සංචාරක දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ජම්මු හා කාශ්මීරයේ දේශසීමා ප්‍රදේශවල නව සංවර්ධන ගමනාන්ත 75ක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයන්ගේ ජනතාව දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියි.
370 ව්‍යවස්ථාව අවලංගු කිරීමට ඉන්දීය රජය කටයුතු කිරීමෙන් පසුව ජම්මු හා කාශ්මීරයේ ප්‍රගතිය හා පරිවර්තනය සඳහා ගත් දැවැන්ත පියවරක් ලෙසින් සංවර්ධන ගමනාන්ත වෙන් කිරීමට තීරණය කර ඇත.
“2021 පෙබරවාරි මාසයේ ලබා ගත් ඓතිහාසික තීන්දුවෙන් පසුව ඉන්දියාව හා පාකිස්ථානය පාලන රේඛාවේ සිදුවෙන නිරන්තර වෙඩි හුවමාරු නැවැත්වීමේ පොදු එකඟතාවයකට පැමිණියා.. මේ වෙද්දී යූරි දේශසීමාවේ බරාමුල්ල නගරයේ මනරම් නිම්න හා තණබීම් සේම, කෙරන්, තන්ග්ඩාර් හා ටිටාල් දේශසීමා ප්‍රදේශවල කුප්වාරා දිස්ත්‍රික්කය හා බන්ඩිපොර් දිස්ත්‍රිකකයේ ගුරේස් යන ප්‍රදේශ කැපී පෙනෙන පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා..” නිළධාරියෙකු ‘එල්වයි’ වෙබ් අඩවිය හා පවසා තිබේ.
මෙම පරිවර්තනයන් සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමට හේතු වන බවත්, එම ප්‍රදේශවල වැසියන්ගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමට එමඟින් අවස්ථාව සැලසෙන බවත් එම නිළධාරියා වැඩිදුරටත් පවසා ඇත.