ලිට්රෝ සමාගම විසින් වෙළෙඳපොලට වංචනික ලෙස හඳුන්වා දුන් බවට පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ වුණු ලීටර 18ක ප්‍රිමියම් ගෑස් සිලින්රයේ මිල රුපියල් 1150ක් දක්වා අඩු කිරීමට ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි තීරණය වී ඇත.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ යෝජනා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. කෙසේ වුවද මේ සම්බන්ධ නිල දැනුම් දීම මෙතෙක් පාරිභෝගික අධිකාරිය වෙත ලැබී නොමැති අතර ගැසට් නිවේදනයෙන් පසුව නව මිල ක්‍රියාත්මක වීමට නියමිතය.
ලිට්රෝ සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතියකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5 බර ගෑස් සිලින්ඩරයට අමතරව කිලෝග්‍රෑම් 9.7ක් බර නව ප්‍රිමියම් ගෑස් සිල්න්ඩරයක් හදුන්වා දුන් අතර එය සුපුරුදු සිලින්ඩරයේම බහා වෙළෙඳපොළට නිකුත් කළේය.
එය පාරිභෝගිකයා රවටන ගෑස් වැඩි මිලට අලෙවි කිරීමේ කූට උපායක් ලෙස දැඩි විවේචනයට ලක් වූ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද ලිට්රෝ සමාගම එය වංචනික ලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් පාරිභෝගික අධිකාරියට ඊට එරෙහිව නඩු පවරන බවත් ප්‍රකාශ කළේය.