මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව අත්තනකඩවල ගම්මානයට කඩා වැදුණු වන අලිකු පලවා හැරීමේ මෙහෙයුමට යතුරු පැදියකින් යමින් සිටි දියබෙදුම බීට්ටු වනජීවි කාර්යාලට අනුයුක්තව රාජකාරී කළ වන සත්ව නියාමකවරයෙකු ඊයේ (01) රාත්‍රි වන අලි ප්‍රහාරයකට ලක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව දියබෙදුම පොලිසිය කියයි.
වන අලි මෙහෙයුමට යතුරු පැදියකින් යමින් සිටියදි මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ දියබෙදුම බීට්ටු වනජීවි කාර්යාලයට අනුයුක්තව රාජකාරිය කළ, ඉංගිරිය නිකවරටිය ලිපිනයේ පදිංචිව සිටි අබේසිංහ මුදියන්සේලාගේ පැතුම් මදුසංක යන අය බව, ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන දියබෙදම පොලිසිය කියයි.
යාය 30 අත්තනකඩවල ගම්මානය ඇතුළත සැරිසරමින් සිටි වන අලියකු පලවා හැරීමේ මෙහෙයුම සඳහා යමින් සිටිදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.
දියබෙදුම පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







