මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ වන අලි අනතුර හේතුවෙන් දැඩි ලෙස ව්‍යසනයට ලක් වී තිබූ දුම්රිය මග පිළිසකර කර අනතුරට ලක් වූ දුම්රිය පීලිගත කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළේය.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වනඅලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර දුම්රියේ ඉන්ධන ටැංකි දෙකක් පෙරළී ගියේය. වනඅලි දෙදෙනෙකු ද මියගොස් තිබුණි.







