ලෝක කුසලාන ගරතාවලියේ දී ශ්‍රී ලංකාව තරග වදින අවසන් තරගය වූ ශ්‍රී ලංකා එංගලන්ත තරගය අද (05) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වේ.
මේ වනවිට ශ්‍රී ලංකාව සිටින්නේ තරගාවලියෙන් විසිවී ගොස්ය. අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා වූ අවසන් බලාපොරොත්තුව ඊයේ ඕසට්‍රේලියානු කණ්ඩායම විසින් ඇෆ්ගනිස්ථානය පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. නවසීලන්ත කණ්ඩායම ද ඉතා පහසුවෙන් අයර්ලන්තය පැරදවීය.







