බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන ගේම් නොගසා පාස්කු විමර්ශනය කරන්න දී පැත්තකට වෙන්න…. සිරිල් ගාමිණී පියතුමා ගම්මන්පිලට දන්වයි!

by editor
ඔක්තෝබර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ දෙන ලෙසත් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඊට මැදිහත් නොවන ලෙසත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට දන්වා තිබේ.  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ රහස්‍ය වාර්තා කිහිපයක්, අතිශය රහස්‍ය ඇමුණුම් ද සමඟ තමා සතු බවත් නව රජය එකී වාර්තා ජනගත නොකරන්නේ නම්, දින හතක් තුළ තමා එම වාර්තා හෙළි කරන බවත්  උදය ගම්මන්පිල පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්විමන් සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් පත් කරන ලෙස කතෝලික සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිම අවස්ථාවක ඉල්ලා නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කිරීමට යන වාර්තාව සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් කතෝලික සභාවට නැති බවත්ය.

එබැවින් පාස්කු ප්‍රහාර ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීමට නොයන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු කරගෙන යාමට ඉඩ දී, මැද්දට පැන බාධා නොකරන ලෙසත් සිරිල් ගාමිණී පියතුමා ඔහුගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනෙන් ඉදිරිපත් කර තිබුණු චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබුණද එම විමර්ශනයට අදාළ වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොවීය. එම වාර්තාව අතුරුදන්ව ඇතැයි පාර්ශ්ව කිහිපයක් චෝදනා කර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ අතර ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ තමන් සතුව පවතින අතිශය රහසිගත වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනතාවට වග කියන දේශපාලකයෙක් ලෙස තමන් සූදානම් නැති බවත්, එම වාර්තා විජිත හේරත් අමාත්‍යවරයාට ලබා දීමට වෙලාවක් ලබා ගැනීමට කළ දුරකථන ඇමතුම් දෙකකට ඔහු පිළිතුරු නුදුන් බවත්ය. අනතුරුව කෙටි පණිවිඩයක් ද යවා පිළිතුරු නැති හෙයින් ලියාපදිංචි තැපෑලෙන් තමන් ලියුමක් යොමු කළ බව ද උදය ගම්මන්පිල කීවේය.

ඔහු ඊයේ කීවේ තමන්ව අත් අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් ඒ සම්බන්ධව ජනතාවට දැනුම් දීම මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවීමේ අරමුණක් බවය.  ( සුරේකා ඉලංකෝන් – සිළුමිණ)

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලි අනතුරින් ව්‍යසනයට පත් දුම්රිය මග යථාවත් කෙරේ…  කොළඹ මඩකලපු දුම්රිය ගමන් අද යළි ඇරඹෙයි!

Next Post

මහින්ද ගේ විශේෂ ප්‍රභූ ආරක්ෂක රථ 3ක් යළි භාර දෙන ලෙස දන්වයි…  එම කැඳවීම වැරදි බව පොහොට්ටුව කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.