අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් ලක්ෂ 8ක් මේ වන විට බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
අවුරුදු 60ට වැඩි ජනගහනය මිලියන 2.7ක් සිටින නමුත් ඉන් මේ වන විට එන්නත් තුනම ලබාගෙන ඇති පිරිස මිලියන 1.6ක් යැයිද ඔහු පෙන්වාදේ.
පසුගිය සතිය තුළ කොවිඩ් මරණ 202ක් වාර්තා වූ අතර ඉන් සියයට 60ට වැඩි පිරිසක් අවුරුදු 60ට වැඩි අය බවත් ඉන් සියයට 80ක් ම නිදන්ගත රෝවලින් පෙළෙන අය බවත් වෛද්‍ය ගිනිගේ පෙන්වාදේ.
බූස්ටර් මාත්‍රාව ලබා ගැනිම අනිවාර්ය නොකළහොත් ඉදිරියේදී එළඹෙන උත්සව සමය තුළ කොවිඩ් වයිරසය නැවත රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි යැයි හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් මෙ වන විට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගෙන ඇත්තේ සියයට 44ක් ප්‍රතිශතයක් බවද මෙය තව දුරටත් වර්ධනය නොකළහොත් රට තුළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි යැයිද විශේෂඥවරයා පෙන්වාදේ.







