fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයෙන් නිග්‍රහයට පත් ජනපති රාජ්‍ය තාන්ත්‍රිකයින්ට  නිල නොවන අප්‍රසාදය පල කරයි…

සති 3ක් ago
in පුවත්
719 8
0
Share on FacebookShare on Twitter
  • ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට අත්පත් කරගත හැකි ද?. සමාජ මාධ්‍යවල ඇති දේ දකිමින් ප්‍රකාශ නිකුත් කර රට ව්‍යසනයකට ඇද නොදමන්න… ජනපති අවධාරණය කරයි…

ඊයේ සවස කොළඹ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ජනාධිපති කාර්යාලයට ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංශ    ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය එළිපෙහෙළි කිරීමට ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය නිල නොවන කනස්සල්ල පල කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට සිදු කළ හමුදා මෙහෙයුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළ බවත්  ඉදිරියේ දී   ප්‍රකාශ නිකුත් කරන විට  කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බලධාරීන් සමඟ සම්බන්ධවන ලෙසත්  රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා  සිට ඇත.

පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති වික්‍රමසිංහ   සිය රටවල ජනාධිපති කාර්යාලය නීති විරෝධී ලෙස විරෝධතාකරුවන්ට අත්පත් කරගත    හැකි දැයි සැහැල්ලූ ස්වරයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුගෙන් විමසා ඇත.

ඔහු ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, සමාජ මාධ්‍යවල ඇති දේ  ගැන පමණක් පදනම් නොවනක ලෙසය. ඕනෑම දෙයක් විමසා   පැහැදිලි කරගැනීමට හැකි බවය.

හමුදා ක්‍රියාන්විතය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළ ජනාධිපති වික්‍රමසිංහ, අධිකරණ නියෝගයක් නොතකා විරෝධතාකරුවන් දිගින් දිගටම එම ප්‍රදේශය අල්ලාගෙන සිටින බවත් ඔවුන් දිගින් දිගටම නීති විරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත් දන්වා ඇත.

ඊයේ පෙරවරු 6 වන විට විරෝධතාකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා තිබූ නමුත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර විකල්ප වේලාවක් ලබා දුන් බවත් එය බලධාරීන් විසින් පිළි නොගත් බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මිත්‍ර ජාතීන්ගෙන් සහය අවශ්‍යව ඇති අවස්ථාවක, සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන කරන ප්‍රකාශවලින් පමණක් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ නිලධාරීන් සමඟ පරීක්ෂා කර බලන ලෙස ද ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

(ඩේලි මිරර්)

මේ දැක්වෙන්නේ අරගලකරුවන් සහ පොලිසිය අතර ප්‍රහාාරයට පෙර ඇති වුණ සංවාදයයි….

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අද සවස සිට සියලුම පාසල් ප්‍රවාහන රථවලට ඉන්ධන ලංගම ඩිපෝ මගින්…

Next Post

ඉන්දියාව සෞඛ්‍ය සංචාරයට දොරටු විවෘත කරයි

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist