සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව ප්‍රමුඛ ගුවන් සමාගම් කීපයක් මත්තලට ගුවන් ගමන් අරඹන්න සූදානම් වෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්‍රමුඛපෙලේ ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද ඇමතිවරයා විශ්වාසය පල කරයි.

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ පසුගිය වසරක කාලය තුල අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා සංචාරකයන් 2919ක් මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇතැයි ද මත්තල ගුවන්තොටුපල වාර්තා සඳහන් කරයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කෙරුණේ 2013 මාර්තු 18 වන දිනයි. එම වසරේදී ‍ගුවන් මගී මෙහෙයුම් 36,137ක් සිදුකෙරුනු අතර ගුවන්යානා මෙහෙයුම් 1520ක් සිදුකෙරිණි. 2014 වසරේදී ගුවන් මගී මෙහෙයුම් 40,386ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල සිදුව තිබේ.

එම වසර තුලදී සිදු කෙරුනු ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 2924කි. 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අඩාල කෙරුනු අතර එහි වී ගබඩා කිරීමට ද යහපාලන රජය කටයුතු කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

යහපාලන කාල සීමාව තුල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමක් සිදුනොවූ අතර එය අකර්මණ්‍ය කිරීම සඳහා එම රජය කටයුතු කල බව ඔහු පෙන්වා දෙයි.

2020 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු එම ගුවන්තොටුපල “ විදේශීය සංචාරක ගමනාන්තයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කලේය.

ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්තොටුපල ගාස්තු නිදහස් කෙරිණ.

ඊට අමතරව ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගුවන්සේවා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගෙන ඒම සඳහා පියවර ගත් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ස්කයිඅප්, ගලිවර්, උස්බෙකිස්ථාන ගුවන්සේවය, කටාර්, එයා(ර්) ඒෂියා, මාලදිවයින් ගුවන්සේවය, සලාම් එයා(ර්) වැනි ජාත්‍යන්තර ගුවන්සේවා මත්තලට සිය ගුවන්ගමන් සිදුකරනු ලබයි.

මීට අමතරව මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට ද රජය සිය විශේෂ අවධානය යොමුකර තිබේ. ඒ අනුව ප්‍රධාන කාණ්ඩය තීරු බදු රහිත වෙළදසැල් දෙකක්, තේ අලෙවිසැලක්, ගෘහ විදුලි උපකරණ වෙළඳසැල් දෙකක් , සංචාරක ‍සේවා කවුළුක්, ජංගම දුරකථන සන්නිවේදන කවුළු හා බැංකු කවුන්ටර් ස්ථාපිත කර ඇත. ඉදිරියේදී ගුවන් මෙහෙයුම් වැඩි වීමත් සමග එහි පහසුකම් තවදුරටත් පුළුල් කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනාවට ඉන්දියාවෙන් විශ්මිත එන්නතක්

Next Post

වන්දිභට්ටයන්ගෙන් දැන්වත් ඇත්වෙන්නැයි ආචාර්ය හර්ෂ ජනපතිගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.