කීර්ති ප්‍රනාන්දු
වරකපොල ප්‍රදේශයේදී පස් කන්දට යට වූ තරුණ පුතාගේ මළ සිරුර ද මීට ටික වේලාවකට පෙර සොයා ගත් බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා සහකාර අධ්‍යක්ෂක අනුෂ්ක චමිල පවසයි .
පස් කන්ද නිවස මතට කඩා වැටෙන අවස්ථාවේ දී මව පියා සහ පුතා නිවස තුළ සිට ඇති අතර මවගේ මළ සිරුර අද 15 අලුයම සොයා ගැනීමට පසුව මීට ටික වේලාවකට පෙර 24 හැවිරිදි ධනුෂ්ක දිනුෂාන් නැමැති තරුණ පුතාගේ මළ සිරුර ද නිවසේ සුන්බුන් සහ පස්වලට යට වී තිබියදී මීට ටික වේලාවකට පෙර සොයා ගැනිණ .
ඊයේ 14 සවස සිදුවූ මෙම අනතුරෙන් පසුව යුද හමුදාව සහ ප්‍රදේශයේ මහජනතාව එක්ව පස් කන්දට යට වූ මව පියා සහ පුතා මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
මෙම නිවස ඉදිකිරිමේ දී කඩා වැටුණු පස් කන්දේ කොටසක් කපා භූමිය අස්ථාවර කර තිබුණත් ඊට පැති බැමි බැඳ ශක්තිමත් කරගැනීමේ කටයුතු වසර හතරක් සිත්සේ සිදුවී නැති බව මූලික විමර්ශනව දී අනාවරණය වී ඇත.
කියවන්න…







