බීජිං ඔත්තුකරුවන් විසින් සිය අරමුණු ඉටු කරගැනීමට ලොව ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින් භාවිතා කරන ලින්ක්ඩ් ඉන් ඉතා සූක්ෂමව යොදා ගන්නා බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව බීජිං හී ඔත්තුකරුවන් විසින් එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ සහ බ්‍රෙක්සිට් පක්ෂයේ ප්‍රකාශකයෙකු වන ග්වේන් ටවුලර් වෙතදට ලින්ක්ඩ් ඉන් යොදාගෙන සමීප වීමට උත්සහ කර ඇත. එහිදී ටවුලර් පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ හොංකොං වෙත ගිය අවස්ථාවක යුරෝ මුදල් විශාල ප්‍රමාණයක් නෝට්ටු ලෙස ලබාදී ඇති බවද ටවුලර් සඳහන් කරයි.
ටවුලර් ප්‍රකාශ කරන ආකාරයට තමන්ගේ ලින්ක්ඩ් ඉන් ගිණුමට ලැබුණු පණිවුඩ මගින් තමන් හට හොංකොං හී ව්‍යාපාරික උපදේශණ වැඩසටහනකට පැමිණෙන ලෙසට ආරාධනය කර තිබූ බවත් එම පණිවුඩ සඳහා පිළිතුරු දීමෙන් පසුව තමන් එම උගුලට හසුවූ බවත හෙතෙම පවසා තිබේ.
2018 දී ඔහු සමඟ ලින්ක්ඩ් ඉන් ඔස්සේ සම්බන්ධතා පැවති පිරිස විසින් තෝරාගත් හොංකොං හී හෝටලයකට පැමිණි තිබේ. ඉන්ස්ටග්‍රෑම් හරහා රහස්‍ය ලේඛන හුවමාරු කර ගැනීම සඳහා ඔහුගේ චීන හසුරුවන්නන් විසින් අදාල ඇප් භාගත කර තිබූ සහිත ජංගම දුරකථනයක් ලබා දුන් බවද ඔහු පැවසීය.
ඉන් පසුව අදාල දුරකථනය මගින් ගන්නා සෑම ඡායාරූපයක්ම චීන ඔත්තු සේවා වෙතට යොමු වෙන ලෙසට දුරකථනය සකස් වී තිබූ බවත ටවුලර් පැවසීය.
චීන, රුසියානු සහ ඉරාන ඔත්තුකරුවන් සියලු දෙනාම මයික්‍රොසොෆ්ට් සතු ලින්ක්ඩ් ඉන් භාවිතා කරමින් විභව බුද්ධි නියෝජිතයන් බඳවා ගැනීමට උත්සාහ කර ඇති බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.