හිස් වූ ප්‍රේක්ෂකාගාර සහිතව පැවැත් වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති තරගයේ ජයග්‍රහණය අද (05) නවසීලන්තය විසින් වාර්තා කළේය.

එය විශිෂ්ට ජයග්‍රහණයක් විය. ඔවුන් ජය ගත්තේ කඩුළු 09කිනි. 283ක ඉලක්කයක් හඹා යෑමේ දී දැවී ගියේ එක් කඩුල්ලක් පමණි.
කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. තරගාවලිය ආරම්භ කරමින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුළු 09ක් දැවී ලකුණු 282ක් රැස් කළේය. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 77ක් ලැබුවේය .
නවසීලන්තයේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 283කි.
මේ තරගයත් ඉන්දියානු තණතීරු ගැන ඉතාම පැහැදිලි විවරණයක් කළේය. පන්දුවට පහරදීම සඳහා සකස් වූ මේ තණතීරුවල ජයග්‍රහණයක් පිළිබඳ තරගකාරී අදහසක් ලබා ගැනීම සඳහාවත් ලකුණු 300 ඉක්මවූ ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු විය.
ඒ අනුව 283ක් යනු අපට ලොකු ලකුණක් සේ හැඟුනත් එය මේ තරගාවලියේ දී මේ තණතිරුවල දී පුංචිය. ඉලක්කය හඹාගිය නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.
විශේෂත්වය වන්නේ එක් අන්තයකින් පිතිකරණය ආරම්භ කළ විල් යන්ග් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවි යෑමය. ඒ වනවිට ලකුණු පුවරුව ලකුණු 10කි.

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවොන් කොන්වේ ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ර ලකුණු 123ක් රැස් කළේය. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා නොදැවුන ලකුණු 273ක සම්බන්ධයක් ගොඩනැගූහ.
ලෝක කුසලාන තරගාවලික ශතකයක් වාර්තා කළ නවසීලන්තයේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස රචින් රවින්ද්‍ර වාර්තා අතරට එක් විය.
රචින්ට අවුරුදු 23කි.