සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනිඳුවා ගෝඨා සහ අපි හෙවත් “හාර්ට් සර්ජරි” කරන්නට වෑල්ඩින් බාස්ලා හොයාගෙන යන ජාතියක කතාව!

by editor
ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි  –

වනිඳුවා දක්ෂය. විස්සයි 20 තරගවලට කදිමය. පන්දු යැවීම ලෝක මට්ටමේ ඉහළින්මය. වදින දාට සීමාවෙන් එළියේ පන්දු රකින්නෙක් තැබිය යුතු තරමට පිතිකරණය සුපිරිය. ඒත් ඒ වනිඳුවා දැන් ඉවරය. ඒ කරන්නට දන්නේ නැති කැප්ටන් කමක් කරන්නට ගිහින්ය.

ඕනෑම මාදිලියක ක්‍රිකට් ඉසව්වක් සඳහා ජාතික කණ්ඩායමේ නායකත්වය යනු මිලියන 20ක ජනතාවකගේ නියෝජිත නායකත්වයකි. විටෙක එය රටක නායකත්වයක් වැනි වගකීම් සහිත ප්‍රවේශයකි. දැන්  වගකීම භාර දුන්න වනිඳුවාව පතුරු ගසා වැඩක් නැත. ජාතික නායකත්වයක් දැරිය  හැකි  පුද්ගලයෙක් සතුවිය යුතු හික්මීම, විනය, නායකත්වයක පෞරුෂ ගුණාංග පිළිබඳව කිසිම රූපණයක් නැති, අප්‍රකාශිත නමුත් පිටතට පෙනෙන ඇරියස් සහිත මොළය නොමේරූ තරුණයෙකුට දිය හැකි වගකීම් ප්‍රමාණය සම්බන්ධ තක්සේරුවක් තිබුනේ නැත්තේ වනිඳුවාට නොව වනිඳුවාව නායකත්වයට තෝරපු තේරීම් කමිටුවට ය.

සිද්ධවුනේ බැරි කැප්ටන් කම තේරීම් කමිටුව වනිඳුවාට දීමය. කරන්න බැරි බව හෝ නොදැන ඌ ඒක පිළිගැනීමය. අවසානයේ දී තමන්ට ඕන කණ්ඩායම යැයි කියා භානුක ලා කුසල් ජනිත්ලා එළියේ තියාගෙන ආදි රිච්මන්ඩ් ටීම් එකක් සමග ලෝක කුසලානය ගහන්නට යෑමය. ඌ නායකත්වයට තේරූ තේරුම් කමිටු සභාපති අන්තිමට මාධ්‍ය හමුවට පැමිණ කීවේ කුසල් කණ්ඩායමෙන් ඉවත්වී තිබීම දුකක් බවය. එය නායකත්වයේ තීරණයක් බවය. පිටිය මැදට කණ්ඩායම රැගෙන යන්නේ නායකයා බැවින් ඔහුගේ තීන්දුවට ගරු කළ බවය. දැන් ඉතින් අම්මට සිරි වී ඇත්තේය. හදිසි අවස්ථාවක් තේරුම් ගැනීමට හැකියාවක් නැත. ඒත් ක්‍රිකට්වලටම නාකි වූ හිටපු නායක ඈන්ජලෝ මැතිව්ස් මෙන්ම අත්දැකීම් සහිත බව කියන හිටපු නායක දසුන් ශානකත් කණ්ඩායමේ ය.  කණ්ඩායම තුළ සංවාදයක් ගොඩනගා ඒ මොහොත කළමනාකරණය කරගැනීමේ පෞරුෂයක් නායකයාට නැත. පන්දු යවන්නන් අතර පන්දු ඕවර 20 කළමනාකරණය කරගැනීමටවත් තේරුමක් නැති ක්‍රීඩාගාරයෙන් කළ යුතු දේ ගැන උපදෙස් එනකම් පිටිය මැද ඉන්නා නායකයෙක් සහිත කණ්ඩායමට දෙයියන්ගේ පිහිටය.

එහෙත් අප කියන්නේ වනිඳුවාට බැණ වැඩක් නැති බවය. වනිඳුවා තේරුම් කමිටුවේ බෙල්ලට පිහිය තබා කැප්ටන් කම ගත්තේ නැත. ඌට කැප්ටන් කම දුන්නේය. අන්තිමට වනිඳුවාට සිද්ධ වූයේ ගෝඨාට වුන වැඩේය.

ගෝඨා රටේ ජනාධිපතිකම ඉල්ලුවේ නැත. එහෙම තුන් හිතකවත් තිබුණේ නැත. ගෝඨා තම අයියාගේ ජනාධිපති රස්සාව ඉවර වූ පසු  තමන්ගේ රටට ගිහින් ඩේටා එන්ට්‍රි ජොබ් එක කරගෙන පාඩුවේ හිටියේය. එහෙම හිටි ගෝඨාට තමන්ගේ රටේ පුරවැසිකමත් අහිමි කරවා ලංකාවට අරන්  විත් බලහත්කාරයෙන් විධායක ජනාධිපති තනතුරේ ඉන්දවූයේය. වැඩ කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ කියා ගෝඨා පැවසුවේය. තුනෙන් දෙකක ජන වරමත් ලැබුනේය. මිනිස්සු දැන් රට සෞභාග්‍ය කරා යනකම් බලා උන්හ. ගංසබාවක මැම්බර කමක් දරා නැති ගෝඨාට තමන් කරන්ට ඕනෑ මොනවාද නොකරන්නට ඕනෑ මොනවා ද, තුනෙන් දෙකේ බලය යනු කුමක් ද, පාර්ලිමේන්තුව කුමක් ද ආදී වූ දේවල් ගැන වැටහීමක් තිබුණේ නැත. ලක්ෂ 69ක් ඡන්දය දී ගෙනා ගෝඨාට අවුරුදු දෙකක් රට පාලනය කරන්නට ලැබුණේ නැත. රටේ මිනිස්සුම ඔහුට ගහලා පැන්නුවේය. ගහලා පන්නන්ට ඕනෑ ගෝඨාට නොව ඒ අහිංසකයා බලහත්කාරයෙන්  රැගෙන විත් ජනාධිපති පුටුවේ තැබූ මිනිස්සුන්ටය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොළඹ මල් පාත්ති හදා ලස්සන කළ ගෝඨාට එය සිදුසුකමක් කර රට පාලනය කරන්නට දුන්නා සේ ඇඟේ හයියෙන් ක්‍රිකට් ගහන වනිඳුවාට   කණ්ඩායම   පරිපාලනය සදහා  කණ්ඩායම් නායක කම දුන්නේය. දැන් වනිඳුට සිදුවී ඇත්තේත් ගෝඨාට සිදුවන දේය. නායක කමින් ඉවත් කළේ නැතිනම් රටෙන් ගුටිකන්නට සිදුවන අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උද්ගත වී ඇත්තේය. හැබැයි ගෝඨාගේ තත්ත්වයට වඩා වනිඳුවාගේ තත්ත්වය සංකීර්ණ බව පෙනෙන්නේය. ගෝඨාව ජනාධිපති කලේ අපිය. නමුත් වනිඳුවාව නායකයා කළේ අප නොව උපුල් තරංග ගේ තේරීම් කමිටුවය.

මේ තේරීම් කමිටුව පත් කරන්නේ ක්‍රීඩා ඇමතිය. ක්‍රීඩා ඇමතිට නම් ටික යෝජනා කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය ය. ක්‍රිකට් පාලක මණ්ඩලය ට ඒ නම් එන්නේ පාලක මණ්ඩලයේ සාමාජික ක්‍රීඩා සමාජවලිනි. නමුත් මේ පාර ටිකක් වෙනස්ය. ක්ලබ්වලින් නම් ගත්තේ නැත. නම් එව්නේ ක්‍රිකට් බෝඩ් එකෙනි. ඒ ක්‍රිකට් බෝඩ් එකට නම් ඉදිරිපත් කර ඇත්තේ ඇමතිගේ ගයෙක් ලෙස ප්‍රකට මේ වනවිට ක්‍රිකට් උපදේශකයෙක් වී සිටිනා අපේ ලෙජන්ඩ් කෙනෙකි. ඒ 10 දෙනාගෙන් උපුල් තරංග ප්‍රමුඛ පස් දෙනා තෝරන්නේ ඇමතිය. ඇමති තේරීම් කමිටුව  තෝරන්නේ ලෙජන්ඩ් ගේ බහට අවනතය.

ක්‍රිකට් තේරීම යනු වෙනත් විෂයයකි. ඒ සම්බන්ධව තිබිය යුතු වන්නේ වෙනම පරිචයකි. හැදෑරිය යුතු මානව කුසලතා තක්සේරුව පිළිබඳ විද්‍යාවකි. ඒ පරිචය ක්‍රිකට් ගැසූ පලියට එන්නේ නැත. එන්.සී.සි. එකේ පාඩුවේ ක්‍රිකට් ගසමින් සිටි උපුල් තරංගයා බෙල්ලෙන් අල්ලාගෙන විත් ඌට තේරීම් කමිටු සභාපති කම දී ඌ ආශ්චර්යයක් කරන බව අපට ඒත්තු ගැන්වීමට පහුගිය දවස්වල නැටූ නැටුම අප බලා සිටියේ උපේක්ෂාවෙනි. දැන් නටපු නැටුමකුත් නැත. බෙරේ පලුත් සමග උපුල් තරංග ගේත් ඒ තේරීම් කමිටුවේත් රෙදි ලෙෆ්ට්ය. වනිඳුවා හම ගහන්නට පෙර හම ගැසිය යුත්තේ තේරුම් කමිටුවය. ඒ තේරුම් කමිටුව පත් කළ වගකීම දරන ඇමතියා ය. මෙන්න මෙතන දී අපට වගකීම පැවරේ. තමන්ගේ වගකීමේ සීමාව නොදැන රට ඉදිරියේ අයිආර්සී කාරයෙක් සේ හැසරෙමින් ගේම ඉල්ලන වනිඳුවාගේ කැටකරියේ වාචාල ගොබ්බයන් ඇමතිකම් දැරීමට පාර්ලිමේන්තුවට යැව්වේ අපය.

අප හැමදාම හාර්ට් සර්ජරි සඳහා   වෑල්ඩින් බාස්ලා තෝරාගත් ජාතියකි.  ජාතියක් ලෙස කෙළවුන විට හෝ ඒ ඇත්ත අප තේරුම් ගත්තේ නැත.

ක්‍රිකට් සම්බන්ධවනම්  අපට එතැනින් නවතින්නට සිද්ද වන්නේය. මොකද මේ සියල්ලටම මුල් වන ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධව අපට වගකීමක් නැති නිසාය. එහි මජර පැවැත්ම තහවුරු කළේ අපේ ජනවරම නියෝජනය නොකර ව්‍යවස්ථාමය හුටපටයකින් ගෝඨාගේ ටෙම්පරිය අදින්නට පත් වුන ජනාධිපතිවරයා මුල්වී නිසාය.

සම්මත රාමුව අනුව මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත් වන්නේ එහි මහා සභා රැස්වීමකිනි. මේ මහා සභාවට ක්‍රීඩා සංගම් 147ක් ඇතුළත්ය. එහිදී පාලක මණ්ඩලය තේරීමට දිස්ත්‍රික් සංගම් පාලාත් සංගම් ඇතුළු පාලක ක්‍රීඩා සමාජවලට ඡන්ද දෙකක් හිමිය. අනුබද්ධිත ක්‍රීඩා සමාජවලට ඇත්තේ එක් ඡන්දයකි.

මේ ක්‍රීඩා සමාජ බහුතරයක ප්‍රධානීන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් පඩි ගන්නේය. වඩාත් සරලව කියනවා නම් උන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු කණ්ඩායම විසින් මිලට ගත් කුලී ලබන වහලුන්ය. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කරන්නට ගිය විට ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ලයේ සභාපතිගේ ඉල්ලීම මත ශ්‍රි ලංකා ක්‍රිකට් අයි.සී.සී වාරණයකට ලක් වුනේය. 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය රටට අහිමි විය. හිටපු ක්‍රීඩා ඇමතිට ක්‍රිකට් දූෂණ හෙළි කළ පාර්ලිමේන්තු විවාදය නිමවන විට  කැබිනට් ඇමතිකම අහිමි කළ ටෙම්පරි ජනාධිපති හෙවත් මිස්ටර් ක්ලීන් නීලකාස හොරු රැලක් සමග හිටගත්තේය.

ඒ ගමන්ම ඒ  ජනාධිපති ක්‍රිකට් ක්‍රීඩාව ගැන හොයන්නට කැබිනට් අනු කමිටුවක් පත් කළේය. එහි සභාපති විදේශ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රිය. අලි සබ්රි අප බංගලියන්ගෙන් ගුටි කෑ පෙරේදා (08) උදේම එක්ස් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු කීවේ ICC ලෝක කුසලාන 2023 සහ ICC T20 හි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් හුදකලා සිදුවීම් නොවන බවය. ඒවා අපගේ ක්‍රිකට් යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු පිළිබඳ පැහැදිලි දර්ශක බවය.

මේ ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය වන්නේ තාවකාලික විසඳුම් නොව, අපගේ ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් ක්‍රීඩාව නිදහස් කරන පූර්ණ ප්‍රතිසංස්කරණයක් සහිත නිර්භීත, වෘත්තීය ප්‍රවේශයක් යැයි ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලු සොයා බැලීම සඳහා පත් කළ   කැබිනට් අනු කමිටු සභාපතිවරයා ලෙස තමන්ට සහතික කර ප්‍රකාශ කළ හැකි ආකාරය ඇමති වරයා එම එක්ස් පණිවිඩයෙන් අවධාරණය කළේය.

ඔය කතාව කියන්නට ගිය හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ දැන් තමන්ගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන සැනසිල්ලේ ගෙදරය. අලි සබ්රි ඇමතිවරයාට කියන්නට ඇත්තේ මේ රටේ මිනිස්සු සිදුවෙමින් ඇති ක්‍රිකට් අපරාධ ගැන උවමනාවටත් වඩා දැනුවත් බවය. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිවරයාට බලන්නට ඔහු වෙත යොමු කළ යුතු ට්විටර් පණිවිඩ අපට යොමු කිරීම තේරුමක් නැති බවය.

ඇමරිකාවේ සංචාරයක් ගිය සංචාරක කණ්ඩායමට වැස්සට තෙමී උණ හෙම්බිරිස්සාවක් හදාගන්නේ නැතිව රටට ගෙන්වා ගන්නට ඇතිනම් දැනට ඒ ඇතිය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිරාගිය සියඹලා ගසක් පාසල් වෑන් රියකට කඩා වැටේ… පාසල් සිසුන් 03ක් ගුරුවරු 02ක් ඇතුළු 06ක් රොහලේ…

Next Post

මෝදිගේ දිවුරුමට පෙර සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.