මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ඇත්තේ නොවැම්බර් මස 21 වෙන දින බවත් එදිනට බොහෝ දුරට පාර්ලිමේන්තුව රැස්වීමට සිදුවනු ඇත්තේ නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙසිය විසි පස්දෙනා නොමැතිව බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක පවසයි.
නොවැම්බර් 14 වෙනි දින පවත්වන මැතිවරණය මත එහි ප්‍රතිඵලය 18 වැනි දින වන විට ලබා දිය හැකි බවත් අනුව මන්ත්‍රීවරු 196 දෙනා නම් කළ හැකි බවත් කී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා ජාතික ලැයිස්තුතුවෙන් තෝරාපත් කරන මන්ත්‍රීවරු විසින් නව දෙනා පිළිබඳව පක්ෂ ලේකම්වරුන්ට නාම ලේඛනය ලබා දිය හැකි වේද යන්න ගැටලු සහගත බවද කියා සිටියේය.
ජනාධිපතිවරණය පවත්වා ඉතා කෙටි කාලය තුළදී ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබා දිය හැකි වුවහොත් දෙසිය විසි පස්දෙනාගෙන් යුතු පාර්ලිමේන්තුව රැස් කරන බවත් එසේ නොවුනහොත් පාර්ලිමේන්තුව රැස් කිරිමට අවශ්‍ය ඝණ පූර්ණය සහිත මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියේ ය.







