. ඔවුන් ඒ මංතීරු හයෙන් මංතීරු දෙකක් අඩු කරලා මංතීරු 4ක් හදලා බිලියන 66කට දුන්න සමාගම. ඒ නිසා වසන්ත මහත්මයට මතක් කරන්න කැමතියි, ඇඟිල්ලක් දික්කරද්දි ඒ අයට ඇඟිලි හතරක්ම ඔවුන් කෙරෙහි දික්වෙලා තියෙන්නේ.

ඊළඟට ඔහු කතාකරන සමාගම තමයි කඩවත සිට මීරිගමට යහපාලන ආණ්ඩුවේ පළවෙනි මාස තුනේ අප්‍රේ්ල් මාසෙ වෙද්දි දුන්නා. ඒ දුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙ ලක්ෂ 25,000කට කිලෝ මීටරයක් දෙන්න තිබුණ ඇස්තමේන්තු කරලා තිබුණ එකක් ලක්ෂ 43,000 ගාණේ ඒ කියන්නේ ලක්ෂ 18,000කට වැඩියෙන් එක කිලෝමීටරයක් දුන්නු සමාගමක් ගැන තමයි වසන්ත මහත්මයා නියෝජනය කරන්නේ. මම පුදුම වෙන්නේ නෑ ඒ සමාගමම ඔහුට මතක් වීම ගැන. ඒ සමාගම ගැනමයි ඔහුට මතක් වෙන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා ගොඨාභය රාජපකෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ දූෂණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඉදිරියේදී වෙන්න ඉඩ තියන්නෙත් නෑ.

ඔවුන්ගේ අර පරණ ක්‍රමය නැවත වාරයක් ඇවිත් තියෙනවා. ඔවුන් ගෑස් පස්සේ ගියා, විදුලිය පස්සේ ගියා, තෙල් පස්සේ ගියා. ආව දවසේ ඉදලා නොයෙක් දේවල් නොයෙක් සරුංගල් එව්වා. දැන් ගෑස් පිපිරීම් ගැන කතා කරන්නෙ නෑ. ගෑස් පිපිරීම් ගැන මං කතා කලා, මං කිව්වා මේක පිටිපස්සේ වෙන බලවේගයක් කියලා. එහෙම කියද්දිම ගෑස් පිපිරීම් ඔක්කෝම අඩු වුණා. ඒ නිසා අපිට මෙතනදිත් කියන්න තියෙන්නේ ඔවුන් යම් සමාගමක් නියෝජනය කරනවා. ඒක තමයි පැහැදිලිව මම කියන්නේ. ඒ නිසා මම පැහැදිලිව මේ රටේ ජනතාවට කියනවා, අපේ අමාත්‍යාංශය හරහා හෝ මේ රජය හරහා කිසිම දූෂණයක් අපේ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි එතුමාගේ ප්‍රතිපත්තිය.

මම මතක් කරනවා වසන්ත මන්ත්‍රීතුමාට, එතුමා අල්ලස් කොමිසමට ගිහින් පැමිණිලි කරනවා, උසාවි යනවා කියලා කියනවා. ඇයි එතුමා යහපාලන ආණ්ඩුව කාලේ බිලියන 66ට මංතතීරු 6ක් මංතීරු 4ට අඩුකරලා බිලියන 66කට දෙද්දී ඇයි අල්ලස් කොමිසමට ගියේ නැත්තේ? ඇයි උසාවි ගියේ නැත්තේ? ඊළඟට කඩවත සිට මීරිගමට අධිවේගී මාර්ගය ලක්ෂ 25,000ට තිබුණ එක ලක්ෂ 43,000ට දෙද්දී ඇයි අල්ලස් කොමිසමට ගියේ නැත්තේ, ඇයි උසාවි ගියේ නැත්තේ කියලයි අපි අහන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම පේන්නේ මේ ගොල්ලෝ කාගෙන් හරි සල්ලි අරගෙන ඒ සමාගම නියෝජනය කරනවා කියන එක අපි පැහැදිලිවම මේ රටේ ජනතාවට කියනවා. අපි කියනවා කිසිම දූෂණයක් වෙලා නෑ. සිද්ධ වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. තවම ප්‍රසම්පාදන කටයුතු කරගෙන යනවා. ඔවුන් මේ නුවරට, කන්ද උඩරට ජනතාවට හදන්න තියෙන පාර ප්‍රමාද කිරීමේ චේතනාවෙන් තමයි මේ හැමදෙයක්ම කරන්නනේ.

අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සහ වැඩපිලිවෙල තමයි ඉක්මනින් අධිවේගී මාර්ග ටික සහ කිලෝමීටර් ලක්ෂයේ මාර්ග ටික හදන්න තියෙන වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි සම්පූර්ණයෙන් මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. වසන්ත හිටපු පාර්ලිමේන්තු මනත්‍රීතුමා ඒ කාලේ නම් මට පාර්ලිමේන්තුවේදි මුණ ගැහෙනවා. එතුමාට ඒ වාසනාව ආපහු ලැබුුනේ නෑ. ඒ කිසා කරුණාකරලා අපිට මඩ ගහන්න එපා කියලා අපි කියනවා. ප්‍රසම්පාදන කටයුතු ඉවර වෙනකල් ඉන්න. අපි මේ හැමදෙයක්ම කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ප්‍රසම්පාදන කටයුතු ඉවර වුනාට පස්සේ එහි වැරැද්දක් තියනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඕනේ කෙනෙකුට උසාවි යන්න පුළුවන්. අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ තමයි මේ රටේ නීතිය. හැබැයි ප්‍රසම්පාදන කටයුතු සිදුවෙද්දි කවුරුහරි බලපෑම් කරනවා නම්, මේකත් බලපෑමක්. අපි වසන්ත මහත්මයාට කියනවා මේකත් බලපෑමක්. ප්‍රසම්පාදන කටයුතු කරගෙන යද්දි යම් දෙයකට ඔවුන් බලය පාවිච්චි කරනවා නම් ඔහු කරන්නේ බලපෑමක්. කිසිසේත්ම වරදක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉඩ තියන්නේත් නැහැ. කරුණාකරලා බොරු චෝදනා පටලවන්නේ නැතුව ඇත්ත හොයාගෙන කතා කරන්න. සමාගම් පස්සේ ගිහිල්ලා සමාගමවල නියෝජිතයෝ දෙන ඒවා අරගෙන මාධ්‍යට ඇවිල්ලා සීයට හයේ තිබුණ එක සීයට තුනට වැටුණා.ඉතිරි සියයට තුනක් අඩු කරගන්න එපා. අර පැරදිච්ච නායකයා, වැටිච්ච නායකයා ගොඩ දාන්න හදනවා ගමට ගිහිල්ලා. ඒ නිසා වසන්තට කියනවා හරියට හොයන්න. ඔයා කියපුවා අපිට හොඳට මතකයි. මට පුද්ගලිකව කියපු දේවලුත් ඒ කාලෙත්. ඒ වගේම රාජපක්ෂවරුන්ට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ ඔහුගේ පවුලේ අයට මඩ ගහපු ඒවා අපිට හොඳට මතකයි. ලැම්බෝගිනි ගැන මතකයි. හෙලිකොප්ටර් ගැන අපිට මතකයි රත්තරන් අස්සයෝ ගැන අපිට මතකයි ඒ නිසා අපිට ඒවා නැවත වාරයක් මතක් කරන්න ඉඩ දෙන්න එපා ප්‍රසම්පාදන කටයුතු ඉවර උනාට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් යම් වැරැද්දක් තියෙනවනම් ඕගොල්ලන්ට ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන් අපි එක නතර කරන්න යන්නේ නැහැ හැබැයි බොරුව රජ කරවන්න හදන්න එපා මේ වගේ බොරු ප්‍රචාරය දෙමින් අර බොරුවෙන්ම ජීවත් වෙච්ච හොරකමේ ජීවත් වෙච්ච මිනිස්සු මරලා ජීවත්වෙච්ච යුගයක නැවත වාරයක් ගමන් කරන්න එපා කියන එකයි අපි කියන්නේ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැළිවළ කොටවෙහෙරේ නැතිවූ පුරාවස්තු සමඟ තිබූ රෙදි කැබැල්ලක් පන්සලේ ළිඳක

Next Post

අවුරුදු 60 වැඩි ජනගහණයෙන් ලක්ෂ 08ක් බූස්ටර් එන්නත ලබාගෙන නෑ! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.