බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇතැමුන් පතුරන වැරදි මතවාද වෙනස් කරන්න ව්‍යාපාරිකයන්ට පුළුවන් – ජනපති

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.

ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡාව කැඳවා තිබිණ. විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා විය.

පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදාවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැගීමට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිවරයා ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරණ අවස්ථාවේ ඇතමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බව ජනාධිපතිවරයා පැවසීය.

ගත වූ දෙවසර තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වූ පිබිදීමත් සමග සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතුව ඇති බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී සිමෙන්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන් රට තුළ සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළ තුළ නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඖෂධ මිල හැර භාණ්ඩ රැසක මිල පාලනය ඉවත් කිරීමට ගත් තීරණයෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත්, ණය නොවන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වය හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බව පැවසූහ. ඇතැම් රටවල් කාර්යක්ෂමව කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීමෙන් එම රටවලට ලැබීමට නියමිතව තිබූ ඇණවුම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබේ. එහි ප්‍රවර්ධනය සඳහා සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ව්‍යවසායකයෝ සඳහන් කළහ. 

අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගතවීම සම්පූර්ණයෙන් නතර කර, රට තුළ එම අධ්‍යාපන අවස්ථා උදාකරදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන ලෙස ද ව්‍යවසායකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයෝ රැසක් මෙ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 60 වැඩි ජනගහණයෙන් ලක්ෂ 08ක් බූස්ටර් එන්නත ලබාගෙන නෑ! 

Next Post

රටෙන් අඩකට පැය තුනක් විදුලිය කැපෙද්දී බලශක්ති අර්බුදය  විසඳන්න හෙට විශේෂ කැබිනට් හමුවක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.