බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයම තිගැස්සූ ප්‍රංශ කෞතුකාගාර කොල්ලයේ සොරාගත් භාණ්ඩ ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනය කරයි…

by editor
ඔක්තෝබර් 20, 2025
in පුවත්
Louvre-Museum

ඉයුජිනි අධිරාජ්‍යයාගේ ඔටුන්න (ඉහළ දකුණේ) ඇතුළුව සොරකම් කරන ලද අයිතම දෙකක් පසුව කෞතුකාගාරය අසලින් සොයා ගන්නා ලදී

Share on FacebookShare on Twitter

පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් අසාමාන්‍ය ලෙස කොල්ල  කෑ කෞතුක භාණ්ඩ අතර ආභරණ 19 වැනි සියවසේ ප්‍රංශ ඉතිහාසය රූපණය කරන කවුළුවක් වසා දැමීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විමර්ශකයින් අපරාධකරුවන් සොයන තියුණු මෙහෙයුමකය. මේ වනවිට දෙවැනි දිනයටත් ලූවර් කෞතුකාගාරය වසා දමා ඇත.  , ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශයට අනුව, සොරකම් කරන ලද භාණ්ඩ මෙසේය. :

  • Iවන නැපෝලියන්ගේ දෙවන බිරිඳ වන මාරි-ලුයිස් අධිරාජිනියගේ එමරල්ඩ් මාලය
  • මාරි-ලුයිස් අධිරාජිනිය විසින් පැළඳ සිටින එමරල්ඩ් කරාබු
  • IIIවන නැපෝලියන්ගේ බිරිඳ වන ඉයුජිනි අධිරාජිනිය විසින් පැළඳ සිටි ඔටුන්න
  • ඉයුජිනි අධිරාජිනියගේ බෲච් එක ( හාරිච්චිය )
  • 1830-1848 ප්‍රංශයේ රැජින වූ මාරි-ඇමලි රැජින සහ හෝර්ටෙන්ස් රැජින විසින් පැළඳ සිටි ඔටුන්න
  • මාරි-ඇමලි රැජින සහ හෝර්ටෙන්ස් රැජින විසින් පැළඳ සිටින නිල් මැණික් මාලය
  • රෙලිකුවරි බෲච් ලෙස හැඳින්වෙන හාරිච්චිය.
පැරිසියේ ලූවර් හි ඉයුජිනි අධිරාජ්‍යයාගේ හිස් පළඳනාව

කයේ වැඩිම දෙනෙක් නරඹන කෞතුකාගාරය වන්නේ  පැරිසියේ ලූවර් කෞතුකාගාරය ය. මෙම කෞතුකාගාරය බිඳින්නේ මහ දවාලේය. කෞතුකාගාරය අමුත්තන්ට විවෘත කර ටික වේලාවකින් අනතුරුව, එනම් දේශීය වේලාවෙන් උදෑස 9.30-9.40 අතර විනාඩි 07ක කාලයක් තුළ මෙම කොල්ල කෑම සිදුකර තිබිණි.

ඔවුහු ඉහත ඉතාම වටිනා ආභරණ අට රැගෙන ස්කූටර්වලින් පලා ගොස් තිබිණි. සියලුම සී.සී.ටී.වී දර්ශන අධ්‍යයනය කරමින් ප්‍රංශ පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබේ.

හොරුන් කෞතුකාගාරයට ඇතුළු වී තිබුණේ  සේන් ගඟට ආසන්න බැල්කනියකිනි. බැල්කනියට ප්‍රවේශ වීමට මෙම සොරුන් හතර දෙනාවාහනයක සවිකර ඇති යාන්ත්‍රික සෝපානයක් භාවිතා කර තිබුණහ. සොරුන් දෙදෙනෙක් බැටරි බලයෙන් ක්‍රියාත්මකවන වීදුරු කපනයකින් වීදුරු කපා ඉවත් කර කෞතුකාගාරය වෙත ඇතුළු වී තිබිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉන්පසු ඔවුන් ආරක්ෂකයින්ට තර්ජනය කර එම ආරක්ෂකයින්  පරිශ්‍රයෙන්  ඉවත් කර, වීදුරු ප්‍රදර්ශන කුටි දෙකක තිබූ භාණ්ඩ  සන්සුන් ලෙස සොරකම් කරනු දර්ශනවල දක්නට ඇතැයි බීබීසි ය කියයි.

මෙය ප්‍රංශයට “ඉතා වේදනාකාරී” සිදුවීමක් බව ප්‍රංශ සෙනෙට් සභාවේ මූල්‍ය කමිටුවේ සාමාජිකාවක් වන නටාලි ගුලට් පැවසුවාය.

“අපි හැමෝම කලකිරීමට හා කෝපයට පත්ව සිටිමු,” ඇය පැවසුවාය, “එය එතරම් පහසුවෙන් සිදු වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට අපහසුය.” ගුලට් කීවාය.

ගූලට් බීබීසීයට පැවසුවේ ගැලරියේ ස්ථානගත කළ අනතුරු ඇඟවීමේ සංඥා මෑතකදී කැඩී ගොස් ඇති බවය.   “එලාම් අක්‍රිය කර ඇත්දැයි දැන ගැනීමට අපට විමර්ශනය සඳහා බලා සිටීමට සිදුවනවා”. ඇය කීවාය.

එහෙත් ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍යාංශය පැවසුවේ කෞතුකාගාරයේ පුළුල් අනතුරු ඇඟවීම් නාද වූ බවත් කාර්ය මණ්ඩලය ආරක්ෂක හමුදා සම්බන්ධ කර ගනිමින් සහ අමුත්තන් ආරක්ෂා කිරීමෙන් ප්‍රොටෝකෝලය අනුගමනය කළ බවත්ය.

සංස්කෘතික අමාත්‍ය රචීඩා දාටි ප්‍රංශ ප්‍රවෘත්ති ආයතනයක් වන TF1 වෙත පවසා තිබුණේ  සොරකමේ දර්ශනවල මුහුණු ආවරණ පැළඳගත් කොල්ලකරුවන් “සන්සුන්ව” ඇතුළු වී ආභරණ අඩංගු ප්‍රදර්ශන පෙට්ටි කඩා දමන ආකාරය පෙන්නුම් කළ බවයි. සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු නොවීය.

මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශකයින් 60 ක් පමණ කටයුතු කරමින් සිටිති  නඩු පවරන්නන් විශ්වාස කරන්නේ මෙම කොල්ලකරුවන් අපරාධ සංවිධානයක නියෝග මත ක්‍රියාත්මක වී ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටියේ වැලි මාෆියාවට තිත තබන බවට රජය සහතික වෙයි…

Next Post

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.