අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාව උපන්දින සාදයේ අඹු සැමි යුවල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට ප්‍රහාරයක් එල්ල කොට  අඹුසැමි යුවලක් ඝාතනය කළ සිද්ධියේ මහ මොළකරු පළාතෙන් පලාගොස් සැඟව සිටියදී පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ.

2023 ජූලි 23 දින සිදු වූ මේ සිද්ධිය  සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව බන්ධනාගාර ගත කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහ මොළකරු ඇතුළුව තවත් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැණුම් දීමෙන් පසුව ඔවුන් තුන් දෙනාගේ විදෙස් ගමන් තහනම් කරණ ලෙසත් ඔවුන්ව දුටු තැන අත් අඩංගුවට ගන්නා ලෙසත් පොලිසියට අධිකරණයෙන් නියෝග ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාතමක වූ පොලීසිය මහ මොළකරු වශයෙන් හදුනාගෙන ඇති තැනැත්තා වවුනියාවෙන් පලා ගොස් හොරොව්පතාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ. 

උපන් දින සාදය පැවති නිවසට  වෙනත් පළාතකින් පැමිණි එම අඹුසැමි  යුවල ඝාතනය කිරීම සඳහා මොහු රුපියල් කෝටි දෙකකට කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති අතර ඉන් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ ඝාතන කොන්ත්‍රාත්තුවක්  ලබා දී ඇත්තේ මියගිය කාන්තාව සමග වෙනත් අයෙකුත් මියගිය පිරිමියා සමග වෙනත් කාන්තාවකුත් පවත්වා ගෙන ගිය අනියම් ඇසුරක් හේතුවෙන් බවටද තොරතුරු අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගත් මහමොළකරුගෙන් පොලිසිය අධිකරණ නියෝගය මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේඩාර් සහ ස්කෑන් යන්ත්‍ර භාවිතයත් සමග කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන්  මිනිස් ඇටසැකිලි 35ක් හමුවෙයි…  සියලු ඇට සැකිලි  ගණන 52ක්…

Next Post

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවයරයා බන්ධනාගාරයේ… නියොජ්‍ය අධ්‍යක්ෂ රෝහලේ… සැපයුම් භාරගන්න කෙනෙක් නෑ… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.