බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලාන ගැන හිතන්නවත් එපා… අභිමානය වෙනුවෙන් තරග වදින්න…

by editor
නොවැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තව ස්වල්ප වෙලාවකින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැන්කඩේ ක්‍රීඩාගංනයේ දී තරග වදින්නේය.  තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය.  නායක කුසල් මෙන්ඩිස්  පන්දු රැකීම තෝරා ඇත්තේය. මැද පෙළ අගට දැමීමෙන් පසු දිගින් දිගටම අසාාර්ථක වූ  ධනංජය ද සිල්වා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවා ඇත. ඉන්දියාව අවසන් තරගයට ක්‍රීඩා කළ සංචිතතයෙන්ම තරග වැදීමට සූදානම්ය.

ඉන්දියා ශ්‍රී ලංකා තරගය වෙනස්ය.  පසෙකින් ගහන ගහන හැම තරගයක්ම දිනා ගත්  ඉන්දියාවය. අනෙක් පසින් තවමත් තමන්ගේ  කණ්ඩායමේ 11 දෙනා සහිත කණ්ඩායම පිළිබඳ විශ්වාසයක් නැති ඇෆ්ගනිස්ථානයටත් පැරදුන ශ්‍රී ලංකාවය.

අවසාන වතාවට ශ්‍රී ලංකාවට ඉන්දියානු කණ්ඩායම හමුවූයේ ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ය. ඒ සැප්තැම්බර් 17 වැනිදාය. අපි ඕවර 15.2 ක් තුළ ලකුණු 50ට දැවී ගියේය.  ඉන්දියාව පන්දු ඕවර 6.1කින් ලකුණු 51ක් ගසා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10කින් පරාජය කළේය.

ඉතිහාසයේ ආසියානු කුසලාන අවසන් මහා තරගයක් ඒ තරම් කුජීත ලෙස ඉවර වූයේ නැත. ඒ අල්ලා පොළොවේ ගැසූ ගැසිල්ලට බිඳි ගිය ශ්‍රී ලංකා කන්ඩායමේ තුනටිය තවමත් පණ නැත.  ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරග දෙකමත් ඇෆ්ගනිස්ථානය හමුවෙත් ශ්‍රී ලංකා කණ්ඩායම පැරදී ඇත්තේ වාර්තා සහිතවය.

දැන් ලෝක කුසලාන අවසන් මහා තරගයට තරග වැදීම සදහා අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථා ගැන සිහින දැකිය යුතු නැත. අප ඉන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි තැනය.  ඉන්දියාවට පමණක් පැරදුන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුනු සටහනේ පළමු තැනය. අපරාජිත ඉන්දියාව දෙවැනි තැනය.   ඔස්ට්‍රේලියාව තුන්වන තැනය. නවසීලන්තය සිවු වන තැනය. අප හත්වැනි තැනට වැටී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දැන් අපට ඇත්තේ ලෝක කුසලානය ගැනිමට කල්පනා කිරීම නොව ඉන්දියානු තරගය ජයග්‍රහණය කර විලි ලජ්ජාව බේරා ගැනීමට කල්පනා කිරීමය. එය කළ හැකි නමුත් කිසිසේත්ම පහසු කාරණාවක් නොවේ.

ශ්‍රි ලංකා කණඩායම සහ ඉන්දියා කණ්ඩායම මින් පෙර වැන්කඩේ ක්‍රීඩාංගනයේ දි හමුවුනේය. ඒ වර්ෂ 2011 දී ය.  ඔබට මතක ඇතැයි සිතමු. ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ය. අවුරුදු 12කට පසු අපි යලි වැන්කඩේ ක්‍රීඩාංගනයේ දි හමුවන විට දේවල් බොහෝ සෙයින් වෙනස්ය.

මෙම තරගාවලියේ දි  ඉන්දියාවට  පළමු තරග දෙකේදී ශුබ්මන් ගිල් අහිමි විය.  අවසන් තරග දෙකේදී හර්දික් පාණ්ඩ්‍යා අහිමි විය. එහෙත්   ඔවුන් මෙතෙක් සහභාගි වූ තරග හයම ජයගෙන ඇ.ත්වෙ.

අද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පරාජය කළහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ඉන්දියාවය.

සුදුසුකම් ලැබීමේ තරග හරහා  මෙවර ලෝක කුසලානයට පිවිසි ශ්‍රී ලංකාව තවමත් ජීවතුන් අතර රැඳී සිටීම සඳහා කරන අනුකම්පා සහගත පොරයකය. ඔවුන් තරග 6 කදී ලකුණු 4 ක් පමණක් ලබා ඇති අතර ඇෆ්ගනිස්තානය හමුවේත් අන්ත  පරාජයට පත් වූයේය. මේ තරගාවලියෙන් ඉවතට විසි විම සඳහා ශ්‍රී ලංකාව ඇත්තේ  තවත් එක්  පරාජය  දුරය.

තුවාල ලැබූ හර්දික්ට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන   තරග අහිමි වීමට නියමිතයි අවසන් පූර්ව තරගයේ   ලීග් තරගයට පෙර නැවත පැමිණීමට ඉඩක් නැති හර්දික් නොමැතිව ඉන්දියාව ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා පිලටද     නායක දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්ව ඇත. ඔහු නොමැති අවස්ථාවක කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා ගත්තද නායකත්වය කුසල්ගේ පිතිකරණයට බලපා ඇති ආකාරය ජාත්‍යාන්තර විචාරකයන්ගේත් අවධානයට ලක් වී තිබේ.  ශානක නායකයා ලෙස කටයුතු කරන විට පළමු තරග දෙකේදී මෙන්ඩිස් ලකුණු 198ක් ලබා ගත්තේ 166.38ක ප්‍රහාරක වේගයකිනි. එතැන් සිට ඔහුට ඉනිම හතරකදී 76.08 පහර වේගයක් යටතේ ලබා ගත හැකි වූයේ ලකුණු 70ක් පමණි.

මේ තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් එක්ක වන්නේය. මක්නිසාද යත් අවසන් පූර්ව වටයේ ස්ථානය පමණක් නොව ශ්‍රි ලංකාවේ  2025 චැම්පියන්ස් කුසලාන සුදුසුකම් ද  මේ වනවිට අවදානමට ලක්ව ඇති බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම

1 පැතුම් නිශ්ශංක, 2 දිමුත් කරුණාරත්න, 3 කුසල් මෙන්ඩිස් (නායක, කඩුලු රකින ක්‍රිඩක), 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ඇන්ජලෝ මැතිව්ස්, 7 දුෂාන් හේමන්ත, 8 මහේෂ් තීක්ෂණ, 9 කසුන් රාජිත, 10 දුෂ්මන්ත චමීර , 10 ඩිල්ෂාන් මධුශංක

ඉන්දීය කණ්ඩායම

1 රෝහිත් ෂර්මා (නායක), 2 ශුබ්මන් ගිල්, 3 විරාත් කෝලි, 4 ශ්‍රෙයාස් අයියර්, 5 කේ.එල් රාහුල් (කඩුළු රකින ක්‍රීඩක)  6 සූර්යකුමාර් යාදව්, 7 රවීන්ද්‍ර ජඩේජා, 8 මොහොමඩ් ෂාමි, 9 ජස්පිට් බුම්රා 10 කුල්දීප් යාදේව් 11  මෙහොමඩ් ෂිරාජ්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුදල් විශුද්ධිකරණ චෝදනා සහිත ගවර්ස් කෝපරේට් නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්

Next Post

රටට ඩොලර් එවූ ශ්‍රී ලාංකිකයින් ගෙන්වූ වාහන රඳවාගත් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට  සිද්ධ වෙච්චි දේ!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.